Ad Space - leaderboard (728x90)

"හිනාවෙලා කෑම මේසයට වාඩි වුණු නෑදෑයෝ හතර දෙනාට, පැය 24ක් යද්දි මේ මොකද වුණේ?" - මුළු ලෝකයක්ම අන්දමන්ද කළ, ඕස්ට්‍රේලියාවේ...

🔪 සැබෑ අපරාධ2025 උඳුවප් 195 min read
"හිනාවෙලා කෑම මේසයට වාඩි වුණු නෑදෑයෝ හතර දෙනාට, පැය 24ක් යද්දි මේ මොකද වුණේ?" - මුළු ලෝකයක්ම අන්දමන්ද කළ, ඕස්ට්‍රේලියාවේ...

"හිනාවෙලා කෑම මේසයට වාඩි වුණු නෑදෑයෝ හතර දෙනාට, පැය 24ක් යද්දි මේ මොකද වුණේ?" - මුළු ලෝකයක්ම අන්දමන්ද කළ, ඕස්ට්‍රේලියාවේ 'බිම්මල්' දිවා භෝජනයේ අබිරහස් කතාව! (Part 01) 🇦🇺🍄🥩

අපි හැමෝම හිතන්නේ අපේ ආරක්ෂිතම තැන "ගෙදර" කියලයි. ඒ වගේම අපි කවදාවත් සැක කරන්නේ නෑ අපේම පවුලේ කෙනෙක් අපිට ආදරෙන් උයලා දෙන කෑම පිඟාන ගැන. ලේලි කෙනෙක් නැන්දම්මාට, මාමණ්ඩියට කෑම වේලක් උයලා දෙනවා කියන්නේ කොච්චර සුන්දර දසුනක්ද? ඒත්... ඒ රසවත් "බීෆ් වෙලින්ටන්" (Beef Wellington) එක ඇතුලේ මුළු පවුලම විනාශ කරන, විද්‍යාවටවත් හොයාගන්න බැරි තරම් දරුණු මරණීය රහසක් හැංගිලා තිබුණොත්? මේ කියන්න යන්නේ 2023 ජූලි මාසයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, ලියොන්ගතා (Leongatha) කියන සාමකාමී නගරයේ සිද්ධ වුණ, අදටත් ලෝකයේම මාධ්‍ය වල සිරස්තල මවන අතිශය භයානක සහ සංකීර්ණ අපරාධයක් ගැන.

මේ කතාවේ කේන්ද්‍රීය චරිතය වන එරින් පැටසන් (Erin Patterson) කියන්නේ නිකම්ම නිකන් ගෘහණියක් නෙවෙයි. ඇය ඉතාම බුද්ධිමත්, සමාජයේ ඉහළම තැනක හිටපු කාන්තාවක්. ඇය කාලයක් ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් පාලකවරියක් (Air Traffic Controller) විදියට වැඩ කළා. හිතන්න, අහසේ යන ප්ලේන් පාලනය කරන්න, ක්ෂණික තීරණ ගන්න කොච්චර සියුම් අවධානයක් සහ මොළයක් තියෙන්න ඕනද? අන්න එහෙම තියුණු මොළයක් ඇයට තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඇයට ඇගේ දෙමව්පියන්ගෙන් සහ මිත්තණියගෙන් ඩොලර් මිලියන ගණනක (රුපියල් කෝටි 400කට වැඩි) දේපලක් උරුම වෙලා තිබුණා. ඇය මූල්‍යමය වශයෙන් ඉතාම ස්ථාවර, පොහොසත් කාන්තාවක්. හැබැයි ඇගේ යාළුවෝ ඇයව හැඳින්වූවේ "Super-Sleuth" (සුපිරි රහස් පරීක්ෂකවරිය) කියලයි. මොකද ඇය අපරාධ පරීක්ෂණ සහ True Crime කතා ගැන පුදුම උනන්දුවකින් සහ දැනුමකින් හිටපු කෙනෙක්. ඇය නිතරම ඉන්ටර්නෙට් එකේ අපරාධ විසඳන හැටි හෙව්වා. කවුරුත් හිතුවේ නෑ දවසක ඇය ඒ දැනුම පාවිච්චි කරලා තමන්ගේම පවුල විනාශ කරයි කියලා.

සිද්ධිය වෙන්නේ 2023 ජූලි 29 වෙනිදා. එරින් ඒ වෙද්දි එයාගේ සැමියා වන සයිමන් පැටසන් (Simon Patterson) ගෙන් වෙන් වෙලා හිටියේ. මේ වෙන්වීම සහ පවුලේ දේපල ප්‍රශ්න නිසා එරින් හිටියේ සැමියාගේ පවුලත් එක්ක ලොකු තරහකින්. විශේෂයෙන්ම එයාගේ සැමියා එයාට දෙන නඩත්තු මුදල් අඩු කරපු එක ගැන එයා හිටියේ පුදුම කේන්තියකින් . එයා යාළුවන්ට මෙසේජ් කරලා තිබුණා "මට මේ මිනිස්සුන්ව පෙන්නන්න බෑ, මම මෙයාලට සාප කරනවා" කියලා. හැබැයි එදා එරින් හරිම අහිංසක විදියට, "පවුලේ සමඟිය ඇති කරගන්න" කියලා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් (Lunch) ලෑස්ති කළා.

මේ මාරක දිවා භෝජනයට නෑදෑයෝ ගෙන්න ගන්න එරින් පාවිච්චි කළේ, ඕනම මනුස්සයෙක්ගේ හිත උණු වෙන දරුණුම මානසික උගුලක්. ඇය තමන්ගේ නැන්දම්මාට කතා කරලා කිව්වේ අමුම අමු බොරුවක්.

' ගේල් .. මට පිළිකාවක් (Ovarian Cancer). දොස්තරලා කියනවා මට ජීවත් වෙන්න තියෙන්නේ තව ටික කාලයයි කියලා. මම මැරෙන්න කලින් අපි පරණ තරහ මරහ අමතක කරලා එක පාරක් එකතු වෙමු, මට සමාව දෙන්න' කියලා ඇය බැගෑපත් වුණා.

ඒ අහිංසක මිනිස්සුන්ගේ හිත්වල තිබුණ මනුස්සකම මේ බොරුව ඉස්සරහා පරාජය වුණා. 'මැරෙන්න ඉන්න ලේලිනේ... මොන වැරදි කළත් අන්තිම මොහොතනේ, අපි යමු' කියලා හිතලා, නැන්දම්මා ගේල් (Gail), මාමණ්ඩි ඩොන් (Don) සහ නැන්දම්මාගේ සහෝදරිය හෙදර් (Heather) සහ ඇගේ සැමියා ඉයන් (Ian), කිසිම සැකයක් නැතුව, මරණයේ දොරකඩට පිය මැන්නා.

එදා දවසේ "Special Dish" එක වුණේ එරින් හදපු රසම රස "Beef Wellington" එක. මේක හදන්නේ පේස්ට්‍රි එකක් මැදට මස් සහ බිම්මල් පේස්ට් එකක් (Mushroom Duxelles) දාලා. මේකේ විශේෂත්වය තමයි, මේක හැමෝටම එකට හදන වෑංජනයක් නෙවෙයි, එක් එක් කෙනාට වෙන වෙනම හදන පේස්ට්‍රි වගයක්. ඒ නිසා උයන කෙනාට පුළුවන් ඕන නම් කාටහරි විතරක් මොනවා හරි දාලා දෙන්න. එරින් කුස්සියේ තනියම මේක උයද්දි, නැන්දම්මා උදව් කරන්න ඇහුවත් එරින් කාටවත් කුස්සියට එන්න දුන්නේ නෑ.

කෑම හරිම රසයි කියලා ඉයන් කිව්වා. හැමෝම සතුටින් කාලා ගෙවල් වලට ගියා. නමුත් එදා රෑ 12 වෙද්දි මේ සුරංගනා කතාව ත්‍රාසජනක චිත්‍රපටයක් බවට පත් වුණා.

කෑම කාපු හතර දෙනාටම එකපාරටම දරුණු බඩේ අමාරුවක්, වමනය සහ පාචනය හැදුණා. රෝහලට ගෙනිච්චම දොස්තරලා හිතුවේ මේක නිකන් ආහාර විෂ වීමක් කියලා. ඒත් පැය ගාණක් යද්දි ඔවුන්ගේ තත්ත්වය දරුණු වුණා. ටික වෙලාවකට එයාලට සනීප වුණා වගේ දැනුණා. ඒකට දොස්තරලා කියන්නේ "Ghost Recovery" කියලා. හැබැයි ඒ වෙලාවේ ඇත්තටම වෙමින් තිබුණේ ඔවුන්ගේ අක්මාව (Liver) සම්පූර්ණයෙන්ම මැරිලා යන එක. දවස් කිහිපයක් ඇතුළත, දැඩි වේදනාවක් විඳලා ගේල්, ඩොන් සහ හෙදර් කියන තුන් දෙනාම මිය ගියා. ඉයන් (Ian) විතරක් මාස ගාණක් මරණයත් එක්ක සටන් කරලා, යන්තම් පණ බේරාගත්තා.

Ad Space - in-article (300x250)

දැන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. මේ හතර දෙනාම මැරෙද්දි, මේ කෑම උයපු එරින්ට විතරක් මුකුත් වුණේ නෑ!. පොලිසිය ප්‍රශ්න කරද්දි එයා කිව්වා "මමත් ඒකෙන් කෑවා, මටත් බඩේ අමාරුව හැදිලා බෙහෙත් ගත්තා" කියලා. හැබැයි දොස්තරලා එයාගේ ලේ චෙක් කරද්දි දැක්කා එයාගේ අක්මාවට කිසිම හානියක් වෙලා නෑ කියලා.

ඒ වගේම, එදා ලන්ච් එකට එරින්ගේ සැමියාටත් (Simon) එන්න කියලා තිබුණා. ඒත් එයා අන්තිම මොහොතේ එන්න බෑ කිව්වා. ඇයි එයා ආවේ නැත්තේ? එයා පොලිසියට දීපු කට උත්තරේ අහලා මුළු ඕස්ට්‍රේලියාවම කම්පා වුණා. එයා කිව්වා "මම හිතුවා මම එදා ගියොත් එරින් මාව මරයි කියලා...".

සයිමන් නිකන්ම බයට එහෙම කිව්වා නෙවෙයි. සයිමන් තමන්ගේ බිරිඳ ගැන කොච්චර සැකෙන්ද හිටියේ කියනවා නම්, එයා රහසිගතව ෆෝන් එකේ 'Spreadsheet' (ලැයිස්තුවක්) පවා මේන්ටේන් කරලා තිබුණා. එයා ඒකේ මාස ගාණක් තිස්සේ ලියලා තිබුණා "අද එරින් මට චිකන් කෝමා දුන්නා - මම කෝමා එකට ගියා", "අද එළවළු කරිය කෑවා - මට වමනේ ගියා" කියලා . දොස්තරලා මේවා නිකන් ලෙඩ කියලා හිතුවට, සයිමන් තමන්ගේ ලිස්ට් එක බලලා තේරුම් ගත්තා "මේ හැම පාරම මම ලෙඩ වුණේ මගේ ගෑනි උයපු දවසට... මේක අසනීපයක් නෙවෙයි, මේක මගේ ගෑනි මට ටික ටික දෙන වසක්" කියලා. අන්න ඒ "ලිස්ට් එක" නිසා තමයි සයිමන් එදා අර මාරක බීෆ් වෙලින්ටන් එක කන්න ගියේ නැත්තේ.

එහෙම නම්... එරින් ඇත්තටම මේ මරණ වලට පාවිච්චි කළේ මොනවද? එයාගේ "ගූගල් හිස්ට්‍රි" (Google History) එක චෙක් කරද්දි පොලිසියට හම්බුණු "මරණීය සර්ච්" මොනවද? එරින්ගේ ගෙදර කුණු බාල්දියෙන් හම්බුණු "Smoking Gun" එක මොකක්ද? 🕵️‍♀️🍄⚖️

මේ දේවල් දැනගන්න ආස කට්ටිය දැම්ම නොකී කතා - Untold Stories පිටුවට ගිහින් දෙවන කොටස කියවන්න .

යාලුවන්ටත් මේ සත්‍ය සිද්ධිය දැන ගැනීම සදහා share කරන්න අමතක කරන්න එපා 👍

නොකී කතා - Untold Stories පිටුව follow කරන්න අමතක කරන්න එපා

#MushroomMurders #ErinPatterson #TrueCrime #Australia #Mystery #BeefWellington #Sinhala #SriLanka

"හිනාවෙලා කෑම මේසයට වාඩි වුණු නෑදෑයෝ හතර දෙනාට, පැය 24ක් යද්දි මේ මොකද වුණේ?" - මුළු ලෝකයක්ම අන්දමන්ද කළ, ඕස්ට්‍රේලියාවේ... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න