කොන්ක්‍රීට් බැරලයක් තුළ සිරවී නතර වූ ඒ ලස්සන හිනාව... දින 44ක් තිස්සේ අපාය දුටු ජපානයේ පුංචි සුරංගනාවිය! 🇯🇵🥀🧱
ජපානය කියන්නේ ලෝකයේ ආරක්ෂිතම රටක්. මිනිස්සු හරිම කරුණාවන්තයි, පාරේ වැටුණු පර්ස් එකක්වත් කවුරුත් ගන්නේ නැති රටක්. ඒත් ඒ ලස්සන ජපානයේම, මීට අවුරුදු 35කට කලින් මුළු මනුෂ්‍ය වර්ගයාටම ලැජ්ජා හිතෙන තරම් දරුණු අපරාධයක් සිද්ධ වුණා කියල කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ කතාවේ වින්දිතයා නමින් ජුන්කෝ ෆුරුටා (Junko Furuta). වයස අවුරුදු 17යි. ඇය පාසලේ හිටපු ලස්සනම සහ දක්ෂම ශිෂ්‍යාවන්ගෙන් කෙනෙක්. කාටවත් වරදක් නොකරපු, දවසක හොඳ රස්සාවක් කරලා දෙමාපියන්ව බලාගන්න හීන දැකපු මේ අහිංසක කෙල්ලගේ ඉරණම විසඳුණේ ඇය පාසල් ඇරිලා ගෙදර යන අතරමගදී.
දිනය 1988 නොවැම්බර් 25. වෙලාව රෑ 8.30 ට විතර ඇති. ජුන්කෝ තමන්ගේ බයිසිකලයෙන් ගෙදර යමින් හිටියා. එකපාරටම පාර අයිනේ හිටපු තරුණයෙක් ඇගේ බයිසිකලයට පයින් ගැහුවා. ජුන්කෝ බිම වැටුණා. ඊට පස්සේ අර තරුණයා හොඳ මූණක් මවාගෙන ඇය ළඟට ඇවිත්, "අයියෝ... ඔයාට තුවාලද? මම ගෙදරට ඇරලවන්නම්" කියලා උදව් කරන්න හැදුවා. මේ අහිංසක කෙල්ල හිතුවේ එයා ඇත්තටම උදව් කරනවා කියලා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ ඒ තමයි තමන්ගේ ජීවිතේ අවසානය කියලා. ඒ තරුණයා, තවත් යාළුවො තුන් දෙනෙක් එක්ක එකතු වෙලා ජුන්කෝව පැහැරගත්තා. ඔවුන් ඇයව අරගෙන ගියේ පාළු ගෙදරකට නෙවෙයි, ජනාකීර්ණ නගරයක තිබුණ සාමාන්‍ය දෙමහල් නිවසකට.
එතැන් පටන් දින 44ක්... ඔව්, දවස් 44ක් යනතුරු මේ පොඩි කෙල්ල සිහිනෙකින්වත් හිතන්න බැරි නිරයක් වින්දා. මේ නරුමයන් 4 දෙනා (ඔවුන් වයස අවුරුදු 16-18 අතර පාසල් ළමයි) ඇයව ඒ නිවසේ කාමරයක හිර කරගෙන හිටියා. ඔවුන් ඇයට දරුණු විදියට පහර දුන්නා. අමානුෂික විදියට දූෂණය කළා. ඇයව පාවිච්චි කළේ හරියට "සෙල්ලම් බඩුවක්" වගේ. ඇයට කන්න දුන්නේ නෑ. වතුර දුන්නේ නෑ. සමහර දවස්වල ඇයට බොන්න දුන්නේ මුත්‍රා. ඇයට කන්න දුන්නේ කැරපොත්තන්.
මේ කතාවේ දරුණුතම සහ පිළිකුල් සහගතම කොටස මේක නෙවෙයි. මේ නිවසේ ඒ අපරාධකරුවන්ගෙන් එක්කෙනෙක්ගේ (Minato) දෙමව්පියන් ජීවත් වුණා. ඔවුන් හිටියේ පහළ තට්ටුවේ. උඩ තට්ටුවේ තමන්ගේ පුතා සහ යාළුවො ගෑණු ළමයෙක්ව හිරකරගෙන වධ දෙන බව ඒ අම්මයි තාත්තයි දැනගෙන හිටියා. ජුන්කෝ වේදනාවෙන් කෑගහන සද්දේ ඔවුන්ට ඇහෙන්න ඇති. ඒත් ඒ දෙමව්පියෝ කළේ මොකක්ද? ඔවුන් පොලිසියට කිව්වේ නෑ. ඔවුන් කළේ තමන්ගේ පුතාට බයේ කට වහගෙන හිටපු එක. "යාකුසා" (Yakuza - ජපාන මාෆියාව) එකේ සම්බන්ධයක් තියෙනවා කියලා මේ කොල්ලෝ තමන්ගේ දෙමාපියන්ව බය කරලා තිබුණා. හිතන්න... ගෙදරක අම්මෙක් තාත්තෙක් ඉද්දිම, උඩ කාමරේ අහිංසක කෙල්ලෙක් මැරි මැරී උපදිනවා.
දින 44 ඇතුළත ජුන්කෝගේ ලස්සන රූපය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඇගේ මූණ ඉදිමිලා, ඇස් පේන්නේ නැති ගාණට විකෘති වුණා. ඇගේ සිරුරේ හම ගැලවිලා ගියා. ඇගේ කන් බෙර පුපුරලා ගියා. ඇයට ඇවිදගන්න බැරි වුණා. එක දවසක් ඇය අමාරුවෙන් බඩගාගෙන ගිහින් එතන තිබුණ ටෙලිෆෝන් එකෙන් පොලිසියට ගන්න ට්‍රයි කළා. ඒත් අවාසනාවට ඒ වෙලාවේම මේ නරුමයෝ කාමරේට ආවා. එදා ඇයට දුන්න දඬුවම ගැන හිතද්දිත් ඇඟ හිරිවැටෙනවා. ඔවුන් ඇයව පණ පිටින් ගිනි තිබ්බා.
දින 44ක් යද්දි, ජුන්කෝ කියන්නේ මනුස්සයෙක් නෙවෙයි, හුස්ම ගන්න මස් ගොඩක් විතරයි. 1989 ජනවාරි 4 වෙනිදා. එදා මේ නරුමයෝ හතර දෙනා "Mahjong" (බූරු ගැහීම වගේ) සෙල්ලම් කරමින් හිටියේ. ජුන්කෝ ඒ වෙලාවේ පැරදුණා කියලා ඔවුන් ඇයට යකඩ පොලු වලින් ගැහුවා. එදා තමයි ඒ අහිංසක ආත්මය මේ කුරිරු ලෝකෙන් සදහටම නිදහස් වුණේ. ඇය මිය ගියා.
දැන් ප්‍රශ්නය වුණේ මිනිය හංගන්නේ කොහොමද කියන එක. ඔවුන් ලොකු බැරල් එකක් (Drum) ගෙනාවා. ජුන්කෝගේ සිරුර ඒ බැරල් එකට දැම්මා. ඊට පස්සේ ඒකට තෙත කොන්ක්‍රීට් පිරෙව්වා. කොන්ක්‍රීට් ගල් වුණාට පස්සේ, ඔවුන් මේ බැරල් එක ටෝකියෝවේ කෝටෝ (Koto) කියන ප්‍රදේශයේ හිස් ඉඩමකට ගිහින් දැම්මා.
මේ අපරාධය එළියට ආවේ කොහොමද? ටික කාලෙකට පස්සේ මේ කොල්ලෝ වෙනත් පොඩි කේස් එකකට (කාන්තා යට ඇඳුම් හොරකම් කිරීමක්) පොලිසියට අහු වුණා. ප්‍රශ්න කරද්දි එකෙක්ගේ කටින් පැන්නා "අපි ලොකු මිනීමැරුමක් කළා" කියලා. පොලිසිය ගිහින් අර කොන්ක්‍රීට් බැරල් එක කඩද්දි දැක්ක දේ නිසා නිලධාරීන් කම්පා වුණා. ඒ ඇතුලේ හිටියේ ජපානයේ අනාගතය වෙන්න හිටපු, හරිම ලස්සන, දක්ෂ කෙල්ලෙක්.
නමුත් කතාවේ අන්තිම ටික තමයි වැඩියෙන්ම රිදෙන්නේ. මේ අපරාධකරුවෝ 4 දෙනාම වයස අවුරුදු 18ට අඩු "බාලවයස්කරුවෝ" (Minors). ජපාන නීතියට අනුව ඔවුන්ට මරණ දඬුවම දෙන්න බෑ. ඔවුන්ගේ නම් ගම් පවා මාධ්‍යයට හෙළි කළේ නෑ. ප්‍රධාන අපරාධකරුට ලැබුණේ අවුරුදු 20ක සිර දඬුවමක් විතරයි. අනිත් අයට ඊටත් අඩුයි. අද වෙනකොට මේ හතර දෙනාම හිරෙන් නිදහස් වෙලා, නම් වෙනස් කරගෙන, සමාජයේ හොඳට කාලා බීලා ජීවත් වෙනවා. සමහරු කියන විදියට ඔවුන් තාමත් ඒ ගැන පුරසාරම් දොඩනවා.
ජුන්කෝ ෆුරුටා... ඇය දවස් 44ක් තිස්සේ විඳපු වේදනාවට යුක්තියක් ලැබුණේ නෑ. ඇය මැරෙන අන්තිම මොහොතෙත් මිමිණුවේ එකම එක දෙයයි. "මට අම්මව බලන්න ඕන... මට ගෙදර යන්න ඕන..."
ලෝකයේ නීතියෙන් යුක්තිය ඉටු නොවුණාට, සොබාදහම කවදාහරි මේ නරුමයන්ට දඬුවම් දෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ජුන්කෝගේ කඳුළු තාමත් ඒ කොන්ක්‍රීට් බැරලය ඇතුලේ හිරවෙලා තියෙනවා.
තමන්ගේ ගෙදර උඩ කාමරේ ගෑණු ළමයෙක්ට වධ දෙනවා දැන දැනත්, බයේ කට වහගෙන හිටපු ඒ අපරාධකාරයාගේ අම්මා තාත්තා ගැන ඔයාලට මොකද හිතෙන්නේ? එයාලත් මේ මිනීමැරුමට වග කියන්න ඕන නේද?
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
#JunkoFuruta #44DaysOfHell #TrueCrime #Japan #Injustice #Tragedy #Horror #History #NokeeKatha #නොකීකතා #Documentary







