ප්‍රංශයේ මිනීමරුවා ජපානයේ රූපවාහිනී සුපිරි තරුවක් වූ හැටි! 📺⭐️😱 (දෙවන කොටස )
(මෙය කියවීමට පෙර පළමු කොටස කියවා සිටින්න) 👇
පැරිස් පොලිසියට අතටම අහු වුණු, තමන්ගේ මිතුරිය වුණු රෙනේ හාර්ට්වෙල්ට්ව මරලා, ඇගේ ශරීර කොටස් සූට්කේස් වල දාගෙන ගිය ඉසෙයි සගාවා (Issei Sagawa) දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ.
මුළු ලෝකයම බලාගෙන හිටියේ මේ සාහසික අපරාධයට ඔහුට ලැබෙන දඬුවම මොකක්ද කියලා. ජීවිතාන්තය දක්වා හිරේ දායිද?
නමුත්... සිද්ධ වුණේ කවුරුත් නොහිතපු දෙයක්.
ප්‍රංශයේ අධිකරණ වෛද්‍යවරුන් මේ කුඩා ජපන් ජාතිකයා පරීක්ෂා කළා. ඔවුන්ගේ අවසාන තීරණය වුණේ, "මේ පුද්ගලයාට බරපතල මානසික රෝගයක් තියෙනවා. ඔහුට නඩු විභාගයකට මුහුණ දෙන්න තරම් මානසික සෞඛ්‍යයක් නෑ" කියන එක. 🧠🚫
ඒ නිසා ප්‍රංශ අධිකරණය තීරණය කළා ඔහුට හිර දඬුවම් දෙන්න බෑ, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර කියලා. ඔහුව ප්‍රංශයේ මානසික රැඳවුම් මධ්‍යස්ථානයක ටික කාලයක් තියලා, "ප්‍රංශ ජනතාවට තර්ජනයක්" කියන හේතුව උඩ නැවත ජපානයට පිටුවහල් කරන්න තීරණය කළා. ✈️🇫🇷➡️🇯🇵
නියම ඛේදවාචකය, නැත්නම් "දෛවයේ සරදම" පටන් ගන්නේ මෙන්න මෙතනින්.
සගාවා ජපානයට ආවා. ඔහු කළ අපරාධය ගැන ජපානයම දැනගෙන හිටියා. ජපාන පොලිසිය ඔහුව භාරගෙන කෙලින්ම අරන් ගියේ ටෝකියෝ වල තියෙන මානසික රෝහලකට .
එතන හිටපු දක්ෂ ජපන් මනෝවිද්‍යාඥයින් කණ්ඩායමක් ඔහුව ආපහු මාස ගාණක් පරීක්ෂා කළා. ඔවුන්ගේ නිගමනය ප්‍රංශ දොස්තරලාගේ නිගමනයට වඩා හාත්පසින්ම වෙනස්!
ජපන් දොස්තරලා කිව්වේ මෙහෙමයි:
"මේ මනුස්සයට කිසිම පිස්සුවක් නෑ. ඔහු හොඳ සිහියෙන් ඉන්නේ. ඔහු මේ අපරාධය කළේ සැලසුම් කරලා, හොඳ සිහියෙන්. ඔහුට තියෙන්නේ මානසික ලෙඩක් නෙවෙයි, ඔහු උපතින්ම අරන් ආපු ඉතාම නරක, විකෘති චරිත ස්වභාවයක් විතරයි." 😨
දැන් ජපානයේ නීති නිලධාරින් ලොකු අමාරුවක වැටුණා. ඔවුන් අසරණ උනා 😥
1. ඔහුට පිස්සු නැති නිසා, නීතියට අනුව ඔහුව තවදුරටත් මානසික රෝහලේ බලෙන් රඳවාගෙන ඉන්න බෑ.
2. හරි, එහෙනම් මිනීමැරුම් නඩුවක් දාමු? ඒක කරන්නත් බෑ! මොකද ප්‍රංශය දැනටමත් ඔහුට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගෙන තිබුණේ (මානසික රෝගියෙක් නිසා).
3. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නය වුණේ, මේ නඩුවට අදාළ සියලුම සාක්ෂි සහ ලිපිගොනු ප්‍රංශය විසින් "රහසිගත ලේඛන" (Sealed) විදිහට මුද්‍රා තබලා තිබීම. ජපාන පොලිසිය කොච්චර ඉල්ලුවත් ප්‍රංශය ඒ ලියකියවිලි දුන්නේ නෑ.
නීතියේ තිබුණු මේ මහා හිඩැස නිසා ජපාන රජයට කරන්න දෙයක් ඉතුරු වුණේ නෑ. ⚖️🕳️
1986 අගෝස්තු 12 වෙනිදා.
රෙනේ හාර්ට්වෙල්ට්ව මරලා අවුරුදු 5ක් යන්නත් කලින්, තමන්ගේ පෙම්වතියව මරලා ආහාරයට ගත්තු මිනීමරුවා, ඉසෙයි සගාවා, නිදහස් මිනිසෙක් විදිහට රෝහලෙන් එළියට බැස්සා!
හැබැයි කතාව එතනින් ඉවර වුණේ නෑ. ඊටපස්සේ සිද්ධ වුණු දේවල් ඊටත් වඩා පිළිකුල් සහගතයි.
නිදහස් වුණු සගාවා ජපානය ඇතුලේ ප්‍රසිද්ධ චරිතයක් වුණා.
ඔහු තමන් කළ මිනීමැරුම ගැන පොතක් ලිව්වා "In the Fog" කියලා. ඒක උණු කැවුම් වගේ විකිණුනා. 📖
රූපවාහිනී නාලිකා පොරකෑවා ඔහුව වැඩසටහන් වලට ගන්න. ඔහු ඒ වැඩසටහන් වලට ගිහින් හිනාවෙවි කිව්වා "මිනිස් මස් කියන්නේ හරිම රසවත් දෙයක්, ඒක ටූනා මාළු වගේ" කියලා. කිසිම පසුතැවීමක්, කිසිම ලැජ්ජාවක් ඔහුට තිබුණේ නෑ.
ලෝකයේ ලොකුම විහිළුව වුණේ ඔහු ජපානයේ සඟරාවක "ආහාර විචාරකයෙක්" .
මිනිස් මස් කාපු මිනිහෙක් මිනිස්සුන්ට කෑම ගැන උපදෙස් දෙනවා. හිතාගන්න පුළුවන්ද ඒ සමාජයේ තත්වය?
ඔහු චිත්‍රපටවල රඟපෑවා. සමහර අසභ්‍ය චිත්‍රපටවල පවා ඔහු පෙනී හිටියා. ඔහු තමන්ගේ "මිනීමරු" ප්‍රතිරූපය විකුණගෙන කෑවා.
මේ හැම වෙලාවකම, අර අහිංසක රෙනේ හාර්ට්වෙල්ට්ගේ දෙමව්පියෝ නෙදර්ලන්තයේ ඉඳන් මේ දිහා බලාගෙන කොච්චර නම් වේදනාවෙන් අඬන්න ඇත්ද? ඔවුන්ට කවදාවත් සාධාරණයක් ඉටු වුණේ නෑ.
අවුරුදු ගාණක් නිදහසේ ජීවත් වුණු ඉසෙයි සගාවා, 2022 නොවැම්බර් මාසේදී මිය ගියා. ඒ ස්වභාවික මරණයකින්. ⚰️
තමන් කළ අපරාධයට ඔහු එක දවසක්වත් හිරේ හිටියේ නෑ.
නීතිය කියන්නේ මකුළු දැලක් වගේ දෙයක් කියලා කතාවක් තියෙනවා. පොඩි සත්තු ඒකේ පැටලෙනවා, හැබැයි ලොකු සත්තු ඒක කඩාගෙන යනවා.
මේ සම්පූර්ණ කතාව ගැන ඔයාලට දැනෙන දේ වචනයකින් හරි කියාගෙන යන්න. 👇
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#UntoldStories #TrueCrime #IsseiSagawa #Cannibal #JusticeDenied #LegalLoophole #Japan #Horror #History #Part2 #Srilanka #SinhalaNews







