Ad Space - leaderboard (728x90)

"රෑට වහලේ උඩින් අඩි සද්දයක් ඇහෙනවා..." - වසර 10ක් තිස්සේ සැමියාට හොරෙන් බිරිඳ කළ මහා පාපකර්මය! 😱🏚️

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 174 min read
"රෑට වහලේ උඩින් අඩි සද්දයක් ඇහෙනවා..." - වසර 10ක් තිස්සේ සැමියාට හොරෙන් බිරිඳ කළ මහා පාපකර්මය!  😱🏚️

"රෑට වහලේ උඩින් අඩි සද්දයක් ඇහෙනවා..." - වසර 10ක් තිස්සේ සැමියාට හොරෙන් බිරිඳ කළ මහා පාපකර්මය! 😱🏚️

රෑ නිදාගෙන ඉද්දි ඔයාගේ ඇඳට අඩි කිහිපයක් උඩින්, අඳුරු සිවිලිම අස්සේ තවත් මනුස්සයෙක් හුස්ම ගන්නවා කියලා දැනුනොත් ඔයාට මොනවා හිතෙයිද? මේක ත්‍රාසජනක චිත්‍රපටියක කතාවක් නෙවෙයි. මේක ආදරය සහ මානසික වහල්භාවය නිසා සිද්ධ වුණු ලෝකේ භයානකම True Crime සිදුවීමක්.

කතාව පටන් ගන්නේ 1913 දී. ෆ්‍රෙඩ් කියන්නේ ධනවත් ව්‍යාපාරිකයෙක්. එයාගේ බිරිඳ ඩොලී, ගෙදරට වෙලා බොහොම පාළුවෙන් හිටපු ආකර්ෂණීය කාන්තාවක්. දවසක් ඩොලීගේ මහන මැෂිම කැඩුණු වෙලාවක, ෆ්‍රෙඩ් ඒක හදන්න තමන්ගේ ෆැක්ටරියේ වැඩ කරන තරුණ කොල්ලෙක්ව ගෙදරට එවනවා.

ඒ තමයි 17 හැවිරිදි ඔටෝ සැන්හුබර් (Otto Sanhuber).

ඩොලී කියන්නේ බොහොම ආකර්ෂණීය, ඒ වගේම තමන්ගේ විවාහ ජීවිතේ ගැන අසතුටින් හිටපු කාන්තාවක්. මැෂිම හදන්න ආපු මේ 17 හැවිරිදි තරුණයාට ඇය දැක්වූ විශේෂ ලැදිිකම නිසා ඔවුන් අතර ඉක්මනින්ම හිතවත්කමක් ගොඩනැගුණා. වැඩි කල් යන්න කලින් මේ හිතවත්කම දුරදිග ගිහින්, රහස් ප්‍රේම සම්බන්ධයක් බවට පත් වුණා..

ටික කාලයක් යද්දි අසල්වැසියන්ට මේ ගැන සැක හිතුණා. "කවුද අර නිතරම ගෙදරට රිංගන තරුණයා?" කියලා මිනිස්සු අහද්දි ඩොලී ගත්තේ යකෙක්ටවත් හිතන්න බැරි තීරණයක්. ඇය ඔටෝට යෝජනාවක් කළා.

"ඔයා රස්සාව දාලා අපේ ගෙදරට එන්න... ඇවිත් වහලයට යටින් තියෙන අඳුරු අට්ටාලයේ (Attic) ජීවත් වෙන්න."

ආදරයෙන් අන්ධ වෙලා හිටපු ඔටෝ ඒකට කැමති වුණා. එදා ඉඳන් ඔහු හිරු එළිය දකින එක නතර වුණා. දවල්ට සැමියා වැඩට ගියාම ඔහු පහලට ඇවිත් ඩොලී එක්ක කාලය ගත කළා. හැබැයි රෑට සැමියා එද්දි, ඔහු වහලේ උඩට රිංගලා, මීයෙක් වගේ ගුලි වෙලා පහල සිද්ධ වෙන දේවල් දිහා බලාගෙන හිටියා. ඔහු කාලය ගත කළේ ඉටිපන්දම් එළියෙන් පොත් ලියමින්.

පුදුම හිතෙනම දේ වුණේ 1918 දී ෆ්‍රෙඩ් සහ ඩොලී ලොස් ඇන්ජලීස් වලට පදිංචියට යද්දියි. ඩොලී කළේ ඔටෝව කලින්ම එහෙට යවපු එක. යවලා, අලුත් ගෙදර අට්ටාලයේ හැංගිලා ඉන්න කියලා නියෝග කළා. ෆ්‍රෙඩ් දැනගෙන හිටියේ නෑ තමන් අලුත් ගෙදරට යද්දිත් තමන්ගේ වහලේ උඩ අර 'මනුස්සයා' කලින්ම ඇවිත් ඉන්නවා කියලා.

වසර 10ක් මේ විදියට ගෙවුණා. 1922 අගෝස්තු 22 වෙනිදා රෑ හැමදේම වෙනස් වුණා.

ෆ්‍රෙඩ් සහ ඩොලී අතර ලොකු රණ්ඩුවක් ගියා. මේක උඩ ඉඳන් අහගෙන හිටපු ඔටෝට ඉවසන්න බැරි වුණා. අවුරුදු ගාණකට පස්සේ ඔහු පිස්තෝල දෙකකුත් අරගෙන දූවිලි නාගෙන පහලට පැන්නා. ෆ්‍රෙඩ් එකපාරටම මේ හොල්මන දැකලා බය වුණා. හැබැයි ඊළඟට ඔහු අඳුරගත්තා මේ ඉන්නේ තමන්ගේ පරණ සේවකයා නේද කියලා. ඇති වුණු පොරබැදීම අන්තිම වුණේ ෆ්‍රෙඩ්ගේ මරණයෙන්.

දැන් තමයි කතාවේ ඔබේ ලේ කෝප කරවන කොටස පටන් ගන්නේ. සැමියා මැරුණා. දැන් ඔටෝට නිදහසේ එළියට එන්න තිබුණා නේද? නැහැ! ඩොලී ඔටෝව ආපහු අට්ටාලෙට යැව්වා. ඇය පොලිසියට කිව්වේ හොරෙක් ඇවිත් සැමියාව මැරුවා කියලා.

සැමියා මැරුණට පස්සේ ඩොලී ආයෙමත් වෙන ගෙදරක පදිංචියට ගියා. ඒ යද්දිත් ඇය ඔටෝව අරගෙන ගිහින් අලුත් ගෙදර අට්ටාලෙටම දැම්මා! ඇය අලුත් පෙම්වතුන් ආශ්‍රය කරද්දී ඔටෝට සිද්ධ වුණේ වහලේ හිඩැස් වලින් ඒ දිහා බලාගෙන දුකෙන් කතා පොත් ලියන්න විතරයි.

මේ පාප කර්මය එළියට ආවේ ඩොලීගේ මෝඩකමක් නිසා.

Ad Space - in-article (300x250)

කලකට පස්සේ තුවක්කු සම්බන්ධ සිද්ධියකට ඩොලීව පොලිස් අත්අඩංගුවට ගත්තා. රිමාන්ඩ් එකේ ඉද්දි, ඇය තමන්ගේ අලුත් පෙම්වතා වුණු නීතිඥයාට පණිවිඩයක් යැව්වා "අනේ ගෙදර ගිහින් අට්ටාලේ හැංගිලා ඉන්න මගේ යාලුවට කන්න මොනවා හරි දීපන්. සිවිලිමට තට්ටු කරන්න, එතකොට එයා දොර අරියි" කියලා.

නීතිඥයා ගෙදර ගිහින් සිවිලිමට තට්ටු කළා. උඩින් දොර ඇරුණා. අවුරුදු ගාණක් හිරවෙලා හිටපු, ඇට සැකිල්ලක් වගේ කෙට්ටු වුණු, සුදුමැලි වුණු අත්භූත මිනිහෙක් එළියට ඔළුව දැම්මා. කතා කරන්න කෙනෙක් නැතුව පිස්සු හැදිලා හිටපු ඔටෝ, නීතිඥයා ඉස්සරහ අඬ අඬා මුළු විස්තරේම වැමෑරුවා. එහිදී ඔහු ඩොලී සමඟ තිබූ සම්බන්ධය සහ ෆ්‍රෙඩ්ගේ මරණය පිළිබඳ තොරතුරු හෙළි කළා.

මෙය හෙළිවීමත් සමඟ පරීක්ෂණ නැවත ආරම්භ වුණා. අවසානයේ ඩොලී සහ ඔටෝ දෙදෙනාම ෆ්‍රෙඩ්ගේ මරණයට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත.

මේ සිද්දිය මුළු ඇමරිකාව පුරාම පැතිර ගියා.එදා පුවත්පත්වල මොහුව හැඳින්වූයේ "Bat Man" (වවුල් මිනිසා) කියලා. මේ නඩුව පුවත් පත් වල ප්‍රධාන පුවතක් උනා. නඩුව අහද්දී මිනීමැරුම සිද්ධ වෙලා කල් ගත වෙලා තිබුණු නිසා නීතියේ හිඩැසකින් ඔටෝ නිදහස් වුණා.

ඔහු නිදහස් වුණා තමයි. තමන්ගේ මුළු තරුණ කාලයම අඳුරු කුටියක දිය කරපු ඔහුට ජීවිතයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.

දැන් මට කියන්න...

මේ සිද්ධියේ ඇත්තම වැරදිකාරයා කවුද? මිනීමරපු ඔටෝද? නැත්නම් ආදරේ පෙන්නල ඔටෝව අවුරුදු ගාණක් මානසිකව පාලනය (Manipulate) කරපු ඩොලීද? ඔයාගේ අවංක අදහස පහලින් කියන්න

පොස්ට් එකේ තියෙන image එකේ ඉන්නේ ඔටෝ සැන්හුබර් සහ ඩොලී.

පහලින් Comment කරන්න. 👇

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#UntoldStories #TrueCrime #Mystery #DollyOesterreich #BatmanOfTheAttic #History #Sinhalablog

"රෑට වහලේ උඩින් අඩි සද්දයක් ඇහෙනවා..." - වසර 10ක් තිස්සේ සැමියාට හොරෙන් බිරිඳ කළ මහා පාපකර්මය!  😱🏚️ - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න