කෑම මේසයේදී හිනාවෙලා බෙදපු "වස මුසු" වෑංජනය... අවුරුදු 14ක් තිස්සේ සැමියාටයි, නැන්දම්මාටයි "සයනයිඩ්" (Cyanide) කැවූ කේරළයේ අමානුෂික ගැහැනිය! 🇮🇳🍛☠️
අපි හැමෝම ආසයි පවුලක් විදියට එකට ඉඳගෙන කෑම වේලක් කන්න. අම්මා හරි බිරිඳ හරි උයපු කෑම එකක් අපි කන්නේ ඒකේ තියෙන රසයට වඩා, ඒක උයපු කෙනා ගැන තියෙන ආදරය සහ විශ්වාසය නිසා. ඒත් හිතන්න... දවසක ඔබේ බිරිඳ හරි ලේලිය හරි හරිම ආදරෙන් බෙදලා දෙන ඒ රසවත් මස් කරිය ඇතුලේ, ලෝකයේ තියෙන දරුණුතම විෂක් හැංගිලා තිබුණොත්? ඇය ඔබ දිහා බලාගෙන හිනාවෙද්දි, ඔබ ටිකෙන් ටික මරණයට ලං වෙනවා නම්? මේ කියන්න යන්නේ ෆිල්ම් එකක කතාවක් නෙවෙයි. මීට වසර කිහිපයකට කලින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, "කූඩතායි" (Koodathayi) කියන ගමේ සිද්ධ වෙච්ච, පොලිසියේ මහත්වරුන්ගේ පවා ඇස් උඩ ගිය අමානුෂික සත්‍ය සිදුවීමක් ගැනයි.
ඇගේ නම ජොලී ජෝශප් (Jolly Joseph). බැලූ බැල්මට ඇය දිව්‍ය කාන්තාවක් වගේ. පල්ලියට යන, ආගමට දහමට ලැදි, ගමේ කාත් එක්කත් හිනාවෙලා කතා කරන හරිම ප්‍රියමනාප කාන්තාවක්. ඇය විවාහ වෙලා හිටියේ රෝයි තෝමස් (Roy Thomas) කියන කෙනා එක්ක. මේ පවුලේ නැන්දම්මා, මාමණ්ඩි සහ නෑදෑයෝ හැමෝම ජොලීට සැලකුවේ තමන්ගේම දුවෙක්ට වගේ. මොකද ජොලී නිකම්ම ගෘහණියක් නෙවෙයි, ඇය හැමෝටම කියලා තිබුණේ ඇය කැලිකට් විශ්වවිද්‍යාලයේ (NIT Calicut) උගන්වන මහාචාර්යවරියක් (Professor) කියලයි. හැමදාම උදේට ලස්සනට ඇඳ පැළඳගෙන, කාර් එකේ ඇය වැඩට යද්දි ගමේ මිනිස්සු ඇය දිහා බැලුවේ හරිම ගෞරවයෙන්.
නමුත් මේ "සුර දූත කාන්තාව" ඇතුලේ හිටියේ ලේ පිපාසිත යක්ෂණියක් බව කවුරුත්ම දැනගෙන හිටියේ නෑ.
මේ පවුලේ මරණ මාලාව පටන් ගන්නේ 2002 අවුරුද්දේ. පවුලේ මූලිකයා වුණේ ජොලීගේ නැන්දම්මා, "අන්නම්මා". ගෙදර සල්ලි පාලනය කළේ, ජොලීට ඕන විදියට නටන්න නොදී හිටියේ මේ නැන්දම්මා විතරයි. ජොලීට ඕන වුණා ගෙදර පාලනය අතට ගන්න. දවසක් ජොලී නැන්දම්මාට හරිම ආදරෙන් "මට්න් සුප්" (Mutton Soup) එකක් හැදුවා. ඒක බීපු ගමන් නැන්දම්මා කටින් සෙම දාගෙන, ගැහිලා මැරුණා. හැමෝම හිතුවේ හාට් ඇටෑක් එකක් කියලා.
බාධකයක් අයින් වුණා. දැන් ගෙදර බලය ජොලීට. ඊළඟට ජොලීගේ ඇහැ ගියේ මාමණ්ඩිගේ (ටොම් තෝමස්) දේපල වලට. 2008 අවුරුද්දේ දවසක මාමණ්ඩි කන්න ආසම මඤ්ඤොක්කා කරියක් (Tapioca) ජොලී ඉව්වා. ඒක කාලා ඉවර වෙන්න හම්බුනේ නෑ, මාමණ්ඩිත් එතනම මිය ගියා. එදා ජොලී කොච්චර හොඳට රඟපෑවද කියනවා නම්, මාමණ්ඩිගේ මිනිය ළඟ ඉඳන් ඇය ඇඬුවේ මුළු ගමම අඬවලා. හැමෝම කිව්වේ "අනේ පව්, මෙච්චර හොඳ ලේලිටමනේ මේවා වෙන්නේ" කියලා.
ඊළඟ ඉලක්කය වුණේ තමන්ගේම සැමියා, රෝයි. ඒ වෙද්දි ජොලීට වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. රෝයි ඒකට බාධාවක්. 2011 දී දවසක රෑ කෑම කාලා රෝයි බාත්රූම් එකට ගියා. එතනම වමනේ කරලා මැරිලා වැටුණා. එදා පශ්චාත් මරණ පරීක්ෂණයේදී (Post-mortem) දොස්තරලා කිව්වා "මේ මනුස්සයාගේ ඇඟේ සයනයිඩ් (Cyanide) තියෙනවා" කියලා. ඒත් ජොලී ඒක යට ගැහුවා. "මගේ මහත්තයා ණය වෙලා හිටියේ, එයා වස බීලා මැරෙන්න ඇති, අපි මේක ප්‍රසිද්ධ කරන්න එපා පවුලේ නම්බුවනේ" කියලා ඇය නෑදෑයෝ ලවා ඒ කේස් එක වස්ස ගත්තා.
මේ විදියට ජොලී තමන්ගේ මාමා කෙනෙක්ව, ඊළඟට තමන්ගේ අනියම් සැමියා වෙන "ෂාජු"ව කසාද බඳින්න ඕන නිසා ෂාජුගේ බිරිඳව සහ... අදහාගන්න... ෂාජුගේ අවුරුදු 2ක පුංචි දරුවා (ඇල්ෆින්) වත් මරා දැම්මා! ඒ දරුවාට කන්න දුන්න පාන් කෑල්ලට වස දාලා.
අවුරුදු 14ක් ඇතුළත, එකම පවුලේ 6 දෙනෙක්ව ඇය තනිවම ඝාතනය කළා. ඒ හැම මළගෙදරකදීම වැඩිපුරම ඇඬුවේ, වැඩ කටයුතු කළේ ඇයමයි.
මේ අපරාධය එළියට ආවේ කොහොමද? මැරුණු සැමියාගේ (රෝයිගේ) මල්ලි "රොජෝ" හිටියේ ඇමරිකාවේ. එයාට මේ මරණ ගැන සැක හිතුණා. "කොහොමද යකෝ මේ ගෙදර මිනිස්සු ඔක්කොම කෑම කාලා එකපාර මැරෙන්නේ?" කියලා එයා පොලිසියට පැමිණිල්ලක් දැම්මා.
පොලිසිය මේ පරීක්ෂණය පටන් ගත්තේ හරිම සරල තැනකින්. ඔවුන් කෙලින්ම කතා කළේ ජොලී උගන්නනවා කියපු කැලිකට් විශ්වවිද්‍යාලයට (NIT Calicut). එතනින් ලැබුණ උත්තරේ අහලා පොලිසියේ නිලධාරීන් අන්දමන්ද වුණා. කැම්පස් එකේ පාලනාධිකාරිය කිව්වා 'ජොලී ජෝශප්? එහෙම නමක් තියෙන කෙනෙක් අපේ කැම්පස් එකේ අතුගාන්නවත් නෑ. එහෙම මහාචාර්යවරියක් අපිට ඉඳලම නෑ' කියලා.
පොලිසියට තරු විසි වුණා. එහෙනම් මේ ගැහැනිය අවුරුදු 14ක් තිස්සේ කළේ මොකක්ද?
වැඩිදුර හොයද්දි තමයි මේ මහා රඟපෑමේ තරම එළියට ආවේ. ජොලී ළඟ තිබුණේ ව්‍යාජ ලෙස සකස් කරපු බොරු 'Professor' ID කාඩ් එකක්. ඇය අවුරුදු 14ක් තිස්සේ හැමදාම උදේට ලස්සනට සාරිය ඇඳගෙන, ෆයිල් බෑග් එක අරගෙන, කාර් එකේ නැගලා 'මම දේශන වලට (Lectures) යනවා' කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ කැම්පස් එකට නෙවෙයි. ඇය ගිහින් තියෙන්නේ නගරයේ තියෙන බියුටි සැලොන් (Salons) වලට. එහෙම නැත්නම් පාක් වලට වෙලා යාළුවෝ එක්ක, අනියම් පෙම්වතුන් එක්ක සැපට කාලා බීලා රස්තියාදු වෙලා තියෙනවා. හවසට මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා වගේ ගෙදර ඇවිත් බොරු දේශන ගැන විස්තර පවා කියලා තියෙනවා. ඇය ඇගේ සැමියාව, නැන්දම්මාව විතරක් නෙවෙයි මුළු ගමම, මුළු පළාතම අමු අමුවේ අන්දලා තිබුණා!
මේ බොරුව එළිවෙද්දිම පොලිසිය ඊළඟ පියවර ගත්තා. ඒ තමයි ඉන්දියාවේ මෑත ඉතිහාසයේ සිද්ධ වුණ භයානකම සොහොන් හෑරීම.
උසාවි නියෝගයක් අරගෙන, පොලිස් කණ්ඩායමක්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ කැමරා කණ්ඩායම් රෑ එළි වෙනකම් ඒ පාලු සොහොන් පිටියේ රැඳී හිටියා. ගමේ මිනිස්සු බයෙන් ගැහි ගැහි බලාගෙන ඉද්දි, පවුලේ සොහොන් කොත් එකින් එක කඩලා, මීට අවුරුදු ගාණකට කලින් වළ දාපු ඒ දිරාගිය මිනී නැවත ගොඩ ගත්තා.
සාමාන්‍යයෙන් මිනියක් දිරලා ගියාම සාක්ෂි හොයන්න අමාරුයි. හැබැයි අපරාධකාරිය නොදන්න දෙයක් තිබුණා. 'සයනයිඩ්' (Cyanide) කියන්නේ ලේසියෙන් මැකෙන දෙයක් නෙවෙයි. අවුරුදු ගාණක් පස් යට තිබුණත්, ඒ ඇටකටු වල සයනයිඩ් අංශු රැඳිලා තියෙනවා. එදා රෑ ගොඩගත්ත ඒ ඇටකටු පරීක්ෂා කරද්දි විද්‍යාව බොරු කළේ නෑ. ඒ හැම සිරුරක්ම නිහඬවම සාක්ෂි දුන්නා, 'අපි මැරුණේ නිකන් නෙවෙයි, අපිට වස දුන්නා' කියලා
අවසානයේ ඒ බොරු මහාචාර්ය වෙස් මූණ ගැලවිලා, ජොලීගේ දෑතට පොලිස් මාංචු වැටුණා. හැබැයි පොලිසිය ඉස්සරහා ඇය හැසිරුණේ හරිම පුදුම විදියට. තමන්ගේ අතින් මැරුණ අහිංසක සැමියා ගැන, තමන්ට අම්මෙක් වගේ සැලකුව නැන්දම්මා ගැන ඇය ඇඬුවේ නෑ, වැඳලා සමාව ගත්තේ නෑ. ඇය ප්‍රශ්න කරන පොලිස් නිලධාරීන්ගේ මූණට කෙලින්ම එබිලා බලලා, කට කොනකින් හිනාවෙලා (Smirk) දුන්න ඒ අමන උත්තරේ අහද්දි ඕනම කෙනෙක්ගේ ඇඟේ මාලු නටනවා.
'ඔව්, වෙන කවුරුත් නෙවෙයි මම තමයි ඒ ඔක්කොම මැරුවේ. මට ඒ ගැන කිසිම පසුතැවීමක් නෑ. මට ඕන වුණේ මගේ සැප, මගේ සල්ලි සහ මගේ නිදහස විතරයි. ඒකට හරස් වුණේ කවුද, ඒ මගේ මහත්තයද නැන්දම්මද කියන එක මට අදාළ නෑ, මම එයාව මගේ පාරෙන් අයින් කළා. මම එයාලගේ බත් පතට දැම්මේ නිකන් වස නෙවෙයි, රත්තරන් බඩු පොලිෂ් කරන්න ගන්න දරුණුම සයනයිඩ්!'
හිතාගන්න පුළුවන්ද? අවුරුදු 14ක් එකට එක බත් පත බෙදාගෙන කාපු, තමන්ට පණ වගේ ආදරේ කරපු මිනිස්සුන්ව බල්ලෝ බලල්ලු වගේ මරලා දාද්දි, මේ ගැහැනියගේ හිත එක තත්පරයකටවත් ගැස්සුනේ නැද්ද?
මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම හරිම භයානකයි. අපි හිතාගෙන ඉන්නේ හොරු, මිනීමරුවෝ ඉන්නේ කළුවරේ පාරවල් අයිනේ කියලා. ඒත් සමහර විට ලෝකේ භයානකම අපරාධකාරයා ඉන්න පුළුවන් හරිම ළඟින්, හරිම ආදරෙන් හිනාවෙලා බත් එක අනලා කවන දුරකින් වෙන්න පුළුවන්.
ලස්සන මූණට, වැදගත් රස්සාවට රැවටිලා මිනිස්සුන්ව අන්ධ විදියට විශ්වාස කරන්න එපා කියලා ජොලී ජෝශප් මුළු ලෝකයටම පෙන්නලා #නොකීකතා
අපේ රටෙත් දේපල වලට, අනියම් සම්බන්ධතා වලට තමන්ගේම අයව මරන සිද්ධි ඕන තරම් වෙනවා. ඒත් මේ වගේ ගැහැනියක් ගැන ඇහුවම ඔබට මොකද හිතෙන්නේ? අපිට ඇත්තටම ළඟ ඉන්න මිනිස්සුන්ව 100%ක් විශ්වාස කරන්න පුළුවන්ද? 👇😨
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#JollyJoseph #CyanideMurders #Koodathayi #TrueCrime #Kerala #RealStory #FamilyCrimes #SriLanka #Sinhala #NokeeKatha #නොකීකතා







