Ad Space - leaderboard (728x90)

හිම මතින් නිවස දෙසට ආ පා සලකුණු... ආපසු ගියේ නැත! හින්ටකයිෆෙක් ගොවිපොළේ අබිරහස (සත්‍ය කතා )👣❄️🏚️ (හොල්මන් යැයි සිතූ, න...

🔪 සැබෑ අපරාධ2025 උඳුවප් 55 min read
හිම මතින් නිවස දෙසට ආ පා සලකුණු... ආපසු ගියේ නැත! හින්ටකයිෆෙක් ගොවිපොළේ අබිරහස (සත්‍ය කතා )👣❄️🏚️ (හොල්මන් යැයි සිතූ, න...

හිම මතින් නිවස දෙසට ආ පා සලකුණු... ආපසු ගියේ නැත! හින්ටකයිෆෙක් ගොවිපොළේ අබිරහස (සත්‍ය කතා )👣❄️🏚️ (හොල්මන් යැයි සිතූ, නමුත් ඊට වඩා භයානක යමක් සැඟවී තිබූ නිවස - කොටස් 01)

වර්ෂය 1922. ජර්මනියේ මියුනික් නුවරට සැතපුම් 40ක් පමණ ඈතින්, ඝන කැලෑවක් මායිමේ හුදකලාව පිහිටි පැරණි ගොවිපොළක් විය. නමින් එය "හින්ටකයිෆෙක්" (Hinterkaifeck) නම් විය. වටපිටාවේ කිසිදු අසල්වැසියෙකු නොමැති, ශීත කාලයට මීදුමෙන් සහ හිමෙන් වැසී යන මේ පාළු නිවස දෙස බලන ඕනෑම කෙනෙකුට ඇතිවන්නේ අමුතුම බියකි. මෙහි ජීවත් වූයේ 6 දෙනෙක්ගෙන් යුත් ගෲබර් පවුලයි. දැඩි ගතිගුණ ඇති 63 හැවිරිදි ගෙහිමියා ඇන්ඩ්‍රියාස් ගෲබර්, ඔහුගේ බිරිඳ සසීලියා, වැන්දඹු දියණිය වික්ටෝරියා සහ ඇගේ දරුවන් දෙදෙනා (7 හැවිරිදි සිසීලියා සහ 2 හැවිරිදි ජෝසප්) මෙහි වාසය කළහ. පිටතින් බලන විට මෙය සාමාන්‍ය ගොවි පවුලක් මෙන් පෙනුනද, මේ නිවස තුළ අඳුරු රහසක් සැඟවී ඇති බවට මුලින්ම ඉඟි පළ කළේ වසර ගණනාවක් එහි සේවය කළ මෙහෙකාරියයි.

දිනක් ඇය හදිසියේම බඩු අකුලාගෙන නිවසින් පලා යාමට සූදානම් වූවාය. ඇය බියෙන් වෙව්ලමින් කියා සිටියේ, "මේ ගෙදර තවදුරටත් මට ඉන්න බෑ... මෙහෙ හොල්මන් තියෙනවා. රෑට කවුරුත් නැති උඩු මහලෙන් (Attic) අමුතු අඩි සද්ද ඇහෙනවා. හරියට කවුරු හරි මං දිහා බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. මේ ගෙදරට මොකක් හරි ආත්මයක් අරක්ගෙන තියෙනවා" කියාය. ගෙහිමියා වූ ඇන්ඩ්‍රියාස් මේ කතාව ගණන් ගත්තේ නැත. "ඕවා ගැහැණුන්ගේ බය" යැයි කියමින් ඔහු ඇයට සිනාසුණේය. ඇය ගෙදරින් පැන ගියේ නැවත කිසි දිනෙක මේ පළාතටවත් නොඑන බවට දිවුරමිනි.

නමුත් ඇය ගොස් දින කිහිපයක් ගත වෙද්දී, ඇන්ඩ්‍රියාස් ට තේරුම් ගියා ඇය කී කතාවේ යම් සත්‍යයක් ඇති බව. හැබැයි ඒ හොල්මන් ගැන නෙවෙයි. ඊට වඩා භයානක යමක් ගැන. එදා දවස පුරාම දැඩි හිම කුණාටුවක් පැවතුණි. පසුදා උදෑසන අවදි වූ ඇන්ඩ්‍රියාස් ගේ දොර විවෘත කරද්දී දුටු දසුනෙන් ඔහුගේ ලේ වතුර විය. නිවස පිටුපස ඇති ඝන වනාන්තරයේ සිට, අලුත වැටුණු හිම මත දිගු පා සලකුණු (Footprints) පේළියක් වැටී තිබුණි. එය මිනිසෙකුගේ පා සලකුණු ය. එම පා සලකුණු කෙලින්ම වනාන්තරයේ සිට නිවස දෙසට පැමිණ, නිවසේ ජනෙල් අසලට සහ දොරකඩට පැමිණ නතර වී තිබුණි. නමුත් ප්‍රශ්නය එය නොවේ... ඇන්ඩ්‍රියාස් වටපිටාව පුරාම සෝදිසි කළත්, නිවස දෙසට පැමිණි පා සලකුණු මිස, ආපසු ගිය පා සලකුණු කොතැනකවත් තිබුණේ නැත. එයින් කියවුණේ එකම එක දෙයකි. ඊයේ රාත්‍රියේ වනාන්තරයෙන් පැමිණි ඒ අද්භූත පුද්ගලයා තවමත් ඉන්නේ නිවස ඇතුළේ ද? නැතිනම් වහලය උඩ ද?

භීතියට පත් ඇන්ඩ්‍රියාස් තුවක්කුවද අතැතිව මුළු නිවසම පරීක්ෂා කළේය. පිදුරු මඩුව, අායුධ ගබඩාව, අඳුරු අහුමුලු පවා පීරුවද කිසිවෙකු සොයාගත නොහැකි විය. නමුත් එදා පටන් ගෲබර් පවුලේ සාමය සදහටම නැති විය. රාත්‍රියට වහලය උඩින් "බූම්... බූම්..." ලෙස අඩි තබන හඬවල් ඇසෙන්නට විය. උඩු මහලේ තිබූ බඩු මුට්ටු තැන් මාරු වී ඇති බව පෙනෙන්නට තිබුණි. දිනක් ඇන්ඩ්‍රියාස්ගේ නිවසේ යතුරු කැරැල්ල (House keys) අද්භූත ලෙස අතුරුදහන් විය. කොතෙක් හෙව්වද එය හමු වූයේ නැත. දිනක් උදෑසන දොර අරින විට, මියුනික් නුවර පළවන පුවත්පතක් දොරකඩ තබා තිබුණි. පුදුමය නම්, ඒ ප්‍රදේශයේ කිසිවෙක් එම පුවත්පත මිලදී ගන්නේ නැත. තැපැල්කරු එය දැමුවේද නැත. එසේනම් ඒ පුවත්පත ගෙනාවේ කවුද?

ගෙදර දොරේ අගුල් වල යමෙක් බලෙන් ඇරීමට උත්සාහ කළාක් මෙන් සීරීම් ලකුණු (Scratches) දක්නට ලැබුණි. දැඩි ගතිගුණ ඇති ඇන්ඩ්‍රියාස් පවා මේ සිදුවීම් හමුවේ බියට පත්ව සිටියේය. ඔහු මේ බව අසල්වැසියන්ට කීවද, පොලිසියට පැමිණිලි කිරීමට අකමැති විය. ඔහු සිතුවේ තමන්ට තනිවම මෙය විසඳාගත හැකි බවයි.

දින දර්ශනයේ දිනය 1922 මාර්තු 31 විය. එදා සවස, කලින් ගිය මෙහෙකාරිය වෙනුවට "මාරියා" (Maria Baumgartner) නම් නව මෙහෙකාරියක් වැඩට පැමිණියාය. ඇය මේ ගෙදරට පය තැබුවේ විශාල බලාපොරොත්තු ඇතිවය. නමුත් ඇය දැන සිටියේ නැත, ඇය පැමිණියේ ඇගේ ජීවිතයේ පළමු සහ අවසාන වැඩ මුරයට බව. එදා සවසින් පසු, ගෲබර් පවුලේ කිසිවෙකු නැවත ගම්වාසීන්ට දකින්නට ලැබුණේ නැත.

දින ගණනාවක් ගත විය. අප්‍රේල් 1 වෙනිදා කිරි වෙළෙන්දා සුපුරුදු පරිදි පැමිණියත්, කිසිවෙක් දොර ඇරියේ නැත. අප්‍රේල් 4 වෙනිදා වන විට තැපැල්කරු ගෙනා ලියුම් ගොඩ ගැසී තිබුණි. පාසල් ගුරුවරිය පැවසුවේ 7 හැවිරිදි සිසීලියා දින ගණනක් පාසල් නොපැමිණි බවයි. මුළු නිවසම මරණීය නිහැඬියාවක ගිලී තිබුණි. ගමේ මිනිසුන්ට මෙය තවදුරටත් බලා සිටිය නොහැකි විය. ලොරෙන්ස් ෂ්ලිටන්බවර් (Lorenz Schlittenbauer) ඇතුළු පිරිමින් කිහිප දෙනෙක් මේ අභිරහස සොයා නිවසට ඇතුළු වීමට තීරණය කළහ.

ඔවුන් නිවසට ළඟා වන විට පරිසරයම අමුතු වී තිබුණි. බල්ලාගේ බිරුම් හඬක්වත් ඇසුණේ නැත. ඔවුන් මුලින්ම ගියේ නිවසට යාබදව තිබූ විශාල පිදුරු මඩුව (Barn) දෙසටය. එහි දොර අඩවල් කර තිබුණි. විදුලි පන්දම් එළියෙන් පිදුරු මඩුව පීරද්දී, එකවරම ඔවුන් දුටු දසුනෙන් කෑ ගැසී පැන්නහ.

Ad Space - in-article (300x250)

පිදුරු ගොඩවල් අස්සේ, එකිනෙකා මත ගොඩ ගසා තිබූ මළ සිරුරු 4ක් ඔවුන්ට හමුවිය. ගෙහිමියා ඇන්ඩ්‍රියාස්, ඔහුගේ බිරිඳ, දියණිය වික්ටෝරියා සහ 7 හැවිරිදි සිසීලියා ලේ විලක් මැද මියගොස් සිටියහ. ඔවුන්ගේ හිස් කබල් වලට තියුණු ආයුධයකින් පහර දී තිබුණි. සමහර සිරුරු පිදුරු වලින් වසා දමා තිබුණි.

මුළු ගමම හෙල්ලුම් කෑවේය. නමුත් භීතිය එතැනින් නතර වූයේ නැත. පිදුරු මඩුවේ සිටියේ 4 දෙනෙක් පමණි. ගෙදර 6 දෙනෙක් සිටියා නොවේද? අලුතෙන් ආපු මෙහෙකාරිය කෝ? සියල්ලටම වඩා වැදගත් ප්‍රශ්නය... අවුරුදු 2ක පුංචි ජෝසප් බබා කෝ?

ගම්වාසීන් වෙව්ලන දෙපා වාරුවෙන්, අඳුරු වූ නිවස තුළට ඇතුළු වූයේ ඉතිරි දෙදෙනා සොයාගැනීමටය. ඔවුන් නොදැන සිටි දෙය නම්, පිදුරු මඩුවේ මළ සිරුරු දිරාපත් වෙද්දී, පසුගිය දින කිහිපය පුරාම ඒ මිනීමරුවා තවමත් මේ නිවස තුළම ජීවත් වී ඇති බවයි.

අවුරුදු 2ක බබාට සිදු වූයේ කුමක්ද? මිනීමරුවා මළ සිරුරු සමඟ දවස් ගණනක් එකට ජීවත් වෙමින්, කෑම උයමින් කළේ කුමක්ද? පොලිසිය සොයාගත් රහස් උමඟ.

දෙවැනි කොටසේ ලින්ක් එක කොමන්ට් සෙක්ශන් එකේ.

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#Hinterkaifeck #TrueCrime #Mystery #Horror #GermanHistory #Unsolved #Creepy #NokeeKatha #නොකීකතා #Part01 #LongRea #LongReachExcavator

හිම මතින් නිවස දෙසට ආ පා සලකුණු... ආපසු ගියේ නැත! හින්ටකයිෆෙක් ගොවිපොළේ අබිරහස (සත්‍ය කතා )👣❄️🏚️ (හොල්මන් යැයි සිතූ, න... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න