"අනේ අම්මේ... උගුර රිදෙනවා..." පුංචි මේරි පැන්ඩෝල් පෙත්තක් ඉල්ලුවා... ඒත් ඇය ආයේ කවදාවත් ඇහැරුණේ නෑ! 💊☠️🚫
මුලු ලෝකයේම ඇසුරුම් නීතිය වෙනස් කල ඒ ඓතිහාසික සිදුවීම
අද අපි ෆාමසියෙන් බෙහෙත් බෝතලයක් ගත්තම, එහෙමත් නැත්නම් කඩෙන් වතුර බෝතලයක් ගත්තම ඒකේ මූඩිය වටේට ප්ලාස්ටික් සීල් එකක් (Tamper-proof seal) තියෙනවා නේද? සමහර විට මූඩිය ඇරියම ඇතුලෙන් ෆොයිල් (Foil) කොළයකින් වහලා තියෙනවා නේද? අපි හිතන්නේවත් නැතුව ඒක කඩලා වීසි කරනවා. ඒත් ඔබ දන්නවාද, ඒ පුංචි ආරක්ෂිත ආවරණය එතනට ආවේ අහිංසක දරුවෙක්ගේ ජීවිතය පූජා කරලා කියලා?
කතාව යන්නේ 1982 අවුරුද්දට. ඇමරිකාවේ චිකාගෝ නුවර හිටියා මේරි කෙලර්මන් කියලා අවුරුදු 12ක හරිම ලස්සන දුවෙක්. සැප්තැම්බර් 29 වෙනිදා උදේ පාසල් යන්න ලෑස්ති වෙද්දි මේරිට පොඩි හෙම්බිරිස්සාවක් හැදුණා. "අම්මේ උගුර රිදෙනවා" කිව්වම, අම්මා ගෙදර තිබුණ "Extra-Strength Tylenol" (ලංකාවේ පැනඩෝල් වගේ ජනප්‍රියම වේදනා නාශකය) බෝතලයෙන් එක පෙත්තක් මේරිට දුන්නා. "මේක බීලා ඉස්කෝලේ යන්න දුවේ, හරියයි" කියලා අම්මා කිව්වා. මේරි පෙත්ත බිව්වා. බාත්රූම් එකට ගියා. විනාඩියකට පස්සේ "දඩස්" ගාලා සද්දයක් ඇහුණා. අම්මා දුවගෙන යද්දි මේරි බිම වැටිලා පණ අදිනවා. රෝහලට ගෙනිච්චත් මේරිව බේරගන්න බැරි වුණා. දොස්තරලා හිතුවේ මේක හාට් ඇටෑක් එකක් වෙන්න ඇති කියලා.
හැබැයි ප්‍රශ්නේ පටන් ගත්තේ එතනින් නෙවෙයි. එදාම හවස, ඒ නගරයේම තවත් තරුණයෙක් වන ඇඩම් ජැනස් (27) හදිසියේම පපුව අල්ලගෙන මැරිලා වැටුණා. එයාගේ අවමගුලට ආපු එයාගේ මල්ලි ස්ටැන්ලි (25) සහ නෑනා තෙරේසා (19), ඔළුව රිදෙනවා කියලා අයියාගේ ගෙදර තිබුණ ටයිලෙනෝල් බෝතලයෙන් පෙති දෙකක් බිව්වා. පුදුමය කියන්නේ... විනාඩි ගාණක් ඇතුළත ඒ දෙන්නත් එතනම මැරුණා! එකම පවුලේ තුන් දෙනෙක් එකම දවසේ ඉවරයි.
මුළු චිකාගෝ නගරයම බයෙන් ගැහුණා. පොලිසියට පිස්සු වගේ. මොකක්ද මේ වෙන්නේ? පරීක්ෂණ වලදී හෙළි වුණා මුළු ලෝකෙම හොල්ලන රහසක්. මේ මැරුණ හැමෝම බීලා තිබුණේ "ටයිලෙනෝල්". ඒ පෙති පරීක්ෂා කරද්දී දැක්කා, කවුරු හරි පිස්සෙක් ෆාමසි වලට රිංගලා, ටයිලෙනෝල් බෝතල් හොරෙන් ඇරලා, ඒකේ තියෙන කැප්සියුල් ගලවලා, ඇතුලට "සයනයිඩ්" (Cyanide) කියන මාරාන්තික වස පුරවලා ආපහු සීල් කරලා රාක්ක වල තියලා ගිහින්! ඒ කාලේ බෙහෙත් බෝතල් වලට අද වගේ "Safety Seal" තිබුණේ නෑ. ඕන කෙනෙක්ට මූඩිය ඇරලා ඕන දෙයක් දාන්න පුළුවන්කම තිබුණා.
මේ සිද්ධියත් එක්ක "Johnson & Johnson" සමාගම (ටයිලෙනෝල් හදන අය) වෙළඳපොළේ තිබුණ ඩොලර් මිලියන 100ක් වටිනා බෙහෙත් බෝතල් ලක්ෂ 31ම ආපහු ගෙන්නලා විනාශ කළා.
මේරි කෙලර්මන් දැරියගේ මරණයෙන් පස්සේ මුළු ලෝකයේම "ඇසුරුම් නීතිය" (Packaging Laws) වෙනස් වුණා. 1983 දී ඇමරිකාව නීතියක් ගෙනාවා: "මින් ඉදිරියට කඩන්න බැරි සීල් එකක් (Tamper-evident seal) නැතුව කිසිම බෙහෙතක් හෝ කෑමක් විකුණන්න තහනම්" කියලා.
අද අපි වතුර බෝතලයක් හරි බෙහෙත් බෝතලයක් හරි කඩද්දි, ඒකේ තියෙන 'Safety Seal' එක ගැන දෙපාරක් හිතන්නේ නෑ. අපිට ඒක නිකම්ම නිකන් ප්ලාස්ටික් කෑල්ලක් විතරයි.
ඒත් ඇත්තටම ඒ ආරක්ෂිත ආවරණය එතන තියෙන්නේ, 1982 දී බෙහෙත් බොන්න ගිහින් අවාසනාවන්ත විදියට ජීවිතේ නැති වුණ පුංචි මේරි කෙලර්මන්ගේ මරණයෙන් ලෝකය ඉගෙන ගත්තු පාඩම නිසා.
ඇය එදා ජීවිතයෙන් වන්දි ගෙවපු නිසා තමයි, අදටත් අපි බයක් සැකක් නැතුව කඩෙන් බඩු ගන්නේ. ඒක තමයි තිත්ත ඇත්ත.
සමහර ආරක්ෂාවන් අපිට ලැබිලා තියෙන්නේ හරිම ලොකු වන්දියක් ගෙවලා.
ඊළඟ පාර වතුර බෝතලයක හරි බෙහෙත් බෝතලයක හරි 'සීල්' එක කඩද්දි, ඔයාටත් මේ පුංචි මේරි කෙලර්මන්ව මතක් වෙයි නේද? 🥺💔
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි







