Ad Space - leaderboard (728x90)

ඇගේ ඇස් දෙක ඇතුලේ... ඇගේම ඉරණම හැංගිලා තිබුණා! 👁️📸🚫

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 43 min read
ඇගේ ඇස් දෙක ඇතුලේ... ඇගේම ඉරණම හැංගිලා තිබුණා! 👁️📸🚫

ඇගේ ඇස් දෙක ඇතුලේ... ඇගේම ඉරණම හැංගිලා තිබුණා! 👁️📸🚫

මේක කියවන ඔබ මොහොතක් සිතන්න... ඔබ ආසාවට ගන්න සෙල්ෆි ඡායාරූපයක්, ඔබේ ජීවිතේ ලොකුම විනාශයට පාර කපයි කියලා ඔබ කවදාවත් හිතනවාද?

ජපානයේ ජනප්‍රිය තරුණ ගායිකාවක් වුණු Ena Matsuoka ත් එහෙම හිතුවේ නෑ. ඇය කවදාවත් තමන් ඉන්න තැනක්, ලිපිනයක් සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කළේ නෑ.

🔥 සිද්ධිය වූ දවස - 2019 සැප්තැම්බර් 01

එදා රාත්‍රියේ ප්‍රසංගයක් අවසන් කර ඇය තමන්ගේ පාඩුවේ නිවසට පැමිණ දොර අරින්න උත්සාහ කළා පමණයි... එකපාරටම පිටුපසින් කඩා පැන්න පුද්ගලයෙක් තුවායක් වැනි යමකින් ඇගේ කට තද කර, ඇයව බිම දාගෙන අසල තිබූ අඳුරු මුල්ලකට ඇදගෙන ගොස් අමානුෂික ලෙස අතවර කරන්න උත්සාහ කළා.

මොහු ගෙවල් බිඳින සොරාකම් කරන්නෙකු නොවේ. මොහු ඇය එන වෙලාව හරියටම දැනගෙන, එතනට වෙලා රැකගෙන සිටි පුද්ගලයෙක්! මේ පොරබැදීම නිසා ඇගේ මුහුණට තුවාල පවා සිදු වුණා.

🕵️ අභිරහස

මුළු ජපානයම හෙල්ලුණා. "කවදාවත් තමන්ගේ ලිපිනය ප්‍රසිද්ධ නොකළ ඇයව, මොහු සොයාගත්තේ කෙසේද?"

පොලිසිය විසින් **හිබිකි සාටෝ (Hibiki Sato ) නම් ඇය ගැන අධික ලෙස උමතු වූ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තාට පස්සේ ඔහු හෙළි කළ "ඩිජිටල් දඩයම" අහලා ලෝකෙම පුදුම වුණා.

👁️ පියවර 01: ඇසේ ඡායාවෙන් ප්‍රදේශය සොයාගැනීම

මොහු සිදු කළේ ඇය දැමූ High-Resolution සෙල්ෆි ඡායාරූපයක් අරගෙන, එහි ඇස් දෙක තියෙන තැනට උපරිමයට "සූම්" (Zoom) කරපු එකයි.

ඒ ඇස් වල කළු ඉංගිරියාවේ (Pupil) වැදිලා තිබුණු ඉතාම බොඳ ඡායාවක් ඔහු දැක්කා. එහි තිබුණේ "දුම්රිය ස්ථානයක" (Train Station) වහලේ හැඩය සහ අවට දර්ශනයක්.

ඔහු Google Street View හරහා දවස් ගණනක් තිස්සේ ටෝකියෝවේ දුම්රිය ස්ථාන පීරමින්, අර ඡායාවට ගැලපෙන ස්ථානය හරියටම සොයාගත්තා.

Ad Space - in-article (300x250)

🏢 පියවර 02: ගොඩනැගිල්ල සොයාගැනීම

දුම්රිය ස්ථානය සොයාගත් ඔහු අනුමාන කළා ඇය ජීවත් වෙන්නේ මේ ස්ටේෂන් එක ආසන්නයේ බව. ඔහු Google Street View හරහා ස්ටේෂන් එක වටා ඇති වීදි පීරමින්, ඇය නිවසේ සිට දැමූ වෙනත් වීඩියෝවල ජනේලයෙන් පිටතට දිස්වූ ගොඩනැගිලි සහ පරිසරය සංසන්දනය කරමින් ඇය ජීවත් වන ගොඩනැගිල්ල හරියටම සොයාගත්තා.

🌞 පියවර 03: ඉර එළියෙන් සහ කර්ටන් වලින් කාමරේ සොයාගැනීම

ගොඩනැගිල්ල හොයාගත්තත්, ඇය ඉන්නේ කීවෙනි තට්ටුවේද? කොයි කාමරේද? කියලා හොයාගන්න ඔහු පාවිච්චි කළේ පුදුම ක්‍රමයක්.

ජනෙල් රෙදි : ඔහු ඇය කාමරේ ඉඳන් දාපු වීඩියෝ වල පෙනෙන ජනෙල් රෙදිවල පාට සහ ඒවා එල්ලලා තියෙන විදිහ පිටතින් පෙනෙන දසුන එක්ක සංසන්දනය කළා.

ඉර එළිය: ඇය උදේ කාලයේ දාන ෆොටෝ වල, ඇගේ මුහුණට ඉර එළිය වැටෙන කෝණය අධ්‍යයනය කර, ඉර එළිය කාමරයට වැටෙන දිශාව අනුව ඇය ඉන්නේ කී වෙනි තට්ටුවේද යන්න ඔහු ගණනය කළා.

මේ සියුම් කරුණු සියල්ල එකතු කරලා, ඇය ඉන්න නිශ්චිත කාමරයම සොයාගත් ඔහු, අවසානයේ ඇය නිවසට එනතුරු අඳුරට වී බලා සිටියා.

අවසානයේ නීතිය හමුවේ වරදකරු වූ ඔහුට සිර දඬුවම් හිමි වුණා.

තාක්ෂණය සහ මිනිසුන්ගේ විකෘති මනස එකතු වුණාම මොන තරම් භයානක දේවල් වෙන්න පුළුවන්ද කියන එකට මීට වඩා උදාහරණයක් නෑ. පරිස්සම් වෙන්න! ඔබේ ඇස් දෙක ඇතුලේ වුණත් ඔබේ රහස් සැඟවී තිබෙන්නට පුළුවන්.

නොකී කතා – Untold Stories | අද්භූත දේ සොයා යන ගමනට එකතු වෙන්න Follow කරන්න

සෙල්ෆි පිස්සුව තියෙන ඔයාගේ යාලුවෙක්වත් මේකට පහලින් Mention කරලා දැනුවත් කරන්න. පරිස්සම් වෙන්න කියන්න!

#StalkerAlert #SocialMediaSafety #SelfieDanger #TrueStory #Mystery #UntoldStories #Japan #Technology #Privacy

ඇගේ ඇස් දෙක ඇතුලේ... ඇගේම ඉරණම හැංගිලා තිබුණා! 👁️📸🚫 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න