"සාධාරණය හෙව්වද? නැත්නම් පළිගත්තද?" - නගර සභාවට එරෙහිව තමන්ගේම 'යුද ටැංකියක්' හදාගෙන පාරට බැස්ස වෙල්ඩින් බාස්! 🚜🇺🇸🔥
මිනිහෙක්ව කේන්ති ගස්සන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ සීමාව පැන්නොත් මොකද වෙන්නේ? 2004 ජූනි 4 වෙනිදා ඇමරිකාවේ Marvin Heemeyer ලෝකෙටම පෙන්නුවේ අන්න ඒ පාඩම.
Marvin කියන්නේ දක්ෂ වෙල්ඩින් කාර්මිකයෙක්. එයාගේ ෂොප් එක ඉස්සරහා අලුත් කොන්ක්‍රීට් කම්හලක් හදන්න නගර සභාව අවසර දීමත් එක්ක එයාගේ ප්‍රධාන පාර වැහුණා. "පාර වැහුනොත් මගේ බිස්නස් ඉවරයි" කියලා එයා විරුද්ධ වුණත්, නගර සභාව විසඳුමක් දුන්නේ නෑ. මදිවට එයාට ලොකු දඩයකුත් ගැහුවා. නඩු දැම්මා, පැරදුණා.
නීතියෙන් වැඩක් නෑ කියලා හිතුණ තැන Marvin තීරණයක් ගත්තා. "තොපි මගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, මගේ යකඩ යකාට ඇහුම්කන් දීපල්!"
මිනිහා කාටත් හොරෙන් තමන්ගේ Komatsu D355A බුල්ඩෝසර් එක "යුද ටැංකියක්" කළා. අඟල් ගාණක් ඝනකම යකඩ තහඩු සහ කොන්ක්‍රීට් දැම්මා. එළිය බලන්න වීදුරු වෙනුවට කැමරා (Cameras) සෙට් කළා. ස්නයිපර් උණ්ඩ වලටවත් හාරන්න බැරි වෙන්න සීල් කළා.
2004 ජූනි 4 යකඩ යකා එළියට බැස්සා! 🚜
එයා කෙලින්ම ගියේ තමන්ට අරියාදු කරපු තැන් කුඩු කරන්න. නගර සභා ගොඩනැගිල්ල (City Hall), පොලිසිය, අර කොන්ක්‍රීට් ෆැක්ටරිය, පත්තර කන්තෝරුව ඇතුළු ගොඩනැගිලි 13ක් එයා විනාශ කළා. සමහර ගොඩනැගිලි ආයේ පාවිච්චි කරන්න බැරි වෙන තරමටම කුඩු කළා.
පොලිසිය මැෂින් තුවක්කු වලින් වෙඩි තිබ්බා, ග්‍රෙනේඩ් ගැහුවා, SWAT බැස්සුවා. ඒත් මේ යකඩ කන්ද නවත්තන්න බැරි වුණා. විශේෂම දේ, Marvin කිසිම මනුස්සයෙක්ව මැරුවේ නෑ. එයාට ඕන වුණේ දේපළ විනාශ කරන්න විතරයි.
අන්තිමට මැෂින් එක හිර වුණාම, පොලිසියට අහුවෙන්න අකමැති වුණු Marvin, ඇතුළේදීම වෙඩි තියාගෙන දිවි නසා ගත්තා.
එයාගේ අවසාන වචන: "සමහර වෙලාවට සාධාරණ දේ කරන්න නම්, අසාධාරණ විදිහට හැසිරෙන්න වෙනවා."
නීතියට අනුව ඔහු අපරාධකාරයෙක්... හැබැයි පීඩනයට ලක්වුණු සමහරුන්ට ඔහු තවමත් වීරයෙක්.
ඔයා මොකද හිතන්නේ? ඔහු කරපු දේ හරිද? වැරදිද? 👇
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
#Killdozer #MarvinHeemeyer #Granby #TrueStory #History #Action #UntoldStories












