මිනීමරුවා ගෙදර ඇතුළෙමද? නැත්නම් තාමත් අපි අතර නිදැල්ලේ ඉන්නවාද?" - ජොන්බෙනේ ඝාතනයේ ලේ හීතල කරන අවසන් හෙළිදරව්ව! (Part 02) 🕵️♂️🧬🩸
මෙය කියවීමට පෙර නොකී කතා - Untold Stories පිටුවට ගොස් පලමු කොටස කියවන්න ඔබට එය මිස් උනානම්.
ඊයේ අපි දැක්කා ඇමරිකාවේ හිටපු ලස්සනම පුංචි රූ රැජින, ජොන්බෙනේ රම්සි නත්තල් දවසේ රෑ තමන්ගේම ගෙදර බිම් මහල ඇතුලේ ඉතාම අමානුෂික විදිහට ඝාතනය වෙලා ඉද්දි හම්බුණු හැටි. කප්පම් ඉල්ලලා ලියුමක් තිබුණත්, දරුවා ගෙදරින් පිටට අරන් ගිහින් තිබුණේ නෑ. මේ මිනීමැරුම සිද්ධ වුණේ ගෙදර දොර ජනෙල් වහලා තියෙද්දි, දෙමාපියන් සහ අයියා උඩ තට්ටුවේ නිදාගෙන ඉද්දි. එහෙනම් ප්‍රශ්නය මේකයි... කවුද ඝාතකයා? ගෙදර අයද? නැත්නම් නොපෙනෙන බලවේගයක්ද? මේ ගැන පරීක්ෂණ පවත්වපු පොලිසියට සහ FBI එකට ලැබුණු සාක්ෂි දිහා බලද්දි ඔවුන්ට හිතාගන්න බැරි වුණා මොන පැත්ත විශ්වාස කරන්නද කියලා. මොකද එක සාක්ෂියක් තව සාක්ෂියක් එක්ක ගැටෙන්න පටන් ගත්තා.
මුලින්ම මුළු ලෝකයේම සැකය එල්ල වුණේ අම්මාට සහ තාත්තාට. ඒකට ප්‍රබලම සාක්ෂිය වුණේ අර උදේ හම්බුණු අද්භූත "කප්පම් ලිපිය". පොලිසිය මේ ලිපිය දිහා ඉතාම සියුම්ව බැලුවා. සාමාන්‍යයෙන් දරුවෙක්ව පැහැරගන්න ගෙදරකට හොරෙන් පනින අපරාධකාරයෙක් ගෙදර ඇතුළෙම ඉඳගෙන ලිපි ලිය ලිය ඉන්නවද? නෑ. ඒත් මේ ලිපිය පිටු තුනක් පුරා ලියවුණු ඉතාම දීර්ඝ එකක්. මේක ලියන්න අඩුම තරමේ විනාඩි 20ක් 30ක්වත් යනවා. එච්චර වෙලාවක් මිනීමරුවෙක් ගෙදර කුස්සියේ ගත කරයිද? ඊළඟ භයානකම කාරණය තමයි, මේ ලිපිය ලියලා තිබුණේ ගෙදර තිබුණු පෑනකින් සහ අම්මාගේ (පැට්සි රම්සිගේ) නෝට්බුක් එකේ තිබුණු කොළ වලමයි. ඒ විතරක් නෙවෙයි, මිනීමරුවා ලිපිය ලියන්න කලින් පුහුණු වෙන්න (Practice කරන්න) ලියපු තවත් කොළ කෑල්ලක් පොලිසියට හම්බුණා. කවුද ගෙදරකට පැනලා Practice කර කර ලියුම් ලියන්නේ? අත් අකුරු පරීක්ෂකයන් ගොඩක් අය කිව්වේ මේ ලිපියේ අකුරු වල හැඩය අම්මාගේ අත් අකුරු වලට ගොඩක් සමානයි කියලා. තවත් පුදුම හිතෙන කාරණයක් තිබුණා. කප්පම් විදිහට ඉල්ලලා තිබුණේ හරියටම ඩොලර් 118,000 යි. ඇයි මේ වගේ ඔත්තේ ගාණක්? පුදුමේ කියන්නේ, තාත්තාට (ජෝන් රම්සිට) එදා නත්තල් බෝනස් විදිහට ලැබිලා තිබුණෙත් හරියටම ඔය ගාණමයි. පිටින් ආපු මිනීමරුවෙක් තාත්තාගේ බෝනස් එකේ ගාණ සතයටම හරියට දන්නේ කොහොමද? මේ දේවල් නිසා මිනිස්සු තදින්ම විශ්වාස කළේ ගෙදර ඇතුළේ වෙච්ච හදිසි අනතුරක් හෝ රණ්ඩුවක් දුරදිග ගිහින් අම්මා අතින් දරුවා මැරුණා, පස්සේ තාත්තා එකතු වෙලා ඒක වහන්න කප්පම් නාට්‍යයක් රඟපෑවා කියලයි.
ඊළඟ සැකය එල්ල වුණේ 9 හැවිරිදි අයියා (Burke) වෙත. මරණ පරීක්ෂණයේදී වෛද්‍යවරු හොයාගත්තා ජොන්බෙනේ මැරෙන්න ටික වෙලාවකට කලින් අන්නාසි කාලා තිබුණා කියලා. පොලිසිය කුස්සිය පරීක්ෂා කරද්දි කෑම මේසය උඩ කිරි දාපු අන්නාසි බඳුනක් තිබුණා. ඒකේ තිබුණේ අයියාගේ (Burke ගේ) ඇඟිලි සලකුණු විතරයි. නමුත් දෙමාපියන් කිව්වේ ජොන්බෙනේ අන්නාසි කෑවේ නෑ, එයා නිදාගත්තා කියලයි. සමහර තියරි වලින් කියවුණේ අයියා අන්නාසි කද්දි නංගි ඇවිත් ඉල්ලපු නිසා හෝ සොරාකෑ නිසා ඇති වුණු කේන්තියට ඔහු අතින් නංගිට පහරක් වැදුණා, පසුව දෙමාපියන් ඒක වහගන්න මේ ඔක්කොම කළා කියලා. අයියාගේ හැසිරීමත් පොලිසියට සැක හිතුණා.
නමුත්... මේ ඔක්කොම කණපිට ගැහුණේ "DNA සාක්ෂි" නිසා. ගෙදර අය වැරදිකාරයෝ කියලා හිතාගෙන හිටපු ලෝකයටම ෂොක් එකක් දෙමින් ජොන්බෙනේගේ යට ඇඳුම්වල සහ ඇගේ නියපොතු අස්සේ තිබිලා "නාඳුනන පිරිමියෙක්ගේ DNA" හම්බුණා. ඒ DNA සාම්පලය පවුලේ කාටවත් (අම්මා, තාත්තා, අයියා) අයිති වුණේ නෑ. ඒ කියන්නේ ඇත්තටම කවුරුහරි එදා රෑ ගෙදරට රිංගුවා වෙන්න පුළුවන්. ගෙදර බිම් මහලේ තිබුණු කුඩා ජනේලයක් කැඩිලා තිබුණු බවත්, ඒ අසල නාඳුනන බූට් සපත්තුවක අඩි පාරක් තිබුණු බවත් පසුව හොයාගත්තා. සමහර විට ඝාතකයා එතනින් ඇතුළු වෙලා, දරුවාව මරලා, කාටත් හොරෙන් යන්න යන්න ඇති. ඒ වගේම දරුවාගේ ඇඟේ තිබුණු සමහර සලකුණු "Stun Gun" (කරන්ට් වදින උපකරණයක්) එකකින් කරපු ඒවා බවටත් මතයක් ආවා. මේ DNA සාක්ෂිය නිසා 2008 වසරේදී නීතියෙන් රම්සි පවුල නිල වශයෙන් සැකයෙන් නිදහස් කළා.
අවාසනාවට, එදා උදේ පොලිසිය කරපු ලොකුම වැරදි නිසා අදටත් මිනීමරුවා කවුද කියලා ස්ථිරවම හොයාගන්න බැරි වුණා. මිනිය හම්බුණු වෙලාවේ තාත්තා දරුවාව වඩාගෙන උඩට ආපු නිසාත්, ගෙදරට ආපු යාළුවෝ හැමතැනම ඇවිදපු නිසාත් අපරාධ ස්ථානයේ (Crime Scene) තිබුණු ගොඩක් වටිනා සාක්ෂි විනාශ වුණා. අද වෙද්දි මේ සිදුවීමට වසර 25කට වැඩියි. ජොන්බෙනේගේ අම්මා පිළිකාවකින් මිය ගියා. තාත්තා අදටත් කියන්නේ "අපි නිර්දෝෂී, මගේ දුවව මැරුවේ පිටින් ආපු පිස්සෙක්" කියලා. නමුත් ඇමරිකානු පොලිසියට මේ ගැටලුව ලිහාගන්න තාම බැරි වුණා. ඒ සුරංගනා කතාව වගේ තිබුණු ජීවිතය එක නත්තල් රැයකින් සුනුවිසුනු වුණා. ඒ ලස්සන හිනාව පිටිපස්සේ හැංගිලා තිබුණු ඇත්ත කතාව මොකක්ද? ඇත්තටම පිටින් ආපු කෙනෙක් ගෙදර පෑනෙන්ම ලියුමක් ලියලා, දරුවාව මරලා කාටත් හොරෙන් යන්න ගියාද? නැත්නම් මේක ගෙදර ඇතුළෙම වැළලුණු රහසක්ද? මේ ප්‍රශ්නයට උත්තරේ දන්නේ මියගිය පුංචි ජොන්බෙනේ රම්සි විතරමයි. ඇය තාමත් බලන් ඉන්නවා තමන්ට සාධාරණයක් ඉටුවෙනකම්.
ඔයාලට මොකද හිතෙන්නේ? මේ මිනීමැරුම පිටුපස ඉන්නේ කවුද? 👇
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#JonBenetRamsey #TrueCrime #Part02 #MysterySolved #UnsolvedCase #JusticeForJonBenet #SinhalaArticle #ViralStory







