Ad Space - leaderboard (728x90)

මෝරු පිරුණු මුහුද... තුවක්කු ගත් මුරකරුවන්... අන්තිමට ඒ මිනිස්සු තුන්දෙනා "වැහි කබා" වලින් හදපු බෝට්ටුවකින්, ලෝකයේ ආරක්ෂ...

🔪 සැබෑ අපරාධ2025 උඳුවප් 145 min read
මෝරු පිරුණු මුහුද... තුවක්කු ගත් මුරකරුවන්... අන්තිමට ඒ මිනිස්සු තුන්දෙනා "වැහි කබා" වලින් හදපු බෝට්ටුවකින්, ලෝකයේ ආරක්ෂ...

මෝරු පිරුණු මුහුද... තුවක්කු ගත් මුරකරුවන්... අන්තිමට ඒ මිනිස්සු තුන්දෙනා "වැහි කබා" වලින් හදපු බෝට්ටුවකින්, ලෝකයේ ආරක්ෂිතම හිරගෙදරින් අතුරුදහන් වුණා! 🏝️🥄🚤

ඔබ කවදාහරි අහලා තියෙනවද "ඇල්කට්‍රාස්" (Alcatraz) ගැන? ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට කිලෝමීටර් ගාණක් ඈතින්, මහ මුහුද මැද තියෙන ගල් පර්වතයක් උඩ හදපු මේ හිරගෙදරට කියන්නේ "The Rock" එහෙමත් නැත්නම් නිරාදුක්ඛය කියලයි. ඇල් කැපෝන් වගේ ලෝකේ භයානකම පාතාල නායකයෝ, මිනීමරුවෝ දම්වැල් දාලා හිර කරලා තිබුණේ මෙතන. මේක වටේටම තියෙන්නේ අධික සීතල වතුර පිරුණු, සැඩ රළ ගලන සාගරය. ඒ මදිවට මේ මුහුදේ මිනී මෝරු පවා ඉන්නවා කියලා ප්‍රසිද්ධයි. ගොඩබිමට පීනන්න හිතන්නවත් බෑ. ඉතිහාසයේ මේ හිරගෙදරින් පැනලා යන්න හදපු හැමෝම එක්කෝ වෙඩි කාලා මැරුණා, නැත්නම් මුහුදේ ගිලිලා මැරුණා. කොටින්ම කිව්වොත් ඇල්කට්‍රාස් කියන්නේ පණ පිටින් ආපහු යන්න බැරි සොහොනක්. නමුත් 1962 ජුනි මාසයේ සිද්ධ වුණ එක සිදුවීමකින් මේ "ආරක්ෂිතම හිරගෙදර" ගැන තිබුණ විශ්වාසය කුඩුපට්ටම් වෙලා ගියා. කෑම කන හැන්දක් සහ වැහි කබා ටිකක් පාවිච්චි කරලා මිනිස්සු තුන්දෙනෙක් මේකෙන් වාෂ්ප වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

මේ මහා මොළකරුගේ නම ෆ්‍රෑන්ක් මොරිස් (Frank Morris). ඔහු කුඩා කාලේ ඉඳන්ම අනාථ නිවාස වල හැදුණු, ඒ වගේම හරිම ඉහළ බුද්ධි මට්ටමක් (IQ) තිබුණ කෙනෙක්. ඔහුත් එක්ක එකතු වුණ අනිත් දෙන්නා තමයි ජෝන් සහ ක්ලැරන්ස් කියන සහෝදරයෝ දෙන්නා (Anglin Brothers). මේ තුන්දෙනාට ඕන වුණේ කොහොම හරි මේ නිරයෙන් පැනලා යන්න. හැබැයි තුවක්කු පෙන්නලා, ගේට්ටු කඩලා මෙතනින් යන්න බෑ කියලා මොරිස් දැනගෙන හිටියා. ඔහු මාස ගාණක් තිස්සේ හිරගෙදර බිත්ති දිහා බලාගෙන සැලැස්මක් හැදුවා. ඒ සැලැස්ම කොච්චර සියුම්ද කියනවා නම්, අදටත් ඉංජිනේරුවෝ පවා ඒ ගැන පුදුම වෙනවා.

ඔවුන්ගේ වැඩේ පටන් ගත්තේ හිරගෙදර කෑම කාමරයෙන් (Mess hall) හොරකම් කරපු යකඩ හැන්දකින්. ඔව්, ඔබ හරියටම කියෙව්වා. සාමාන්‍ය කෑම කන හැන්දක්. මොරිස් දැක්කා තමන්ගේ කුටියේ (Cell) බිත්තියේ තියෙන වාතාශ්‍රය ලැබෙන පොඩි කවුළුව (Vent) වටේ තියෙන සිමෙන්ති, මුහුදු හුළඟට පෙඟිලා දිරලා තියෙන්නේ කියලා. ඔවුන් රෑට රෑට අර හැන්ද පාවිච්චි කරලා මේ කවුළුව වටේ හාරන්න පටන් ගත්තා. හැබැයි මේක ලේසි වුණේ නෑ. ටිකක් හරි සද්දයක් ආවා නම් මුරකරුවෝ එනවා. ඒ නිසා මොරිස් තවත් නියම වැඩක් කළා. ඔහු කිව්වා හැමදාම හවසට සංගීතය වාදනය කරන්න අවසර තියෙන වෙලාවට (Music Hour), එක දිගටම ඇකෝඩියන් (Accordion) එකක් වාදනය කරන්න කියලා. ඒ සංගීතය ඇහෙද්දි, අර තුන්දෙනා අස්සේ ඉඳන් පිස්සුවෙන් වගේ බිත්තිය හාරනවා. මාස ගාණක් තිස්සේ ඔවුන් මේ විදියට අඟලෙන් අඟල හාරලා, මනුස්සයෙක්ට රිංගන්න පුළුවන් තරමේ ලොකු හිලක් හැදුවා.

ඊළඟට තිබුණ ලොකුම අභියෝගය තමයි මුහුද. බිත්තියෙන් එළියට පැන්නත්, අංශක ගාණක් සීතල වතුරට පැන්න ගමන් අතපය හිරිවැටිලා මැරෙනවා. බෝට්ටුවක් නැතුව ගොඩට යන්න බෑ. මෙන්න මෙතනදි තමයි ඔවුන්ගේ "මාස්ටර් ප්ලෑන්" එකේ සුපිරිම කොටස එළියට එන්නේ. ඔවුන් හිරගෙදර මහන මැෂින් තිබුණ කාමරයෙන් හොරෙන් "වැහි කබා" (Raincoats) එකතු කළා. එකක් දෙකක් නෙවෙයි, වැහි කබා 50ක් විතර. ඔවුන් මේවා තමන්ගේ කුටියට පිටිපස්සෙන් තියෙන රහස් ඉඩකඩකට ගෙනිහින්, රබර් ගම් ගාලා, මහලා, අඩි 14ක් දිග ලොකු පාරුවක් (Raft) හැදුවා.වැහි කබා යොදාගෙන සාදාගත් පාරුවලට හුළං ගැසීම සඳහා කොන්සටිනා නම් සංගීත භාණ්ඩය වායු පොම්පයක් ලෙස භාවිතා කළා. හිතන්න, හිරගෙදරක් ඇතුලේ මේ වගේ වැඩක් කරන එක කොච්චර අමාරුද?

ඔන්න දැන් ඔක්කොම ලෑස්තියි. දවස 1962 ජුනි 11. එදා රෑ 9.30ට ලයිට් නිවන්න කලින් ඔවුන් තවත් සුපිරි වැඩක් කළා. රෑට ගාඩ්ලා ඇවිත් ටෝච් එක ගහලා බලද්දි ඇඳේ කවුරුහරි නිදාගෙන ඉන්නවා පේන්න ඕනනේ. නැත්නම් මුළු හිරගෙදරම එලාම් එක වදිනවා. ඒකට මොරිස් සහ පිරිස සබන් කැට, ටොයිලට් පේපර් සහ දන්තාලේප එකතු කරලා අනාගෙන "මූර්ති" වගයක් හැදුවා. හිරගෙදර බාබර් සාප්පුවෙන් හොරෙන් අහුල ගත්ත කොණ්ඩ කෑලි මේ මූර්ති වල අලවලා, හරියටම මනුස්ස ඔළුවක් වගේ හැදුවා. එදා රෑ ඔවුන් මේ "බොරු ඔළු" ටික කොට්ටේ උඩින් තියලා, ඒකට රෙද්ද පොරවලා, අර හිල අස්සෙන් රිංගලා වහලේ උඩට නැග්ගා. වහලේ තිබුණ දුම් කවුළුවකින් එළියට බැස්ස ඔවුන්, වැහි කබා පාරුවත් කර තියාගෙන අඩි 50ක් විතර උස තාප්පෙ දිගේ පහළට බැස්සා. වෙලාව රෑ 10ට විතර ඇති. මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. ඔවුන් පාරුවට හුළං ගහලා, ජීවිතේත් මරණයත් අතර සටනකට මුහුදට පැන්නා. එදා රෑ ඔවුන් පාරුව පැදගෙන අඳුරේම නොපෙනී ගියා.

පහුවදා උදේ සිද්ධ වුණ දේ හිතාගන්න පුළුවන්ද? උදේ ගාඩ් කෙනෙක් ඇවිත් "මොරිස් නැගිටපන්" කියලා කෑගහලා ඇඳේ හිටපු කෙනාගේ කකුලට තට්ටු කළා. ඒත් එක්කම අර "බොරු ඔළුව" ගැලවිලා ඇඳෙන් බිමට වැටුණා! ගාඩ් කෙනා බය වෙච්ච පාර කෑ ගැහුවා. මුළු ඇල්කට්‍රාස් එකම කලබල වුණා. සයිරන් නාද වුණා. මුළු මුහුදම හෙව්වා. හෙලිකොප්ටර්, බෝට්ටු සිය ගණනක් දාලා හෙව්වා. නමුත් ඔවුන්ගේ සෙරෙප්පුවක් සහ පාරු පැදපු ලී කෑල්ලක් ඇරෙන්න වෙන කිසිම දෙයක් හම්බුණේ නෑ.

දැන් ඔබට ප්‍රශ්නයක් ඇති, "මුන් තුන්දෙනා අතුරුදහන් වුණා නම්, කොහොමද අපි දන්නේ මේ විදියටමයි පැන්නේ කියලා?" ඒකට උත්තරේ තමයි "හතරවෙනියා". ඇත්තටම මේ ප්ලෑන් එකේ හතර දෙනෙක් හිටියා. හතරවෙනියා තමයි ඇලන් වෙස්ට් (Allen West). එදා රෑ එයාට එයාගේ කාමරේ කවුළුව (Vent) හරියට කඩාගන්න බැරි වුණා. වෙලාව මදි වුණ නිසා අනිත් තුන්දෙනා අකමැත්තෙන් වුණත් එයාව දාලා ගියා. පහුවදා FBI එකෙන් ප්‍රශ්න කරද්දි, තමන්ට බේරෙන්න ඕන නිසා මිනිහා තමයි සම්පූර්ණ ප්ලෑන් එකම වමාරලා තිබුණේ. ඔහු පෙන්නපු තැන්වල තිබිලා බාගෙට කපපු වැහි කබා, ගම් බෝතල් සහ බෝට්ටුවේ සැලැස්ම පොලිසිය හොයාගත්තා. ඒ වගේම දවස් කීපයකට පස්සේ මුහුදේ පාවෙලා ගිය "වැහි කබා වලින් මහපු ලයිෆ් ජැකට්" එකකුත් හම්බුණා. කතාව ඇත්ත බව ලෝකෙම පිළිගත්තේ ඒ සාක්ෂි නිසයි.

Ad Space - in-article (300x250)

FBI එක අන්තිමට තීරණය කළා "ඔවුන් සීතල වතුරට අහු වෙලා මැරෙන්න ඇති" කියලා. නමුත් ඒක එහෙමමද? මේ සිද්ධියෙන් අවුරුදු ගාණකට පස්සේ ඇන්ග්ලින් සහෝදරයන්ගේ අම්මාගේ අවමඟුල දවසේ, කාටත් හොරා ගෙදරට මල් පොකුරක් ඇවිත් තිබුණා. කාඩ් එකේ නමක් නෑ. ඒ වගේම 2013 වසරේදී පොලිසියට ලියුමක් ආවා "මම ජෝන් ඇන්ග්ලින්. අපි එදා රෑ පැනලා ගියා. මගේ අයියා මැරුණේ 2011 දී. මම දැන් වයසයි, මට පිළිකාවක් තියෙනවා. මට බෙහෙත් දෙනවා නම් මම ඇත්ත එළි කරන්නම්" කියලා. නමුත් FBI එකට මේ අත් අකුරු කාගේද කියලා හරියටම හොයාගන්න බැරි වුණා.

කොහොම වුණත්, ලෝකයේ ආරක්ෂිතම, කුරුල්ලෙක්ටවත් පැනලා යන්න බෑ කියපු ඇල්කට්‍රාස් හිරගෙදරින්, වැහි කබා ටිකක් එකතු කරලා පැනලා ගියපු මේ මිනිස්සු තාක්ෂණයට වඩා මිනිස් මොළය බලවත් බව මුළු ලෝකයටම ඔප්පු කළා. මේ සිද්ධියෙන් පස්සේ වැඩි කල් යන්න කලින් ඇල්කට්‍රාස් සදහටම වහලා දැම්මා.

ඔයාලා හිතන්නේ මොකක්ද? මේ තුන්දෙනා සීතල වතුරේ මැරෙන්න ඇද්ද? නැත්නම් තාමත් ලෝකේ කොහේ හරි හැංගිලා ජීවත් වෙනවා ඇද්ද? 🤔🚤

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#Alcatraz #Escape #Mystery #TrueStory #History #Thriller #Mastermind #PrisonBreak #SriLanka #Sinhala #NokeeKatha #නොකීකතා

මෝරු පිරුණු මුහුද... තුවක්කු ගත් මුරකරුවන්... අන්තිමට ඒ මිනිස්සු තුන්දෙනා "වැහි කබා" වලින් හදපු බෝට්ටුවකින්, ලෝකයේ ආරක්ෂ... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න