Ad Space - leaderboard (728x90)

හොර ඔප්පු හදලා ඉඩම් විකුණන එක සාමාන්‍ය දෙයක් වුණාට, 'අයිෆල් කුළුණ' විකුණන්න තරම් හයියක් තිබුණු ලෝකයේ එකම මනුස්සයා මෙයා ව...

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 12 min read
හොර ඔප්පු හදලා ඉඩම් විකුණන එක සාමාන්‍ය දෙයක් වුණාට, 'අයිෆල් කුළුණ' විකුණන්න තරම් හයියක් තිබුණු ලෝකයේ එකම මනුස්සයා මෙයා ව...

හොර ඔප්පු හදලා ඉඩම් විකුණන එක සාමාන්‍ය දෙයක් වුණාට, 'අයිෆල් කුළුණ' විකුණන්න තරම් හයියක් තිබුණු ලෝකයේ එකම මනුස්සයා මෙයා විතරයි!

අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ ගෙවල් ඉඩම් වලට හොර ඔප්පු හදලා විකුණන මිනිස්සු ගැනනේ. හැබැයි මීට අවුරුදු 100කට කලින් ප්‍රංශයේ හිටපු මනුස්සයෙක්, ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ (Eiffel Tower) විකුණුවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද?

ඔව්, මේක බොරුවක් නෙවෙයි, ඇත්තටම වෙච්ච සිද්ධියක්!

1925 වසරේ ප්‍රංශයේ හිටපු Victor Lustig , ලෝක ඉතිහාසයේ වාර්තා වුණු දරුණුතම සහ සූක්ෂම වංචාකාරයෙක්.

ඒ කාලේ ප්‍රංශ ආණ්ඩුව ලොකු ආර්ථික අර්බුදයක හිටියේ. අයිෆල් කුළුණත් මලකඩ කාලා, නඩත්තු කරන්න සල්ලි නැතුව ආණ්ඩුව අමාරුවෙන් හිටියේ. පත්තරවල පවා ගියා "මේක කඩලා යකඩ වලට දෙන එක ලාබයි" කියලා. මේක දැක්ක Victorට අපූරු අදහසක් ආවා.

එයා වැඩේට බැස්සේ බොහොම සැලසුම් සහගතව. නිකන්ම කට වචනයට සීමා නොවූ Victor, ප්‍රංශ රජයේ නිල මුද්‍රා , ලිපි ශීර්ෂ සහ ව්‍යාජ ID කාඩ් පවා හදාගෙන , තමන් "තැපැල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ" කියලා පෙන්නන්න ව්‍යාජ ලියකියවිලි සෙට් එකක්ම හැදුවා.

ඊට පස්සේ පැරිසියේ ලොකුම යකඩ බිස්නස්කාරයෝ 5 දෙනෙක්ව රහසිගත රැස්වීමකට ගෙන්නලා Victor මෙහෙම කිව්වා:

"ආණ්ඩුවට මේ කුළුණ නඩත්තු කරන්න සල්ලි නෑ. කාටවත් දැනගන්න තියන්න එපා, අපි තීරණය කළා මේක කඩලා යකඩ වලට විකුණන්න. ඔයාලගෙන් වැඩිම ගාණ දෙන කෙනාට අපි ටෙන්ඩර් එක දෙනවා."

Ad Space - in-article (300x250)

මේකට අහු වුණේ André Poisson කියන කෝටිපති ව්‍යාපාරිකයා. Victor පෙන්නපු ව්‍යාජ රජයේ ලියකියවිලි වලට මිනිහා හොඳටම රැවටුණා. Poisson කුළුණේ ටෙන්ඩර් එකට විතරක් නෙවෙයි, Victor ඉල්ලපු අල්ලසට ලොකු ගාණක් පූජා කළා.

සල්ලි මල්ලත් අරන් එදා රෑම Victor වියානා වලට පැනලා ගියා.

අයිෆල් කුළුණ ගලවන්න ගියපු බිස්නස්කාරයාට දවස් ගාණකට පස්සේ තමයි තේරුණේ තමන්ට වෙච්ච දේ. හැබැයි ලැජ්ජාව වැඩි කමට මිනිහා පොලිසියටවත් ගියේ නෑ.

විශේෂම දේ තමයි, මාසෙකට පස්සේ Victor ආපහු ප්‍රංශයට ආවා දෙවෙනි පාරටත් අයිෆල් කුළුණ විකුණන්න!(හැබැයි එදා නම් වැඩේ ගැස්සුණා).

ව්‍යාජ ලියකියවිලි හරහා මෙතරම් දැවැන්ත වංචාවක් කළ මොහු, හුදෙක් අපරාධකරුවෙක්ද? නැත්නම් අසමසම මොළකරුවෙක්ද? ඔයා මොකද හිතන්නේ? 👇

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

#VictorLustig #EiffelTower #History #ConArtist #Scam #UntoldStories #Paris #FakeDeed

හොර ඔප්පු හදලා ඉඩම් විකුණන එක සාමාන්‍ය දෙයක් වුණාට, 'අයිෆල් කුළුණ' විකුණන්න තරම් හයියක් තිබුණු ලෝකයේ එකම මනුස්සයා මෙයා ව... - 2
හොර ඔප්පු හදලා ඉඩම් විකුණන එක සාමාන්‍ය දෙයක් වුණාට, 'අයිෆල් කුළුණ' විකුණන්න තරම් හයියක් තිබුණු ලෝකයේ එකම මනුස්සයා මෙයා ව... - 3
හොර ඔප්පු හදලා ඉඩම් විකුණන එක සාමාන්‍ය දෙයක් වුණාට, 'අයිෆල් කුළුණ' විකුණන්න තරම් හයියක් තිබුණු ලෝකයේ එකම මනුස්සයා මෙයා ව... - 4
හොර ඔප්පු හදලා ඉඩම් විකුණන එක සාමාන්‍ය දෙයක් වුණාට, 'අයිෆල් කුළුණ' විකුණන්න තරම් හයියක් තිබුණු ලෝකයේ එකම මනුස්සයා මෙයා ව... - 5
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න