ඒරින්ගේ "ගූගල් හිස්ට්‍රි" එකේ තිබුණු විස රහස් සහ කෝමා එකෙන් නැගිටපු සාක්ෂිකරුගේ හෙළිදරව්ව! - බිම්මල් මිනීමැරුමේ අවසානය �...

ඒරින්ගේ "ගූගල් හිස්ට්‍රි" එකේ තිබුණු විස රහස් සහ කෝමා එකෙන් නැගිටපු සාක්ෂිකරුගේ හෙළිදරව්ව! - බිම්මල් මිනීමැරුමේ අවසානය 🇦🇺🍄⚖️ (Part 2)
(ඊයේ පළවූ කොටස කියවා නැතිනම් පේජ් එකට ගොස් පළමු කොටස කියවන්න)
එරින් පැටසන් කියන කෝටිපති කාන්තාව, තමන්ගේ නැන්දම්මා ඇතුළු තුන් දෙනෙක්ව "විස බිම්මල්" දාලා මරපු හැටි අපි ඊයේ කතා කළා. අද බලමු මේ "සුපිරි සැලසුම" (Masterplan) කුඩු වුණේ කොහොමද කියලා.
පොලිසිය එරින්ව කොටු කරගන්න හදද්දි, එයා ලෑස්ති කරපු අලි බොරුවක් තිබුණා. එයා පොලිසියට ලිඛිත ප්‍රකාශයක් දුන්නා "මම මේ බිම්මල් ගත්තේ මවුන්ට් වේවර්ලි වල තියෙන ඒෂියන් කඩේකින් (Asian Grocer). ඒකේ විස තියෙනවා කියලා මම දන්නේ නෑ. මේක අත්වැරදීමක්" කියලා. මේ බොරුව නිසා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ කලබල වුණා. ඔවුන් රට පුරාම කඩවල් පරීක්ෂා කළා. අන්තිමට තහවුරු වුණා එරින් කියන්නේ අමු බොරුවක් කියලා . "Death Cap Mushrooms" (Amanita phalloides) කියන්නේ කඩවල් වල විකුණන දෙයක් නෙවෙයි.
පොලිසියට ලොකුම සාක්ෂියක් වුණේ එරින්ගේ "සර්ච් හිස්ට්‍රි" එක. ඇය කොච්චර දක්ෂද කියනවා නම්, පොලිසියට ෆෝන් එක දෙන්න කලින් ඒක "Factory Reset" කරලා ඔක්කොම මකලා තිබුණා. හැබැයි පොලිසියේ IT විශේෂඥයෝ එයාගේ "Cloud Data" ගොඩගත්තා. එතන තිබුණ දේවල් දැකලා පොලිසියට පිස්සු හැදුණා. එරින් ඝාතනයට කලින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා තිබුණේ "Mushroom toxicity" (බිම්මල් විෂ වීම) සහ "Time required for poison to kill" (විෂෙන් මැරෙන්න කොච්චර වෙලාවක් යනවද) කියලයි. ඒ වගේම "iNaturalist" වෙබ්සයිට් එකෙන් විස බිම්මල් තියෙන තැන් පවා එයා හොයලා තිබුණා.
ඊළඟට පොලිසියට හම්බුනේ එරින්ගේ ගෙදර තිබුණ "Sunbeam Food Dehydrator" (කෑම වේලන මැෂින්) එකක්. අර මිනිස්සු ලෙඩ වුණ ගමන් එරින් බය වෙලා මේක අරන් ගිහින් කුණු බාල්දියකට විසිකරලා තිබුණා. පොලිසිය ඒ මැෂින් එක හොයාගත්තා. ඒකේ එරින්ගේ ඇඟිලි සලකුණු සහ "Death Cap" විස බිම්මල් වල කොටස් තිබුණා! . ඒ කියන්නේ එයා කැලෙන් බිම්මල් හොයාගෙන, මේ මැෂින් එකෙන් වේලලා, විස සැර වැඩි කරලා (Concentrate) තමයි කෑමට දාලා තියෙන්නේ.
එරින්ගේ සැමියා, සයිමන් පැටසන් පොලිසියට හෙළි කළේ නිකන් කතාවක් නෙවෙයි, ත්‍රාසජනක චිත්‍රපටයක වගේ අතීතයක්. සයිමන්ට අනුව එරින් එක පාරක් නෙවෙයි, අවස්ථා තුනකදීම කෑම හරහා එයාට වස දීලා මරන්න උත්සාහ කරලා තිබුණා. මේ මරණීය ප්‍රහාරය මුලින්ම පටන් ගත්තේ 2021 නොවැම්බර් මාසේ. එදා එරින් සයිමන්ට හදලා දුන්න 'පෙනේ බොලොග්නීස්' (Penne Bolognese) කියන ඉතාලි කෑම එක කාපු ගමන් සයිමන්ට දරුණු විදියට වමනය යන්න පටන් අරන් එයා ඇදගෙන වැටුණා. එදා එයා හිතුවේ ඒක සාමාන්‍ය බඩේ අමාරුවක් කියලා.
හැබැයි දරුණුම දේ වුණේ 2022 මැයි මාසේ. එදා එරින් හදපු 'චිකන් කෝමා' (Chicken Korma) එක කාපු සයිමන් කෙලින්ම සිහි නැති වෙලා කෝමා (Coma) එකට ගියා. එයා දවස් ගාණක් ජීවිතයත් මරණයත් අතර සටනක හිටියා. එයාගේ ශරීරයේ ඉන්ද්‍රියයන් අක්‍රිය වෙන්න පටන් ගත්තා වගේම, එයාගේ බඩවැල් වලින් කොටසක් සම්පූර්ණයෙන්ම මැරිලා, කුණු වෙලා (Necrotic bowel) ගිහින් කියලා දොස්තරලා හොයාගත්තා. සයිමන්ගේ ජීවිතේ බේරගන්න දොස්තරලාට සිද්ධ වුණා හදිසි සැත්කමක් කරලා ඒ මැරුණු බඩවැල් කොටස කපලා අයින් කරන්න. එතනින් නතර වුණේ නෑ, යන්තම් බේරිලා ගෙදර ආපු සයිමන්ට, ආපහු සැප්තැම්බර් මාසේ එරින් හදපු එළවළු රෝල් එකක් (Wrap) කෑවම ආයෙත් දරුණු බඩේ අමාරුවක් හැදිලා රෝහල් ගත වෙන්න වුණා.
මේ රටාව තේරුම් ගත්ත නිසා තමයි සයිමන් අර අන්තිම 'බීෆ් වෙලින්ටන්' ලන්ච් එකට නොගිහින්, තමන්ගේ නම මරණ ලැයිස්තුවෙන් කපා ගත්තේ .
එදා Wrap එක කාල සයිමන් අසනීප උන වෙලාවෙ දොස්තරලා සැක කළේ මේ ලක්ෂණ 'Barium Carbonate' (මී පාෂාණ) විෂ වීමට සමානයි කියලයි. පුදුම හිතෙන කාරණය කියන්නේ, පොලිසිය එරින්ගේ ෆෝන් එක චෙක් කරද්දි දැක්කා, ඇය හරියටම ඒ කාලෙම "Barium Carbonate කියන්නේ මොකක්ද? ඒක වතුරේ දියවෙන්නේ කොහොමද?" කියලා ගූගල් සර්ච් කරලා තිබුණ බව!.
හිතාගන්න පුළුවන්ද? තමන්ගේ සැමියාට රසට කෑම උයලා දෙන ගමන්, එයා ඒ කෑම එකට මී පාෂාණ කලවම් කරලා තියෙනවා. සයිමන් එදා බේරුණේ පුදුම වාසනාවකට.
මේ නඩුවේ ප්‍රධානම සාක්ෂිය දුන්නේ මරණය පරාජය කරපු "ඉයන් විල්කින්සන්" (Ian Wilkinson). එයා උසාවියේදී කිව්වා "එදා අපි කෑම කද්දි, අපි හැමෝටම බෙදලා තිබුණේ අළු පාට පිඟන් වල. හැබැයි එරින් විතරක් කෑවේ වෙනම පාට පිඟානක" කියලා!. ඒ කියන්නේ එරින් එයාගේ පිඟානට විස දාගත්තේ නෑ කියන එක පැහැදිලියි.
නඩු විභාගයේදී එරින් තවත් නාට්‍යයක් රඟපෑවා. එයාට ලෙඩක් තිබුණේ නෑ කියලා ඔප්පු වෙද්දි, එයා කිව්වා "නෑ මටත් එදා බඩ ගියා. මම හොස්පිට්ල් යද්දි පාර අයිනේ කැලේකට ගිහින් තමයි ඇඳුමේම ගිය එක සුද්ද කරගත්තේ" කියලා. මේ වගේ ලැජ්ජා සහගත දේවල් කියලා එයා හැදුවේ ජූරියේ අනුකම්පාව ගන්න. නමුත් ඇය බොරු කිව්වා කියලා ඇයටම පිළිගන්න සිද්ධ වුණා.
ඒවගේම හෙලිවුනා මේ අපරාධය සිද්ධ වුණේ හුඟක් දෙනෙක් හිතනවා වගේ සරල ආදර සම්බන්ධයක් කැඩුණු නිසා නෙවෙයි, ඊට වඩා බරපතල "සල්ලි සහ පළිගැනීමේ" චේතනාවක් මේක පිටිපස්සේ තිබුණා. ඇත්තම ප්‍රශ්නය පටන් ගත්තේ සයිමන් එයාගේ ටැක්ස් ෆයිල් එකේ "වෙන් වුණා" කියන එක වෙනුවට "තනිකඩයි" කියලා වෙනස් කරපු තැනින්;ඒක නිසා එරින්ට රජයෙන් ලැබෙන ළමා දීමනා සහ මූල්‍යමය වාසි ගොඩක් අහිමි වුණාම ඇයට සයිමන් එක්ක පුදුම කේන්තියක් ඇති වුණා .ඊට අමතරව, සයිමන්ගේ දෙමව්පියන් (Gail සහ Don) මේ වෙලාවේ සයිමන්ට බලපෑම් කරලා තමන්ට සල්ලි අරන් දෙන්න මැදිහත් වුණේ නෑ කියලා එරින් හිටියේ එයාලා එක්කත් ලොකු වෛරයකින්.
අවසානයේ නීතියේ දෙවඟන ඇස් ඇරියා. 2025 ජූලි මාසයේදී, උසාවියේ හිටපු ජූරිය එක හඬින් තීරණය කළා ඇය 'මිනීමරුවෙක්' බව.
ඊට පස්සේ සැප්තැම්බර් මාසේ දඬුවම් නියම කරන දවස උදා වුණා. එදා විනිසුරු ක්‍රිස්ටෝපර් බීල් (Christopher Beale) ඇයට දඬුවම් දෙන්න කලින් කියපු කතාවෙන් එරින්ගේ හිතේ තිබුණ අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙලා ගියා. විනිසුරුවරයා ඇගේ මූණටම කිව්වා:
'ඔබ කරපු අපරාධය අතිශය බිහිසුණුයි . ඔබ තුළ මම කිසිම පසුතැවීමක් දකින්නේ නෑ. ඔබ කළේ ඔබේම දරුවන්ගෙන් ඔවුන්ගේ ආච්චිලා සීයලා උදුරගත්ත එකයි'.
අවසානයේ ඒ බරපතල තීන්දුව ලැබුණා. ජීවිතාන්තය දක්වා සිර දඬුවම! නීතිය කොච්චර තදද කියනවා නම්, ඇයට සමාව (Parole) ඉල්ලන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු 33ක් ගියාට පස්සේ. ඒ කියන්නේ 2058 අවුරුද්ද වෙනකම් ඇයට හිරගෙදරින් එළිය දකින්න ලැබෙන්නේ නෑ. අද මේ දරුණු අපරාධය කරපු එරින්, දවසක හිරෙන් එළියට එද්දි (ඒකත් ලැබුණොත්), ඇය දත් හැලුනු, වාරු නැති අවුරුදු 82ක මහලු කාන්තාවක්!"
"මම වැරදි නෑ, මම එයාලට ආදරෙයි" කියලා එරින් අන්තිම වෙනකම්ම කිව්වා. හැබැයි තමන්ගේ සැමියාගේ ආදරය සහ දේපල ලබාගන්න ඕන නිසා, මුළු පවුලම මරා දාන්න හදපු ඇය, අන්තිමට නතර වුණේ තනිවම හිර කුටියක් ඇතුලේ. මරණයෙන් බේරුණු ඉයන් උසාවියේදී කිව්වේ "මම එරින්ට සමාව දෙනවා... නමුත් ඇය මගේ කරුණාවට විස හලාපු ගැහැනියක්" කියලා.
මේ කතාව අපිට කියලා දෙන්නේ එක දෙයයි. අපරාධකරුවෙක් කොච්චර බුද්ධිමත් වුණත්, එයාගේම "ගූගල් හිස්ට්‍රි" එක හරි "Spreadsheet" එකක් වගේ පුංචි තැනකින් හරි එයාව අහුවෙනවා.
මේ කතාවේ පුදුමම දේ තමයි, මරණයෙන් බේරුණු ඉයන් විල්කින්සන් උසාවියේදී කිව්වේ 'මම එරින්ට සමාව දෙනවා' කියලා. තමන්ගේ ආදරණීය බිරිඳව මරපු කෙනෙක්ට එහෙම හිත හදාගෙන සමාව දෙන්න පුළුවන් මනුස්සයෙක් ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔයාට පුළුවන්ද එහෙම කරන්න? 👇🥺
නොකී කතා - Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම අපගේ Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#ErinPattersonVerdict #JusticeServed #MushroomKiller #TrueStory #CrimeWatch #FamilyTrust #SriLanka #Sinhala #NokeeKatha #නොකීකතා

ආශ්‍රිත කතා
🔪 සැබෑ අපරාධ▶ Video🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...
🔪 සැබෑ අපරාධ🚴♀️ සහෝදරයෙක්ගේ පිස්සු වැඩකින් විසඳුණු ලෝකයේ අමුතුම අභිරහස! 🤯
🚴♀️ සහෝදරයෙක්ගේ පිස්සු වැඩකින් විසඳුණු ලෝකයේ අමුතුම අභිරහස! 🤯 1995 අවුරුද්ද කියන්නේ ලෝකයේ තාක්ෂණය අද තරම්ම දියුණු නැති කාලයක්. ඒ කාලයේ නෙදර්ලන්තයේ අයින්ඩ්හෝවන් (Eindhoven) කියන්නේ හරිම නිස්කලංක වගේ...
🔪 සැබෑ අපරාධ🎬 සිහින පුරවරයේ අඳුරුතම කතාව: ලෝකයම හෙල්ලූ 'බ්ලැක් ඩැලියා' අභිරහස 🥀
🎬 සිහින පුරවරයේ අඳුරුතම කතාව: ලෝකයම හෙල්ලූ 'බ්ලැක් ඩැලියා' අභිරහස 🥀 1940 දශකය කියන්නේ ඇමරිකාවේ හොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය යුගයයි. ඒ කාලයේ ලොස් ඇන්ජලීස් නගරය හරියට සිහින සැබෑ කරන මායාකාරී ලෝකයක් වගේ. ...
🔪 සැබෑ අපරාධ▶ Videoජීවිත 269ක් බේරගන්න දින 17ක් තිබුණා! 💔 ඔබ මේ ඇත්ත දන්නවාද?
ජීවිත 269ක් බේරගන්න දින 17ක් තිබුණා! 💔 ඔබ මේ ඇත්ත දන්නවාද? 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඔබ නොදකින සැබෑ කාලරාමුව සහ ඊට පසුබිම් වූ සැඟවුණු කතාව. පැහැදිලි බුද්ධි තොරතුරු තිබියදීත් බලධාරීන් මේ මහා විනාශය ...
🔪 සැබෑ අපරාධ▶ Videoමිනිස් වෙස් ගත්තු යක්ෂයෝ! 😱 ලෝක ඉතිහාසයේ බිහිවුණු දරුණුම සහ භයානකම මිනීමරුවෝ 10 දෙනා. මේකෙන් ඔයාගේ ඇඟම හිරිවැටුණේ කාගේ ...
මිනිස් වෙස් ගත්තු යක්ෂයෝ! 😱 ලෝක ඉතිහාසයේ බිහිවුණු දරුණුම සහ භයානකම මිනීමරුවෝ 10 දෙනා. මේකෙන් ඔයාගේ ඇඟම හිරිවැටුණේ කාගේ කතාව ඇහුවමද? අනිත් අයටත් බලන්න අනිවාර්යයෙන්ම Share කරන්න! 👇
🔪 සැබෑ අපරාධ🏦 ලංකාවේ NDB සිද්ධිය වගේම, හැබැයි ඊට වඩා දාහක් ගුණයකින් දරුණු ඉන්දියාවේ මහා බැංකු වංචාව! 🤯💸
🏦 ලංකාවේ NDB සිද්ධිය වගේම, හැබැයි ඊට වඩා දාහක් ගුණයකින් දරුණු ඉන්දියාවේ මහා බැංකු වංචාව! 🤯💸 ලෝකයේ ප්‍රසිද්ධම රතු පලස මත ඇවිදින හොලිවුඩ් සහ බොලිවුඩ් නිළියන්ගේ ගෙල හැඩ කළේ ඔහු නිපදවූ දියමන්ති මාල වලි...