Ad Space - leaderboard (728x90)

පැරිසියේ අඳුරු රාත්‍රියක, ලෝකයම කම්පා කළ 'සූට්කේස්' එකේ රහස! (පළමු කොටස)

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 94 min read
පැරිසියේ අඳුරු රාත්‍රියක, ලෝකයම කම්පා කළ 'සූට්කේස්' එකේ රහස! (පළමු කොටස)

පැරිසියේ අඳුරු රාත්‍රියක, ලෝකයම කම්පා කළ 'සූට්කේස්' එකේ රහස! (පළමු කොටස)

ලෝකයම කම්පා කළ, අදටත් විසඳාගත නොහැකි නීතියේ හිඩැසක් ඉතිරි කළ "ජපන් මිනීමරුවාගේ" සත්‍ය කතාවේ ආරම්භයයි මේ.

පැරිස් නුවර... ලෝකයේ ආදරවන්තයන්ගේ නගරය. 1981 ජූනි මාසයේ ඒ රාත්‍රියත් බොහොම සුන්දර එකක් වුණා. වීදි පහන් එළිය මැදින් සීතල සුළං හමද්දි, කිසිම කෙනෙක් හිතුවේ නෑ නගරයේ එක තැනක මනුස්සකමේ සීමාවන් ඉක්මවා ගිය අමානුෂික අපරාධයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා.

කතාවේ කතානායකයා ඉසෙයි සගාවා (Issei Sagawa). ජපානයේ බොහොම ධනවත් පවුලක ඉපදුණු, ඒත් ශරීරයෙන් බොහොම කුඩා, දුර්වල පෙනුමක් තිබුණු තරුණයෙක්. ඔහු පැරිසියට ආවේ ඉගෙන ගන්න. බැලූ බැල්මට ඔහු හරිම අහිංසකයි. පොතපතට ලැදියි. කාටවත් කරදරයක් නැති චරිතයක්.

ඒත් ඔහුගේ හිත ඇතුලේ තිබුණේ සාමාන්‍ය මනුස්සයෙක්ට හිතාගන්නවත් බැරි තරම් විකෘති ආශාවක්. ඔහුට ඕන වුණා උස මහත, සුදු හම තියෙන බටහිර කාන්තාවක්ව "අයිති කරගන්න."

ඒ අයිති කරගැනීම අපි හිතන විදිහේ ආදරයක් නෙවෙයි. ඔහු විශ්වාස කළා කෙනෙක්ව සම්පූර්ණයෙන්ම තමන්ගේ කරගන්න නම්, ඒ කෙනාව ආහාරයට ගන්න ඕන කියලා! 🥩🤯

ඔහුගේ ගොදුර වුණේ රෙනේ හාර්ට්වෙල්ට් (Renée Hartevelt). ඇය නෙදර්ලන්තයේ ඉඳන් පැරිසියට ආපු බොහොම රූමත්, බුද්ධිමත් ශිෂ්‍යාවක්. ඇය සාහිත්‍යයට හරිම ආසයි.

සගාවා ඇයට යෝජනා කළා තමන්ගේ ගෙදරට ඇවිත් ජර්මානු කවි කියවන්න කියලා. රෙනේ මේ අහිංසක පාට ජපන් තරුණයා ගැන කිසිම සැකයක් ඇති කරගත්තේ නෑ. ඇය හිතුවේ මේක සාහිත්‍යමය හමුවීමක් කියලා.

1981 ජූනි 11 වෙනිදා.

රෙනේ, සගාවාගේ නිවසට ආවා. ඇය මේසයේ වාඩි වෙලා බොහොම මිහිරි හඬින් කවි කියවන්න පටන් ගත්තා. සගාවා ඇය දිහා බලාගෙන හිටියේ ආදරෙන් නෙවෙයි, දඩයමක් දිහා බලන් ඉන්න සතෙක් වගේ.

ඇය කවියක් කියවන අතරතුරේ සගාවා හෙමින් සැරේ ඇගේ පිටිපස්සට ගියා. තමන් කලින්ම ලෑස්ති කරගෙන හිටපු රයිෆල් එක අතට ගත්තා.

රෙනේ කිසිම දෙයක් දැක්කේ නෑ. ඇය කවියේ අන්තිම පේළිය කියවද්දිම... "ඩෝං!" 💥 එක වෙඩි පහරක් ඇගේ ගෙල හරහා ගියා. රෙනේ එතනම ජීවිතක්ෂයට පත් වුණා.

සාමාන්‍ය මිනීමරුවෙක් නම් මේ වෙලාවේ කරන්නේ බයෙන් පැනලා යන එක. නැත්නම් මිනිය හංගන්න බලන එක. ඒත් සගාවා කළේ ඒක නෙවෙයි. ඔහුගේ "උත්සවය" පටන් ගත්තේ එතනින්.

ඔහු ඇගේ සිරුරත් එක්ක ලිංගිකව හැසිරුණා. ඊට පස්සේ... (ලිවීමට පවා අපහසු වුවත් මෙය සත්‍යයකි) ඔහු ඇගේ සිරුරේ කොටස් කපාගෙන අනුභව කරන්න පටන් ගත්තා.

දවස් දෙකක්... ඔහු මේ මළ සිරුරත් එක්ක තනිවම ජීවත් වුණා. ඔහු ඇගේ මස් උයලා කෑවා. සමහර කොටස් අමුවෙන් කෑවා. ඔහු පස්සේ කාලෙක පොලිසියට කිව්වේ, "මට ඕන වුණේ ඇයව මගේ ශරීරයේ කොටසක් කරගන්න. ඇයව කනකොට මට දැනුනේ මම ඇයව සදහටම මගේ කරගත්තා වගේ හැඟීමක්" කියලා.

දවස් දෙකකට පස්සේ මළ සිරුර නරක් වෙන්න පටන් ගත්තම ඔහුට සිද්ධ වුණා මේකෙන් නිදහස් වෙන්න.

Ad Space - in-article (300x250)

ඔහු ලොකු සූට්කේස් දෙකක් අරගෙන, ඉතුරු වෙලා තිබුණු ශරීර කොටස් ඒකට ඔබා ගත්තා. ඊට පස්සේ කුලී රථයකට කතා කරලා පැරිසියේ ප්‍රසිද්ධ බුවා ද බුලොන් (Bois de Boulogne) උද්‍යානයට ගියා.

උද්‍යානයේ වැවක් අයිනේ සූට්කේස් දෙක දාලා යන්න හදද්දිම, එතන හිටපු පෙම්වතුන් යුවලක් මේ කුඩා මිනිහා දිහා බලාගෙන ඉන්නවා ඔහු දැක්කා. කලබල වුණු සගාවා සූට්කේස් දෙක එතනම දාලා දුවන්න ගත්තා.

අර යුවල නිකමට වගේ ගිහින් බැලුවා මොකක්ද මේ මනුස්සයා දාලා ගිය පෙට්ටි දෙක කියලා. ඒකෙන් ගලාගෙන ආපු රතු පාට දියරය දැක්කම ඔවුන්ට තේරුණා මේක නිකන් සෙල්ලමක් නෙවෙයි කියලා. ඔවුන් වහාම පොලිසියට දැනුම් දුන්නා.

පැරිස් පොලිසිය ඇවිත් පෙට්ටි අරිද්දි දැක්ක දසුනෙන් ඔවුන් කම්පනයට පත් උනා . ඒ තුළ තිබුණේ තරුණියකගේ කපා දමපු ශරීර කොටස්!

වහාම පරීක්ෂණ පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් ටැක්සි රියදුරාගේ මාර්ගයෙන් පොලිසිය සගාවාගේ ගෙදරට කඩා පැන්නා.

පොලිසිය එද්දි සගාවා බයෙන් හැංගුනේ නෑ. ඔහු හිටියේ පුදුම සන්සුන්කමකින්. "ඔව්... මම ඇයව මැරුවා. මම ඇයව කෑවා. මට ඕන වුණේ ඇයව රස විඳින්න."

පොලිස් නිලධාරීන් පවා ගල් ගැහුණා. මේ ඉන්නේ මනුස්සයෙක්ද නැත්නම් යක්ෂයෙක්ද?

හැමෝම හිතුවේ කතාව එතනින් ඉවරයි කියලා. මිනීමරුවා අහු වුණා. දැන් ඔහුට මරණ දඬුවම ලැබෙයි කියලා.. රෙනේට සාධාරණයක් ඉටු වෙයි.

නමුත්... නියම ඛේදවාචකය පටන් ගත්තේ එතනින්. නීතියේ තිබුණු පුදුම හිඩැසක් නිසා මේ මිනීමරුවා හිරේ යනවා වෙනුවට, අවසානයේ ජපානයේ ජනප්‍රිය රූපවාහිනී තරුවක් (TV Star) වුණා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

මිනීමරුවා රජ වූ හැටි සහ ඔහු නීතියෙන් රිංගූ පුදුම ක්‍රමය ඊළඟ කොටසින් හෙට බලාපොරොත්තු වෙන්න.

මනුස්සයෙක්ට මේ තරම් දරුනු වෙන්න පුළුවන්ද? මේ සිද්ධිය කියවද්දි ඔයාට මොකද හිතුනේ? ඔයාගේ අදහස පහළින් දාන්න

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#UntoldStories #TrueCrime #IsseiSagawa #Cannibal #MurderMystery #History #DarkSide #Paris #Part1 #Srilanka #SinhalaNews

පැරිසියේ අඳුරු රාත්‍රියක, ලෝකයම කම්පා කළ 'සූට්කේස්' එකේ රහස! (පළමු කොටස) - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න