Ad Space - leaderboard (728x90)

"මගේ අතින් හදන අයිස්ක්‍රීම් එක කන්න හැමෝම ආසයි..." රසට උයන අතින්ම 'මරණය' බෙදූ, ලෝකයම බිය වූ අහිංසක මිනීමරුවාගේ කතාව! 👩‍...

🔪 සැබෑ අපරාධ2025 උඳුවප් 135 min read
"මගේ අතින් හදන අයිස්ක්‍රීම් එක කන්න හැමෝම ආසයි..." රසට උයන අතින්ම 'මරණය' බෙදූ, ලෝකයම බිය වූ අහිංසක මිනීමරුවාගේ කතාව! 👩‍...

"මගේ අතින් හදන අයිස්ක්‍රීම් එක කන්න හැමෝම ආසයි..." රසට උයන අතින්ම 'මරණය' බෙදූ, ලෝකයම බිය වූ අහිංසක මිනීමරුවාගේ කතාව! 👩‍🍳🍨☠️

අපි කවුරුත් කැමතියි රසට කෑම උයන කෙනෙක්ගේ අතින් කෑම වේලක් කන්න. විශේෂයෙන්ම ගෙදරට එන කෝකියෙක් හරිම පිරිසිදුවට, හරිම රසට කෑම හදලා දෙනවා නම් අපි ඒ කෙනාව ආශ්‍රය කරන්නේ පවුලේ කෙනෙක් වගේ බොහොම ළඟින්. නමුත් මීට වසර 100කට පමණ පෙර ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත් වුණ ධනවත් පවුල් වලට සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි භයානක අත්දැකීමකට මුහුණ දෙන්න. ඔවුන්ගේ ගෙවල් වලට අලුතින් ආපු කෝකියෙක් හරිම රසට කෑම හැදුවා. විශේෂයෙන්ම ඇය හදන "පීච් අයිස්ක්‍රීම්" (Peach Ice Cream) එක කන්න පොඩි දරුවෝ පවා පෙරුම් පිරුවා. හැබැයි ප්‍රශ්නේ වුණේ ඒ අයිස්ක්‍රීම් එක කාලා සති දෙකක් යන්න කලින් ඒ ගෙදර කවුරු හරි කෙනෙක්, එහෙමත් නැත්නම් පවුලම මාරාන්තික උණක් හැදිලා ඔත්පල වීමයි. සමහරු මිය ගියා. පුදුමය කියන්නේ මේ ලෙඩේ හැදෙද්දිම අර රසට උයපු කෝකියා හෝඩුවාවක් නැතුව අතුරුදහන් වීමයි. ඇය නමින් මේරි මැලෝන්. නමුත් ඉතිහාසය ඇයව හැඳින්වූයේ "ටයිෆොයිඩ් මේරි" (Typhoid Mary) යන බිහිසුණු නාමයෙන්.

මේ අභිරහස් සිදුවීම් මාලාව ආරම්භ වුණේ 1900 දශකයේ මුල් භාගයේදියි. අයර්ලන්තයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ මේරි මැලෝන් කියන්නේ හරිම දක්ෂ කෝකියෙක්. ඇය නිව්යෝක් නගරයේ තිබුණු ඉතාම ධනවත් මන්දිර වල තමයි රස්සාව කළේ. 1900 සිට 1907 දක්වා කාලය තුළ ඇය රැකියා කරපු හැම ගෙදරකම වගේ හිතාගන්න බැරි විදියට "උණ සන්නිපාතය" (Typhoid) පැතිරෙන්න පටන් ගත්තා. ඒ කාලේ ටයිෆොයිඩ් කියන්නේ මාරාන්තික රෝගයක්. හැබැයි සාමාන්‍යයෙන් මේ ලෙඩේ හැදුණේ අපිරිසිදු වතුර බොන දුප්පත් පැල්පත්වාසීන්ට. ඉතින් කොහොමද මේ මහා ධනවත් මන්දිර ඇතුලේ ටයිෆොයිඩ් හැදෙන්නේ කියන එක දොස්තරලාට ලොකු ප්‍රශ්නයක් වුණා. මේ අභිරහස විසඳන්න පවරන්නේ ජෝර්ජ් සෝපර් (George Soper) කියන සෞඛ්‍ය පරීක්ෂකවරයාට. ඔහු ෂර්ලොක් හෝම්ස් වගේ මේ ගැන පර්යේෂණයක් පටන් ගත්තා. ඔහු හොයාගත්තා එකම එක පොදු සාධකයක්. ඒ තමයි මේ හැම ගෙදරකම ලෙඩේ බෝ වෙන්න ටික කාලයකට කලින් "මේරි" කියලා කෝකියෙක් වැඩට ඇවිත් තිබුණා කියන එක. ඒ වගේම ලෙඩේ බෝ වෙද්දිම ඇය රස්සාව දාලා ගිහින් තිබුණා.

ජෝර්ජ් සෝපර් බොහොම අමාරුවෙන් මේරි වැඩ කරන අලුත් තැන හොයාගෙන එතනට ගියා. ගිහින් ඔහු මේරිට කිව්වා "මේරි, ඔයා නිසා තමයි මිනිස්සු මැරෙන්නේ. ඔයාගේ ඇඟ ඇතුලේ ටයිෆොයිඩ් විෂබීජ තියෙනවා. මට ඔයාගේ මුත්‍රා සහ මළපහ සාම්පල් එකක් දෙන්න පරීක්ෂා කරන්න" කියලා. මේක අහපු ගමන් මේරිට යකා ගැහුණා. මොකද ඇය හිටියේ හරිම නිරෝගීව. ඇයට උණක්, හෙම්බිරිස්සාවක්වත් තිබුණේ නැහැ. "මට පිස්සු කියලා හිතුවද? මම නිරෝගී ගැහැණියක්. තමුන් මේ දැන්ම මෙතනින් ගියේ නැත්නම් මම මේ මස් කපන ගෑරුප්පුවෙන් ඇනලා මරනවා" කියලා ඇය ජෝර්ජ් සෝපර්ව එලවා ගත්තා. මේරි ඇත්තටම හිතුවේ මේ දොස්තරලා ඇයට බොරු ලෙඩක් දාලා ඇගේ රස්සාව නැති කරන්න හදනවා කියලයි. නමුත් විද්‍යාත්මක ඇත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඇය තමයි වෛද්‍ය විද්‍යාවේ හඳුනාගත් පළමු "රෝග ලක්ෂණ නොපෙන්වන වාහකයා" (Asymptomatic Carrier). ඒ කියන්නේ ටයිෆොයිඩ් බැක්ටීරියාව ඇගේ ශරීරයේ තිබුණට ඇයට ලෙඩේ හැදෙන්නේ නැහැ. නමුත් ඇය මළපහ කරලා හරියට අත් හෝදන්නේ නැතුව උයන කෑම හරහා අනිත් අයට ලෙඩේ බෝ කරනවා. විශේෂයෙන්ම ඇය හදන "පීච් අයිස්ක්‍රීම්" එක තම්බන්නේ නැති නිසා විෂබීජ කෙලින්ම මිනිස්සුන්ගේ බඩට ගියා.

අවසානයේ පොලිසිය මැදිහත් වෙලා, පොරබදලා බලහත්කාරයෙන් ඇයව අත්අඩංගුවට ගත්තා. පරීක්ෂණ වලදී තහවුරු වුණා ඇගේ පිත්තාශය පුරාවටම මාරාන්තික ටයිෆොයිඩ් බැක්ටීරියා පිරිලා තියෙනවා කියලා. සෞඛ්‍ය අංශ තීරණය කළා ඇයව සමාජයෙන් ඈත් කරලා, "North Brother Island" කියන දූපතේ තියෙන රෝහලක හුදකලා කරලා තියන්න. මේක මේරිට දරාගන්න බැරි වුණා. ඇය අවුරුදු 3ක් තිස්සේ තනියම දූපතේ හිරවෙලා හිටියා. ඇය දිගටම නඩු කිව්වා "මම නිර්දෝෂී, මට ලෙඩක් නැහැ" කියලා. අන්තිමට 1910 දී සෞඛ්‍ය බලධාරීන් ඇය එක්ක එකඟතාවයකට ආවා. "අපි ඔයාව නිදහස් කරන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ. ආයේ කවදාවත් උයන්න නම් යන්න බැහැ. රෙදි හෝදන්න වගේ වෙන රස්සාවක් කරන්න ඕන" කියලා. මේරි පොරොන්දු වුණා "හරි මම ආයේ කවදාවත් උයන්නේ නැහැ" කියලා. ඒ පොරොන්දුව පිට ඇයව නිදහස් කළා.

නමුත් කතාවේ දරුණුම කොටස පටන් ගන්නේ එතනින්. නිදහස් වෙලා ටික කාලයකින් මේරිව ආයේ කාටවත් හොයාගන්න බැරි වුණා. ඇය නම වෙනස් කළා. "මේරි බ්‍රවුන්" නමින් ආපහු උයන්න පටන් ගත්තා. ඇය හිතුවා "මට ලෙඩක් නෑනේ, මේ දොස්තරලා මාව රැවැට්ටුවා" කියලා. වසර 5ක් පුරාවට ඇය හෝටල් වල, ගෙවල් වල සහ අන්තිමට කාන්තා රෝහලක (Sloane Maternity Hospital) කෝකියෙක් විදියට වැඩ කළා. ප්‍රතිඵලය වුණේ ඒ රෝහලේ දොස්තරලා, නර්ස්ලා ඇතුළු 25 දෙනෙක්ට එකපාර ටයිෆොයිඩ් හැදෙන එකයි. දෙන්නෙක් මිය ගියා. සෞඛ්‍ය අංශ පරීක්ෂා කරද්දි දැක්කා කුස්සියේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, අර අතුරුදහන් වුණ "මේරි" බව. තමන්ගේ මුරණ්ඩුකම නිසා ඇය දැන දැනම තවත් ජීවිත ගණනක් බිලි අරගෙන තිබුණා.

මේ පාර නම් ඇයට සමාවක් ලැබුණේ නැහැ. බලධාරීන් ඇයව ආපහු අර දූපතටම යැව්වා. හැබැයි මේ පාර සති දෙකකට නෙවෙයි, ජීවිතාන්තය දක්වාම. මේරි මැලෝන් තමන්ගේ ජීවිතයේ ඉතිරි අවුරුදු 23ම ගෙවුවේ ඒ දූපතේ තනි කාමරයක හිරකාරියක් විදියට. ඇය මැරෙනකම්ම විශ්වාස කළේ තමන්ට ලෙඩක් නැහැ කියලයි. 1938 දී ඇය මියගිය අතර, ඇය මිය යන විටත් ඇගේ ශරීරය පුරාම මාරාන්තික බැක්ටීරියා පිරී තිබුණා. මියයන්න කලින් ඇය කීප වතාවක්ම කියලා තිබුණා "මම කාටවත් වරදක් කළේ නෑ, මම කළේ රසට උයපු එක විතරයි" කියලා.

Ad Space - in-article (300x250)

මේරි මැලෝන්ගේ කතාව අපිට උගන්වන පාඩම හරිම ගැඹුරුයි. ඇය නරක ගැහැණියක් හෝ හිතාමතා මිනිස්සු මරපු මිනීමරුවෙක් නෙවෙයි. ඇය නූගත්, විද්‍යාව නොදන්නා, තමන්ගේ මතයේම එල්ලිලා හිටපු ගැහැණියක්. නමුත් ඇගේ ඒ නොදැනුවත්කම සහ මුරණ්ඩුකම නිසා අහිංසක මිනිස්සු 50කට වැඩි පිරිසක් ලෙඩ වුණා, 3 දෙනෙක් මිය ගියා (වාර්තා නොවූ සංඛ්‍යාව මීට වැඩි විය හැකියි). අදටත් වසංගතයක් එනකොට "මට ඕවා හැදෙන්නේ නෑ" කියලා උඩඟු විදියට හැසිරෙන, සෞඛ්‍ය උපදෙස් ගණන් ගන්නේ නැති මිනිස්සු දිහා බලද්දි අපිට මතක් වෙන්නේ "ටයිෆොයිඩ් මේරි" වමයි. පෞද්ගලික නිදහස සහ පොදු මහජන ආරක්ෂාව අතර තියෙන ගැටුමට ලෝක ඉතිහාසයේ තියෙන හොඳම උදාහරණය ඇයයි.

තමන්ට ලෙඩක් තියෙනවා කියලා පිළිගන්නේ නැතුව, දිගින් දිගටම ලෙඩේ බෝ කරපු මේරි ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇය වැරදිද? නැත්නම් ඇයත් නොදැනුවත්කමේ ගොදුරක්ද? 🤔👇

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#TyphoidMary #MedicalHistory #Mystery #DarkHistory #Science #UntoldStories #NokeeKatha #නොකීකතා #TrueStory

"මගේ අතින් හදන අයිස්ක්‍රීම් එක කන්න හැමෝම ආසයි..." රසට උයන අතින්ම 'මරණය' බෙදූ, ලෝකයම බිය වූ අහිංසක මිනීමරුවාගේ කතාව! 👩‍... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න