Ad Space - leaderboard (728x90)

"ගෙදර දොරවල් ඇතුළෙන් වහලා... එකම පවුලේ 11 දෙනෙක් ඇස් කන් ගැටගහගෙන වහලයේ එල්ලිලා! - ලෝකයම බියෙන් සලිත කළ දිල්ලි නුවර 'බුර...

🔪 සැබෑ අපරාධ2025 ඉල් 284 min read
"ගෙදර දොරවල් ඇතුළෙන් වහලා... එකම පවුලේ 11 දෙනෙක් ඇස් කන් ගැටගහගෙන වහලයේ එල්ලිලා! - ලෝකයම බියෙන් සලිත කළ දිල්ලි නුවර 'බුර...

"ගෙදර දොරවල් ඇතුළෙන් වහලා... එකම පවුලේ 11 දෙනෙක් ඇස් කන් ගැටගහගෙන වහලයේ එල්ලිලා! - ලෝකයම බියෙන් සලිත කළ දිල්ලි නුවර 'බුරාරි මරණ' වල ඇත්ත කතාව ( පළමු කොටස)" 🚪🚫

2018 ජූලි 1 වැනිදා උදෑසන. ඉන්දියාවේ දිල්ලි නුවර බුරාරි ප්‍රදේශයේ හරිම නිහඬයි. එදා උදේ වෙනදා වගේ නෙවෙයි, අමුතු මූසල පාළුවක් ඒ පැත්තේ තිබුණා. උදේ පාන්දර 6ට අරින්න ඕන 'චුන්දාවත්' පවුලේ කඩේ, එදා 7 වෙද්දීත් වහලා තිබුණා. කිරි බෙදන මනුස්සයා ඇවිත් ගේට්ටුවට තට්ටු කළා. කිසිම සද්දයක් නෑ. ඔහු නිකමට ගේට්ටුව තල්ලු කළා... පුදුමයි! ගේට්ටුව ඇරිලා. ගෙදර ප්‍රධාන දොරත් නිකම්ම හේත්තු කරලා විතරයි. ඔහු "කවුරුත් නැද්ද?" කියාගෙන ගේ ඇතුළට ගියා.

හැබැයි ඔහු ගේ ඇතුළට ගිය වේගෙට වඩා වේගෙන් එළියට දිව්වේ, උගුර ලේ රහ වෙනකම් කෑ ගහගෙනයි. "දෙවියනේ... එයාලා ඔක්කොම එල්ලිලා!"

මොකක්ද එතන වුණේ? ඔහු දැකපු දර්ශනය ඕනෑම මනුස්සයෙක්ගේ ලේ නහර සීතල කරන, ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැති එකක්.

නිවසේ සාලයේ වහලයේ සවි කර තිබුණු යකඩ ග්‍රිල් එකක... එකම පවුලේ පරම්පරා තුනකට අයත් සාමාජිකයන් 10 දෙනෙක්, හරියටම එක සමාන පරතරයක් තියාගෙන, එකිනෙකාට මුහුණ ලා සිටින විදියට රවුමට එල්ලී මියගොස් සිටියා. ඔවුන්ගේ කකුල් පොළොවේ ගෑවී නොගෑවී තිබුණේ.

කවුද මේ එල්ලිලා හිටියේ? එතැන හිටියා අවුරුදු 50 පැනපු වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් (සවිතා සහ ටීනා). තරුණ වයසේ පිරිමි ළමයින් දෙදෙනෙක් (දුෂ්යන්ත් - 25 සහ ශිවම් - 15). ඒ විතරක් නෙවෙයි, වයස අවුරුදු 15ක් වුණු 'ධෘව්' (Dhruv) වගේ අහිංසක පාසල් දරුවනුත් ඒ අතර හිටියා. අම්මලා, තාත්තලා, ලේලිලා සහ මුණුපුරන්... මුළු පවුලම එකම වෙලාවක, එකම විදියට එල්ලිලා.

ඔවුන් නිකම්ම එල්ලිලා නෙවෙයි. ඒ දර්ශනය දැක්කම ඕනම කෙනෙක්ට හිතෙන්නේ මේක සාමාන්‍ය මරණයක් නෙවෙයි කියලා. හැමෝගෙම ඇස් රෙදි පටිවලින් තද කරලා බැඳලා. කටවල් වලට ප්ලාස්ටර් ගහලා. කන් ඇසෙන්නේ නැති වෙන්න පුළුන් ඔබලා. අත් දෙකම පස්සට කරලා තදින් බැඳලා.

හරියටම මහ විසාල නුග ගසක (Banyan Tree) මුල් එල්ලෙන්නා වගේ අමුතුම රටාවකට තමයි මේ 10 දෙනාම එල්ලිලා හිටියේ. වයස අවුරුදු 77ක් වුණු 'නාරායණී දේවි' කියන වයසක ආච්චි අම්මා විතරක්, ඇයට එල්ලෙන්න බැරි නිසාදෝ වෙනම කාමරේක ඇඳ ළඟ බිම මැරිලා හිටියා. ඇයවත් මරලා තිබුණේ බෙල්ල හිර කරලා.

මුළු පළාතම එතැනට පිරුණා. පොලීසිය ආවා. දැඩි හිතක් තියෙන, අපරාධ දැකලා පුරුදු පොලිස් නිලධාරීන්ට පවා මේක දරාගන්න බැරි වුණා. සමහරුන්ට වමනේ ගියා. මුළු ගෙදරම තිබුණේ අමුතුම මූසල පාළුවක්. එකම සද්දේ වුණේ ගෙදර හිටපු බල්ලාගේ බිරුම විතරයි. ඌව වහල උඩ ගැටගහලා තිබුණේ. ඌ උඩ ඉඳන් මේ එල්ලිලා ඉන්න මළ සිරුරු දිහා බලාගෙන නොනවත්වාම බුරමින් හිටියා. ඌ මොනවා දකින්න ඇද්ද?

පොලීසිය මුලින්ම හිතුවේ මේක සැලසුම් සහගත සමූහ මිනීමැරුමක් (Mass Murder) කියලා. කවුරුහරි පවුලම මරලා, එල්ලලා, දොර වහලා යන්න ඇති. නමුත් පරීක්ෂණ කරද්දී මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අවුල් වුණා. සාක්ෂි එකක්වත් ගැලපුනේ නෑ.

මේක හොරකමක් නෙවෙයි, මොකද ගෙදර තිබුණු රත්තරන් බඩු, සල්ලි කෝටි ගාණක් එහෙමම තිබුණා. කාන්තාවන්ගේ ඇඟේ තිබුණු රත්තරන් මාල, වළලු පවා එහෙමම තිබුණා. හොරෙක් ආවා නම් ඒවා ඉතුරු වෙයිද?

ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් මරන්න හදද්දී මනුස්සයෙක් දඟලනවා. ඒත් මේ කාගේවත් ඇඟේ පොරබදපු (Struggle) තුවාලයක් නෑ. අඩුම තරමේ නියපොතු පාරක්වත් නෑ. පොඩි ළමයි පවා කැමැත්තෙන් ස්ටූල් උඩට නැගලා, තමන්ගේ බෙල්ලට තොණ්ඩුව දාගෙන එල්ලිලා වගේ.

පුදුම හිතෙනම දේ තමයි පිටතින් කෙනෙකුට එන්න බැරි විදියට ජනෙල් සහ අනෙක් දොරවල් සියල්ල ඇතුළෙන් වසා තිබුණත්, ප්‍රධාන දොර අගුළු දමා නොතිබීම , එය නිකන් හේත්තු කරලා තිබුනා. සීසීටීවී වලත් පේන්නේ පවුලේ අය විතරයි.

එහෙනම් මේක සියදිවි නසාගැනීමක්ද? (Mass Suicide?)

Ad Space - in-article (300x250)

සාමාන්‍යයෙන් කෙනෙක් සියදිවි නසා ගන්නේ ජීවිතේ එපා වුණාම. නමුත් මේ ගෙදර ඊළඟ සතියේ ලොකු වෙඩින් එකක් ලෑස්ති කරලා තිබුණේ. ගෙදර ලේලි කෙනෙක් (Priyanka) දවස් දෙකකට කලින් අලුතෙන් රස්සාවකට යන්න ගිවිසුම් අත්සන් කළා. එදා රෑට ඔවුන් කාලා තිබුණේ පිටින් රොටි ගෙනල්ලා. කවුද මැරෙන්න කලින් රොටි ඕඩර් කරන්නේ? කවුද මැරෙන්න සතියකට කලින් මංගල උත්සවයක් ප්ලෑන් කරන්නේ? ඔවුන්ට මැරෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.

මේ අභිරහස විසඳගන්න බැරුව මුළු ඉන්දියාවම පිස්සු වැටිලා ඉද්දී... දවස් කිහිපයකට පස්සේ පොලීසියට ගෙදර තිබිලා හමුවුණු අමුතුම දෙයක් නිසා මුළු කතාවම කණපිට පෙරළුණා.

ගෙදර පූජා කාමරේ තිබිලා අතින් ලියපු "ඩයරි පොත් 11ක්" (Diaries) හමු වුණා. මේවා අලුත් ඒවා නෙවෙයි, අවුරුදු 11ක් තිස්සේ (2007 ඉඳන්) දිනපතා ලියපු ඒවා.

ඒ ඩයරි වල අන්තිම පිටුවේ, සිද්ධිය වුණු දවසට කලින් දවසේ ලියලා තිබුණේ කාටවත් හිතාගන්න බැරි, ඇඟ හිරිවැටෙන කතාවක්.

"අහස දෙදරයි, පොළොව හෙලවෙයි... නමුත් බය වෙන්න එපා. අන්තිම මොහොතේ 'තාත්තා' ඇවිත් අපිව බේරගන්නවා. අපිට තව බලයක් ලැබෙනවා. අපි මැරෙන්නේ නෑ, අපි අලුත් වෙනවා." ඔවුන් කියන මේ මියගිය 'තාත්තා' කවුද? (මේ ගෙදර සීයා මීට අවුරුදු 10කට කලින් මැරිලා). අවුරුදු 10කට කලින් මැරුණු තාත්තා කොහොමද එන්නේ?

ඒ වගේම, මේ ගෙදර බිත්තියෙන් එළියට ඇවිත් තිබුණු, කාටවත් තේරුම් ගන්න බැරි අද්භූත "බට 11" (11 Pipes) වල රහස මොකක්ද? ගෙදර මැරුණේ 11 දෙනයි. බිත්තියේ බට තිබුණේ 11යි. මේක අහම්බයක් වෙන්න පුළුවන්ද?

(මුළු ලෝකයම මවිත කළ, විද්‍යාවටත් හිතාගන්න බැරි ඒ ඩයරි පොත්වල තිබුණු බිහිසුණු ඇත්ත හෙට )

👇 ඔබ මොකද හිතන්නේ? මේක කළු මායාවක්ද (Black Magic)?

( දෙවන කොටස කියවන්න - https://www.facebook.com/share/p/1BDd3oyJSb/?mibextid=wwXIfr)

නැත්නම් වෙන දෙයක්ද? දැනගන්න කැමති අය 'Next' කියලා Comment කරන්න.

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

"ගෙදර දොරවල් ඇතුළෙන් වහලා... එකම පවුලේ 11 දෙනෙක් ඇස් කන් ගැටගහගෙන වහලයේ එල්ලිලා! - ලෝකයම බියෙන් සලිත කළ දිල්ලි නුවර 'බුර... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න