ළමයි 550 කගේ තාත්තා කෙනෙක්? 😱 මෙන්න ලෝකෙම හොල්ලපු සිද්ධිය!
නිකමට හිතන්න, ඔයා ආදරේ කරන කෙනා ඔයාගේම ලේ ඥාති සහෝදරයෙක් කියලා දැනගත්තොත්? ඇඟ හිරිවැටෙනවා නේද? අන්න ඒ වගේ භයානක අත්දැකීමකට ලෝකේ දරුවන් සිය ගාණක් මුහුණ දෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මේ සිද්ධිය එළියට එන්නේ. 😱
මේ ඉන්නේ නෙදර්ලන්තයේ ජොනතන් ජේකබ්. ෆොටෝ එකේ දැක්කම නම් හරි අහිංසක පාටයි. ඒත් මෙයා කරලා තියෙන වැඩේ ඇහුවම මුළු ලෝකෙම හොලමන් වුණා.
තනි මිනිහෙක්ට පුළුවන්ද දරුවන් 550කට 600කට තාත්තා වෙන්න? ඔව්, මොහු ශුක්‍රාණු පරිත්‍යාග (Sperm Donation) කරලා ඒ වාර්තාව තිබ්බා!
සාමාන්‍යයෙන් නීතියට අනුව ශුක්‍රාණු පරිත්‍යාග කරන කෙනෙක්ට (Donor) පුළුවන් උපරිම දරුවන් 25 දෙනෙක්ට විතරක් තාත්තා වෙන්න. ඒ සීමාව දාලා තියෙන්නේ හේතුවක් ඇතුව. මොකද නැත්නම් අනාගතේදි නොදැනුවත්වම ලේ නෑයෝ අතර විවාහ සිද්ධ වෙලා විකෘති දරුවන් බිහිවෙන්න පුළුවන් නිසා.
ඒත් ජොනතන් මොකද කළේ? සායන වලට තමන්ගේ විස්තර ගැන බොරු කියලා, රටවල් වටේම ගිහින් දිගට හරහට මේ පරිත්‍යාගය කරගෙන ගියා.
දැන් බරපතලම ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. මේ දරුවන් දැන් ලොකුයි. එයාලා දන්නෙ නෑ තමන්ට තව සහෝදරයෝ 550- 600ක් විතර ලෝකේ වටේ ඉන්නවා කියලා.
ඉතින් අනාගතේ දවසක මේ අය නොදැනුවත්වම තමන්ගේම සහෝදර සහෝදරියන් එක්ක ආදරෙන් බැඳෙන්න ලොකු අවදානමක් තියෙනවා. මේක මහා ජානමය ඛේදවාචකයක් වෙන්න පුළුවන්.
මේ නිසාම අධිකරණය මැදිහත් වෙලා ඔහුට දැඩි තහනමක් පැනෙව්වා. ආයේ එක පාරක් හරි අහු වුනොත් ලංකාවේ මුදලින් කෝටි 3ක විතර දඩයක් ගහනවා කියලයි නියෝග කරලා තියෙන්නේ.
හැබැයි පුදුම වැඩේ කියන්නේ, මොහු තාම කියන්නේ තමන් මේක කළේ "සමාජ සත්කාරයක්" විදිහටලු!
ඔයාලට මොකද හිතෙන්නේ? මේ මනුස්සයා ඇත්තටම කළේ ලොකු උදව්වක්ද, නැත්නම් සමාජයට කරපු අපරාධයක්ද? පහලින් කියාගෙන යන්න. 👇
#UntoldStories #TrueStory #Viral #JonathanJacob #WorldNews #Srilanka







