නිවසට මීටර් 700ක දුරක් ඇතුළත අතුරුදහන් වූ ජිම්නාස්ටික් ශූරිය සහ මිනීමරුවා සොයා මුළු ගම්මානයකම ලේ පරීක්ෂා කළ "DNA දඩයම"! ...

නිවසට මීටර් 700ක දුරක් ඇතුළත අතුරුදහන් වූ ජිම්නාස්ටික් ශූරිය සහ මිනීමරුවා සොයා මුළු ගම්මානයකම ලේ පරීක්ෂා කළ "DNA දඩයම"! 🇮🇹🧬🩸
ඉතාලියේ බ්‍රෙම්බේට් ඩි සොප්රා (Brembate di Sopra) කියන්නේ හරිම සාමකාමී, කඳුකර අසිරියෙන් පිරුණු කුඩා ගම්මානයක්. හැමෝම හැමෝවම අඳුරන, අපරාධයක් ගැන හිතන්නවත් බැරි මේ ගමේ නිහැඬියාව බිඳ වැටුණේ 2010 නොවැම්බර් 26 වැනිදා සිකුරාදා සවසයි. එදින සවස ඉතාම සීතලයි. වයස අවුරුදු 13ක් වූ, දක්ෂ රිද්මයානුකූල ජිම්නාස්ටික් (Rhythmic Gymnast) ක්‍රීඩිකාවක් වූ "යාරා ගැම්බිරාසියෝ" සුපුරුදු පරිදි පුහුණුවීම් සඳහා ක්‍රීඩා මධ්‍යස්ථානයට ගියාය. ඇය හැමදාම වගේ හරිම සතුටින් හිටියේ. සවස 6.40ට පමණ පුහුණුවීම් අවසන් කළ ඇය, ගෙදර යාමට පිටත් වුණා. ක්‍රීඩා මධ්‍යස්ථානයේ සිට ඇගේ නිවසට තිබුණේ මීටර් 700ක වගේ බොහොම කෙටි දුරක්. විනාඩි 10කින් පයින් යන්න පුළුවන් ඒ දුර, ඇගේ ජීවිතයේ අවසන් ගමන වෙයි කියලා කවුරුවත් හිතුවේ නෑ.
සවස 7.00 වෙනකොටත් යාරා ගෙදර ආවේ නැති නිසා අම්මා ඇයට කෝල් එකක් ගත්තා. ෆෝන් එක වැඩ කළේ නෑ. කෙලින්ම ගියේ වොයිස් මේල් (Voicemail) එකට. දෙමාපියන් කලබල වුණා. තාත්තා ක්‍රීඩා මධ්‍යස්ථානයට දිව්වා. නමුත් කවුරුත් යාරා දැකලා තිබුණේ නෑ. ඇය ඒ කෙටි දුර ඇතුළත වාෂ්ප වුණා වගේ අතුරුදහන් වෙලා. එදා රෑ මුළු ගමම එකතු වෙලා පන්දම් පත්තු කරගෙන, නම් කියා කෑගසමින් යාරාව හෙව්වා. පොලිසිය, හමුදාව, විශේෂ පුහුණු බල්ලන් දහස් ගණනක් යෙදෙව්වා. නමුත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් ගත වුණා. යාරා ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ. ඒ අහිංසක දෙමාපියන්ගේ ඇස් වල කඳුළු වේලුනේ නෑ.
හරියටම මාස 3කට පස්සේ, එනම් 2011 පෙබරවාරි 26 වෙනිදා, යාරා අතුරුදහන් වූ තැනට කිලෝමීටර් 10ක් ඈතින් තිබූ පාළු පිට්ටනියක (Chignolo d'Isola) තිබී ඇගේ සිරුර හමුවුණා. ඒක දැකපු පොලිස් නිලධාරීන් පවා කම්පා වුණා. ඇය ඇඳගෙන හිටපු ජිම්නාස්ටික් ඇඳුම් පිටින්මයි හිටියේ. ඇගේ සිරුරේ පිහියකින් කපපු තුවාල සලකුණු කීපයක් තිබුණා, නමුත් ඒ එකක්වත් මාරාන්තික ඒවා නෙවෙයි. වෛද්‍ය වාර්තාවෙන් හෙළි වුණේ හදවත කීරි ගැහෙන ඇත්තක්. යාරා මියගිහින් තිබුණේ තුවාල නිසා නෙවෙයි, තුවාල වෙලා වැටුණට පස්සේ එදා රෑ තිබුණ දරුණු සීතලට (Hypothermia) හසුවෙලා. ඒ කියන්නේ ඇය වැටුණු තැනින් නැගිටගන්න බැරුව, සීතලේ ගැහි ගැහි, උදව් ඉල්ලලා කෑගහලා වේදනාකාරී මරණයක් උරුම කරගෙන තිබුණා.
දැන් මුළු ඉතාලියටම ඕන වුණේ එකම දෙයයි. කවුද මේ අපරාධය කළේ?
යාරාගේ සිරුර පරීක්ෂා කරපු අධිකරණ වෛද්‍යවරුන්ට ඉතාම වටිනා සාක්ෂියක් හම්බුණා. ඇගේ යට ඇඳුමේ (Leggings and underwear) තිබිලා නාඳුනන පිරිමියෙකුගේ DNA සාම්පලයක් හමුවුණා. ලේ වලින් හමුවුණ මේ DNA එක අයිති කෙනා තමයි මිනීමරුවා බව පොලිසිය තීරණය කළා. ඔවුන් ඔහුට කෝඩ් නමක් දුන්නා. ඒ තමයි "Ignoto 1" (Unknown 1 - නාඳුනන අංක 1).
නමුත් ප්‍රශ්නය වුණේ, මේ DNA එක පොලිසියේ දත්ත ගබඩාවේ හිටපු කිසිම අපරාධකරුවෙක්ට මැච් වුණේ නෑ. එහෙනම් කොහොමද මූව හොයන්නේ?
මෙතනදි තමයි මේ කතාවේ වීරවරිය, රජයේ නීතිඥවරිය (Prosecutor) "ලෙටිසියා රුගෙරි" (Letizia Ruggeri) පෙරට එන්නේ. ඇය තීරණය කළා ලෝක ඉතිහාසයේ කරපු ලොකුම විද්‍යාත්මක මෙහෙයුම කරන්න. ඇය කිව්වා "අපි මේ මුළු ප්‍රදේශයේම ඉන්න පිරිමින්ගේ DNA චෙක් කරනවා" කියලා. මේක පිස්සු වැඩක් කියලා හැමෝම කිව්වා. ඒත් ඇය නැවැත්තුවේ නෑ. ඇය සාමාන්‍ය මිනිස්සු, ඩ්‍රයිවර්ලා, ක්ලබ් යන අය ඇතුළු පුද්ගලයින් 22,000කගේ DNA සාම්පල එකතු කළා.
වසර ගණනාවක් මේ පරීක්ෂණය ගියා. අන්තිමට ඒකේ ප්‍රතිඵලයක් ආවා. "ඩමියානෝ ගුරිනෝනි" කියන පුද්ගලයාගේ DNA එක, අර මිනීමරුවාගේ DNA එකට ගොඩක් සමාන වුණා. හැබැයි පොඩි අවුලක් තිබුණා. ඩමියානෝ කියන්නේ මිනීමරුවා නෙවෙයි, මිනීමරුවාගේ ඥාතියෙක්. විද්‍යාඥයෝ දිගටම හෙව්වා. අන්තිමට ඔවුන් හොයාගත්තා "ජුසේප්පේ ගුරිනෝනි" (Giuseppe Guerinoni) කියන බස් ඩ්‍රයිවර් කෙනෙක්ව. පරීක්ෂණ වලදී තහවුරු වුණා මේ ජුසේප්පේ තමයි මිනීමරුවාගේ තාත්තා කියලා!
නමුත් ලොකුම ප්‍රශ්නය ආවේ එතනදි. ජුසේප්පේ 1999 දී මැරිලා!
මැරුණු කෙනෙක් කොහොමද 2010 දී මිනීමැරුමක් කරන්නේ?
එතකොට විද්‍යාඥයෝ කිව්වා, "නෑ... ජුසේප්පේ නෙවෙයි මිනීමරුවා... මිනීමරුවා වෙන්නේ ජුසේප්පේගේ පුතෙක්."
පොලිසිය ජුසේප්පේගේ නීත්‍යානුකූල දරුවන්ව චෙක් කළා. ඒ කාගෙවත් DNA මැච් වුණේ නෑ. එහෙනම් මේ "Ignoto 1" කවුද?
එතකොට තමයි අවුරුදු ගාණක් වැළලිලා තිබුණ පවුල් රහසක් එළියට ආවේ. පොලිසිය සැක කළා ජුසේප්පේට හොර රහසේ දරුවෙක් (Illegitimate child) ඉන්න ඇති කියලා. ඔවුන් ජුසේප්පේගේ පරණ යාළුවන්ගෙන්, බස් එකේ ගිය අයගෙන් ප්‍රශ්න කළා. අන්තිමට දැනගන්න ලැබුණා මීට අවුරුදු 40කට කලින් ජුසේප්පේට සම්බන්ධයක් තිබුණා "එස්ටර් අර්සුෆි" (Ester Arzuffi) කියන කාන්තාවක් එක්ක.
දැන් පොලිසිය ගියේ එස්ටර්ව හොයාගෙන. පුදුම වැඩේ කියන්නේ එස්ටර් ඒ වෙනකොට විවාහ වෙලා, දරුවෝ හදලා හොඳ පවුල් ජීවිතයක් ගත කළා. ඇය තරයේම කිව්වා "මට ජුසේප්පේ එක්ක කිසිම සම්බන්ධයක් නෑ, මගේ දරුවෝ මගේ මහත්තයගේ" කියලා.
නමුත් විද්‍යාව බොරු කරන්නේ නෑ. මෙයාගෙ පුතෙක් හිටියා මැසිමෝ බොසෙට්ටි කියලා.
පොලිසියට ඕන වුණේ කොහොම හරි බොසෙට්ටිගේ DNA සාම්පලයක් ගන්න. ඒකට ඔවුන් ගැහුවේ මාස්ටර් ප්ලෑන් එකක්. පාරේ බොරු මාර්ග බාධකයක් (Fake Roadblock) දාලා, 'බීමත්ද කියලා බලනවා' (Breathalyzer test) කියලා බොරු කරලා, ඔවුන් රහසෙම එයාගේ ඛේටය සාම්පලයක් ගත්තා. ඒක පරීක්ෂා කරද්දි විද්‍යාඥයින්ගේ ඇස් උඩ ගියා.
බින්ගෝ!
ඇගේ පුතා, "මැසිමෝ බොසෙට්ටි" (Massimo Bossetti) ගේ DNA එක, යාරාගේ ඇඳුමේ තිබුණ DNA එකට 100%ක් ගැලපුණා!
මේ මැසිමෝ කියන්නේ සාමාන්‍ය මේසන් බාස් කෙනෙක් (Construction worker). එයාටත් දරුවෝ තුන් දෙනෙක් හිටියා. එයා යාරා අතුරුදහන් වුණ ප්‍රදේශයේම ජීවත් වුණ කෙනෙක්.
සාක්ෂි තහවුරු කරගත්තට පස්සේ, 2014 ජූනි මාසයේදී පොලිසිය මෙහෙයුම ක්‍රියාත්මක කළා. එදා බොසෙට්ටි හිටියේ ඉදිකිරීම් භූමියක (Construction Site) වැඩ කරමින්. පොලිසිය හදිසියේම එතනට කඩා පනිද්දී, කලබල වුණ බොසෙට්ටි පැනලා යන්න උත්සාහ කළත්, පොලිස් නිලධාරීන් ඔහුව බිම දාගෙන අත්අඩංගුවට ගත්තා.
උසාවියේදී හෙළි වුණේ හරිම අද්භූත කතාවක්. බොසෙට්ටිගේ අම්මා (එස්ටර්) අවුරුදු 40ක් තිස්සේ තමන්ගේ සැමියාටත්, දරුවාටත් බොරු කියලා තිබුණා තාත්තා කවුද කියලා. බොසෙට්ටි දැනගෙන හිටියේ නෑ එයාගේ ඇත්ත තාත්තා අර මැරුණු බස් ඩ්‍රයිවර් කියලා. මේ මිනීමැරුම නිසා තමයි ඒ පවුලේ රහස එළියට ආවේ.
බොසෙට්ටි දිගින් දිගටම කිව්වේ "මම නිර්දෝෂියි, මගේ DNA කොහොම එතනට ගියාද කියලා මම දන්නේ නෑ" කියලා. නමුත් විද්‍යාත්මක සාක්ෂි බිඳින්න බැරි වුණා. සීසීටීවී (CCTV) දර්ශන වලත් එදා රෑ බොසෙට්ටිගේ වෑන් එක ජිම් එක ඉස්සරහ කැරකෙනවා පෙනුනා. ජංගම දුරකථන වාර්තාත් ඒක තහවුරු කළා. අවසානයේදී අධිකරණය තීරණය කළා යාරාගේ මිනීමරුවා ඔහු බව. ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.
ඇයි බොසෙට්ටි යාරාව මැරුවේ? ඒක අදටත් 100%ක් නොවිසඳුණු අභිරහසක්. මොකද ඔහු කවදාවත් වරද පිළිගත්තේ නෑ. නමුත් උසාවිය විශ්වාස කළේ මෙය ලිංගික අතවරයක් කිරීමට ගත් උත්සාහයක් වැරදුණු තැනක් කියලයි. යාරාගේ යට ඇඳුම් කපා දමා තිබීම ඊට සාක්ෂි දැරුවා. ඇය බේරෙන්න දඟලද්දි බියට පත්වුණු ඔහු, ඇයට පිහියෙන් ඇනලා සිහිසුන්ව ඉද්දිම ඒ සීතල පිට්ටනියේ දාලා යන්න ඇති. ඇය මිය ගියේ තුවාල නිසා නෙවෙයි, එදා රෑ තිබුණ දරුණු සීතලට හසුවෙලා. නඩුවේදී බොසෙට්ටි කොච්චර 'නෑ' කිව්වත්, යාරාගේ යට ඇඳුමේ තිබිලා හම්බුනු ලේ පැල්ලම ඔහුගේ DNA එක්ක 99.99% ක්ම ගැළපුණා. ඒ වගේම එදා රෑ එයාගේ ෆෝන් එකත්, වෑන් එකත් ඒ හරියේ තිබුණ බව තාක්ෂණයෙන් ඔප්පු වුණා. සරලවම කිව්වොත්, හේතුව හරියටම නොකිව්වට, මැරුවේ 'මූ තමයි' කියලා විද්‍යාවෙන් ඇණලා කියපු නිසයි ඔහුට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබුණේ.
යාරා ගැම්බිරාසියෝ... අවුරුදු 13ක පුංචි කෙල්ලෙක්. ඇය ජීවත් වුණේ අවුරුදු 13යි. නමුත් ඇගේ මරණය නිසා ඉතාලියේ විද්‍යාත්මක පරීක්ෂණ ඉතිහාසය අලුතින් ලියවුණා. පුද්ගලයින් 22,000කගේ DNA පරීක්ෂා කරලා, වළ දමා තිබූ මිනී ගොඩගෙන, දශක ගණනක් පැරණි අනියම් සම්බන්ධතා එළියට ඇදලා ගත්ත මේ විමර්ශනය, ලෝකයේ දරුණුතම සහ සාර්ථකම DNA දඩයමක් (Manhunt) විදියට ඉතිහාසගත වුණා. අපරාධකරුවෙක්ට හිතන්නවත් බැරි තරම් දුරකට විද්‍යාව දියුණු වෙලා තියෙන බව මේ සිද්ධිය මුළු ලෝකෙටම පෙන්නුවා.
යාරා අදටත් බ්‍රෙම්බේට් ගම්මානයේ සුර දූතයෙක් වගේ සැතපී ඉන්නවා. ඇය වෙනුවෙන් යුක්තිය ඉටු වුණේ මුළු ගමක්ම තමන්ගේ ලේ (DNA) පූජා කරපු නිසා.
තාක්ෂණය සහ විද්‍යාව නැත්නම් අදටත් යාරාගේ මිනීමරුවා නිදැල්ලේ. ලංකාවේ විසඳගන්න බැරි වුණ අපරාධ වලටත් මේ වගේ DNA තාක්ෂණය පාවිච්චි කරන්න බැරි ඇයි? ඔයාලට මොකද හිතෙන්නේ?.
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#YaraGambirasio #TrueCrime #DNA #Science #Mystery #Italy #MassimoBossetti #JusticeForYara #NokeeKatha

ආශ්‍රිත කතා
🔪 සැබෑ අපරාධ▶ Video🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...
🔪 සැබෑ අපරාධ🚴♀️ සහෝදරයෙක්ගේ පිස්සු වැඩකින් විසඳුණු ලෝකයේ අමුතුම අභිරහස! 🤯
🚴♀️ සහෝදරයෙක්ගේ පිස්සු වැඩකින් විසඳුණු ලෝකයේ අමුතුම අභිරහස! 🤯 1995 අවුරුද්ද කියන්නේ ලෝකයේ තාක්ෂණය අද තරම්ම දියුණු නැති කාලයක්. ඒ කාලයේ නෙදර්ලන්තයේ අයින්ඩ්හෝවන් (Eindhoven) කියන්නේ හරිම නිස්කලංක වගේ...
🔪 සැබෑ අපරාධ🎬 සිහින පුරවරයේ අඳුරුතම කතාව: ලෝකයම හෙල්ලූ 'බ්ලැක් ඩැලියා' අභිරහස 🥀
🎬 සිහින පුරවරයේ අඳුරුතම කතාව: ලෝකයම හෙල්ලූ 'බ්ලැක් ඩැලියා' අභිරහස 🥀 1940 දශකය කියන්නේ ඇමරිකාවේ හොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය යුගයයි. ඒ කාලයේ ලොස් ඇන්ජලීස් නගරය හරියට සිහින සැබෑ කරන මායාකාරී ලෝකයක් වගේ. ...
🔪 සැබෑ අපරාධ▶ Videoජීවිත 269ක් බේරගන්න දින 17ක් තිබුණා! 💔 ඔබ මේ ඇත්ත දන්නවාද?
ජීවිත 269ක් බේරගන්න දින 17ක් තිබුණා! 💔 ඔබ මේ ඇත්ත දන්නවාද? 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඔබ නොදකින සැබෑ කාලරාමුව සහ ඊට පසුබිම් වූ සැඟවුණු කතාව. පැහැදිලි බුද්ධි තොරතුරු තිබියදීත් බලධාරීන් මේ මහා විනාශය ...
🔪 සැබෑ අපරාධ▶ Videoමිනිස් වෙස් ගත්තු යක්ෂයෝ! 😱 ලෝක ඉතිහාසයේ බිහිවුණු දරුණුම සහ භයානකම මිනීමරුවෝ 10 දෙනා. මේකෙන් ඔයාගේ ඇඟම හිරිවැටුණේ කාගේ ...
මිනිස් වෙස් ගත්තු යක්ෂයෝ! 😱 ලෝක ඉතිහාසයේ බිහිවුණු දරුණුම සහ භයානකම මිනීමරුවෝ 10 දෙනා. මේකෙන් ඔයාගේ ඇඟම හිරිවැටුණේ කාගේ කතාව ඇහුවමද? අනිත් අයටත් බලන්න අනිවාර්යයෙන්ම Share කරන්න! 👇
🔪 සැබෑ අපරාධ🏦 ලංකාවේ NDB සිද්ධිය වගේම, හැබැයි ඊට වඩා දාහක් ගුණයකින් දරුණු ඉන්දියාවේ මහා බැංකු වංචාව! 🤯💸
🏦 ලංකාවේ NDB සිද්ධිය වගේම, හැබැයි ඊට වඩා දාහක් ගුණයකින් දරුණු ඉන්දියාවේ මහා බැංකු වංචාව! 🤯💸 ලෝකයේ ප්‍රසිද්ධම රතු පලස මත ඇවිදින හොලිවුඩ් සහ බොලිවුඩ් නිළියන්ගේ ගෙල හැඩ කළේ ඔහු නිපදවූ දියමන්ති මාල වලි...