Ad Space - leaderboard (728x90)

"තාත්තේ එපා...!" තෙල් ටැංකියක් තුළ සැඟවූ දියණියගේ අවසන් වචන සහ තාත්තාගේ "රහස් පෙම්වතිය"! 💔🕸️ (දෙවන කොටස )

🔪 සැබෑ අපරාධ2025 උඳුවප් 135 min read
"තාත්තේ එපා...!" තෙල් ටැංකියක් තුළ සැඟවූ දියණියගේ අවසන් වචන සහ තාත්තාගේ "රහස් පෙම්වතිය"! 💔🕸️  (දෙවන කොටස )

"තාත්තේ එපා...!" තෙල් ටැංකියක් තුළ සැඟවූ දියණියගේ අවසන් වචන සහ තාත්තාගේ "රහස් පෙම්වතිය"! 💔🕸️ (දෙවන කොටස )

(මෙය කියවීමට කලින් නොකී කතා - Untold Stories පිටුවට ගොස් පලමු කොටස කියවන්න ඔබට මිස් උනානම් )

බොරු හඳුනාගැනීමේ පරීක්ෂණයෙන් (Polygraph test) අසමත් වූ පසු, ක්‍රිස් වොට්ස් ඉදිරියේ තවත් රඟපෑමට ඉඩක් තිබුණේ නැත. පැය ගණනාවක් තිස්සේ කළ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ, එතෙක් වෙලා අහිංසක පියෙකු ලෙස පෙනී සිටි ඔහුගේ වෙස් මුහුණ ගැලවී ගියේය. ඔහු පොලිස් නිලධාරීන් දෙස බලා මෙසේ ඇසුවේය: "මම ඇත්ත කිව්වොත්, මට එයාලව ආයේ දකින්න ලැබෙනවාද?"

එම මොහොතේදී ඔහු කළ පාපොච්චාරණය අසා සිටි පළපුරුදු පොලිස් නිලධාරීන්ට පවා එය දරාගැනීම අසීරු විය. "ලෝකයේ හොඳම තාත්තා" ලෙස බිරිඳ විසින් හඳුන්වනු ලැබූ මේ මිනිසා, සැබවින්ම සීතලම ලේ ඇති යක්ෂයෙකි.

සියල්ල ආරම්භ වී තිබුණේ ඔහුට "නිකෝල් කෙරින්ජර්" (Nichol Kessinger) නම් තරුණියක් සමග ඇති වූ රහස් සම්බන්ධතාවය නිසාය. ක්‍රිස්ට අවශ්‍ය වී තිබුණේ තමන්ගේ ගැබිණි බිරිඳ සහ දරුවන් දෙදෙනාගෙන් නිදහස් වී, මේ අලුත් පෙම්වතිය සමග නැවුම් ජීවිතයක් පටන් ගැනීමටය. දික්කසාද නඩු, ළමයින්ගේ වියදම්, දේපළ බෙදීම්... මේවා ඔහුට හිසරදයක් විය. ඔහු තීරණය කළේය: "මුල සිට පටන් ගැනීමට නම්, පරණ අය නැති විය යුතුමය."

2018 අගෝස්තු 13 වෙනිදා අලුයම, ශැනන් ව්‍යාපාරික ගමන නිමවා නිවසට පැමිණි මොහොතේ ඔවුන් අතර සුපුරුදු පරිදි බහින්බස් වීමක් සිදුවිය. ක්‍රිස් ඇයට පැවසුවේ තමන්ට දික්කසාද වීමට අවශ්‍ය බවයි. ශැනන් එයට විරුද්ධ විය. ඒ මොහොතේ ඇති වූ කෝපයත් සමග, ක්‍රිස් ඇඳ උඩ සිටි තමන්ගේම බිරිඳගේ ගෙල සිරකරන්නට පටන් ගත්තේය. ඇය ඔහු දෙස බලා සිටියදීම, ඔහු ඇගේ හුස්ම හිර කළේය. විනාඩි කිහිපයකින්, සති 15ක ගැබිණියක් වූ ශැනන් වොට්ස්, තමන් පණ මෙන් ආදරය කළ සැමියා අතින්ම මෙලොව හැර ගියාය.

නමුත් මේ කතාවේ බිහිසුණුම කොටස පටන් ගන්නේ එතැන් සිටය. ශැනන් මියගිය පසු, ක්‍රිස් ඇගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතාගෙන පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ආවේය. ඒ ශබ්දයට ඔහුගේ අවුරුදු 4 දියණිය, බෙලා (Bella) අවදි වී කාමරයෙන් එළියට ආවාය. ඇය ඇසුවාය: "තාත්තේ... ඔයා අම්මා එක්ක මොකද කරන්නේ?" ඒ මොහොතේ ක්‍රිස්ගේ හිතේ පොඩි හෝ දරු සෙනෙහසක් ඇති වූයේ නැත. ඔහු කිව්වේ "අම්මට සනීප නෑ, අපි එයාව හොස්පිට්ල් ගෙනියන්න ඕන" කියාය.

නිකමට හිතන්න... ඔහු අර අහිංසක දරුවන් දෙදෙනාව (බෙලා සහ සෙලෙස්ට්) පණ පිටින් තමන්ගේ පිකප් ට්‍රක් එකේ (Truck) පිටුපස අසුනේ වාඩි කරවීය. ඔවුන්ගේ කකුල් පාමුල, බිම දමා තිබුණේ ඇඳ ඇතිරිල්ලකින් ඔතන ලද ඔවුන්ගේම අම්මාගේ මළ සිරුරයි. දරුවන් දෙදෙනා ඒ අම්මාගේ සිරුර මත කකුල් තබාගෙන, කිසිත් නොදැන විනාඩි 45ක් තිස්සේ තාත්තා එක්ක ගමන ගියහ.

ඔවුන් ගියේ රෝහලකට නොවේ. ක්‍රිස් වැඩ කරන පාළු තෙල් පිරිපහදු භූමියටය (Cervi 319 oil site). එතැනට ගිය පසු, ඔහු මුලින්ම මෝටර් රථයෙන් පිටතට ගත්තේ තමන්ගේ මියගිය බිරිඳගේ සිරුරයි. ඔහු එය අසල තිබූ නොගැඹුරු වළක දමා පස් වලින් වැසුවේය. මේ සියල්ල දෙස ට්‍රක් රථයේ සිටි දරුවන් දෙදෙනා බලා සිටියහ.

ඉන්පසු ඔහු ට්‍රක් රථය වෙත ගියේය. ඔහු මුලින්ම පිටතට ගත්තේ අවුරුදු 3ක් වයසැති පොඩි දියණිය, සෙලෙස්ට් ය. ඇය තමන්ගේ කැමතිම පොරවනය තුරුල් කරගෙන සිටියාය. ඔහු ඒ පොරවනය අරගෙන, එයින්ම ඇගේ මුහුණ වසා, තදින් හිරකරගෙන සිටියේය. ඇය දඟලමින්, පණ අදිමින් මිය යන තුරු ඔහු බලා සිටියේය. මේ සියල්ල දෙස එහා පැත්තේ අසුනේ සිටි ලොකු දියණිය, බෙලා බලා සිටියාය.

"තාත්තා නංගිට කරපු දේ මටත් කරයි" කියලා ඒ අවුරුදු 4 දරුවාට තේරුණා. ක්‍රිස් ඇය ළඟට එද්දී ඇය කෑගැසුවාය: "Daddy, No!" (තාත්තේ එපා!). ඒ දරුවාගේ අවසාන වචන එයයි. ඒ යක්ෂයා තමන්ගේම දරුවාගේ කට සහ නාසය තද කරගෙන ඇය මිය යන තුරුම අල්ලාගෙන සිටියේය. බෙලාගේ සිරුර සොයාගන්නා විට ඇගේ දිව තුවාල වී තිබුණේ, ඇය හුස්ම ගැනීමට දැරූ වෑයමේදී දත්වලට දිව සැපීම නිසා බව පරීක්ෂණවලදී හෙළි විය.

මේ කතාවේ අමානුෂිකම කොටස වෙන්නේ ඔහු දරුවන්ගේ සිරුරු සැඟවූ ආකාරයයි. එතැන අඩි 20ක් පමණ උස, බොරතෙල් (Crude Oil) පිරුණු යෝධ ටැංකි දෙකක් තිබුණි. ඒ ටැංකිවල උඩ තිබුණේ අඟල් 8ක විතර පුංචි පියනකි (Hatch). ක්‍රිස් තමන්ගේම දරුවන්ගේ සිරුරු උස්සගෙන ගොස්, ඒ පටු හිලෙන් ටැංකිය ඇතුලට ඔබා දැමුවේය. සෙලෙස්ට්ගේ සිරුර එක ටැංකියකටත්, බෙලාගේ සිරුර අනෙක් ටැංකියටත් දැමුවේය. තමන්ගේම දරුවන්ව තෙල් ටැංකියක ගිල්ලවලා, එයා ගෙදර ඇවිත් පොලිසියට කෝල් කරලා කිව්වා "අනේ මගේ ළමයි නැති වෙලා" කියලා.

Ad Space - in-article (300x250)

මේ පාපොච්චාරණයෙන් පසු පොලිසිය වහාම ඒ තෙල් භූමියට ගියේය. ඔවුන් තෙල් ටැංකි හිස් කර දරුවන්ගේ සිරුරු ගොඩගත්තේය. ඒ දසුන දුටු පළපුරුදු පොලිස් නිලධාරීන් පවා කම්පනයට පත් වී හැඬූ බව වාර්තා විය. දින ගණනාවක් තෙල් වල ගිලී තිබීම නිසා සිරුරු තිබුණේ හඳුනාගත නොහැකි තත්ත්වයකය.

නඩු විභාගයේදී විනිසුරුවරයා ක්‍රිස් දෙස බලා ප්‍රකාශ කළේ, "මෙය මාගේ වෘත්තීය ජීවිතය තුළ මා දුටු අමානුෂිකම සහ කෲරතම අපරාධයයි" කියාය. ශැනන්ගේ පවුලේ අය අධිකරණයේදී ක්‍රිස් දෙස බලා හඬා වැටුණහ. "ඇයි උඹ අපේ කෙල්ලට මෙහෙම කළේ? උඹට ඕන නම් ඩිවෝස් වෙලා යන්න තිබුණානේ... ඇයි ඒ අහිංසක දරුවෝ මැරුවේ?" ඔවුන් ඇසූ ප්‍රශ්නවලට ක්‍රිස් ළඟ උත්තර තිබුණේ නැත.

ක්‍රිස් වොට්ස්ට මරණ දඬුවම ලැබිය යුතු වුවත්, ශැනන්ගේ පවුලේ ඉල්ලීම මත (ඔවුන් මරණ දඬුවමට විරුද්ධ විය) ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පහක් සහ තවත් වසර 84ක සිර දඬුවමක් නියම විය. ඔහුට කවදාවත් සමාවක් (Parole) ලැබෙන්නේ නැත.

අද ක්‍රිස් වොට්ස් විස්කොන්සින් ප්‍රාන්තයේ දැඩි රැකවල් සහිත සිරගෙදරක (Dodge Correctional Institution) ජීවත් වෙයි. ආරංචි වන පරිදි, ඔහු තමන්ගේ සිර මැදිරියේ බිත්තියේ ශැනන්ගේ සහ දරුවන්ගේ පින්තූර එල්ලාගෙන ඒවා දෙස බලාගෙන බයිබලය කියවමින් කාලය ගත කරයි.

මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්න යන්නේ එක තත්පරයයි. කැමරා ඉස්සරහ හොඳටම අඬන්න පුළුවන් කෙනෙක්ට වුණත්, තමන්ගේම දරුවෝ තෙල් ටැංකියක ගිල්ලවලා හිනාවෙන්න පුළුවන් කියන එකට මේක ලෝක ඉතිහාසයේ හොඳම සහ කෲරතම උදාහරණයකි.

"ලස්සන පවුල් ඡායාරූප පිටුපස සමහර විට අපායක් තියෙන්න පුළුවන්."

නිමි.

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#ChrisWatts #TrueCrime #Confession #FamilyAnnihilator #Tragedy #Betrayal #LifeSentence #OilTanks #NokeeKatha #නොකීකතා #Part02 #Documentary

"තාත්තේ එපා...!" තෙල් ටැංකියක් තුළ සැඟවූ දියණියගේ අවසන් වචන සහ තාත්තාගේ "රහස් පෙම්වතිය"! 💔🕸️  (දෙවන කොටස ) - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න