Ad Space - leaderboard (728x90)

ලෝකයේ ආරක්ෂිතම දේශසීමා පවා රවටා, යක්ෂයෙක් පෙට්ටියක දමා රටකින් රටකට පැහැරගෙන ආ මොසාඩ් මෙහෙයුම - Operation Finale

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 225 min read
ලෝකයේ ආරක්ෂිතම දේශසීමා පවා රවටා, යක්ෂයෙක් පෙට්ටියක දමා රටකින් රටකට පැහැරගෙන ආ මොසාඩ් මෙහෙයුම - Operation Finale

ලෝකයේ ආරක්ෂිතම දේශසීමා පවා රවටා, යක්ෂයෙක් පෙට්ටියක දමා රටකින් රටකට පැහැරගෙන ආ මොසාඩ් මෙහෙයුම - Operation Finale

මේක නිකම්ම කතාවක් නෙවෙයි. යුක්තිය වෙනුවෙන් මිනිස්සු කොච්චර දුරක් යන්න ලෑස්තිද කියලා මුළු ලෝකෙටම පෙන්නපු ත්‍රාසජනක සිදුවීමක්...

දෙවැනි ලෝක යුද්ධය ඉවර වෙනකොට යුරෝපය පුරාම තිබුණේ මළ මිනී කඳු විතරයි. ඒ අතරින් යුදෙව්වන් ලක්ෂ 60ක් ගෑස් කාමරවල දාලා මරපු මහා පාපකර්මයේ "මොළකරු" වුණේ ඇඩොල්ෆ් අයික්මාන්. හිට්ලර් දිවි නසා ගත්තා. අනිත් නායකයෝ අහුවුණා. හැබැයි මේ අයික්මාන් කියන පුද්ගලයා අතුරුදහන් වුණා. හරියටම කිව්වොත් එයා වාෂ්ප වුණා.

ලෝකේ පුරාම බුද්ධි අංශ එයාව හෙව්වා. සමහරු කිව්වා එයා මැරිලා කියලා. තවත් සමහරු කිව්වා එයා මූණ වෙනස් කරගෙන කියලා. ඒත් ඇත්ත කතාව වුණේ කාටවත් හිතාගන්න බැරි එකක්. අයික්මාන් "රිකාඩෝ ක්ලෙමන්ට්" කියන නමින් ආර්ජන්ටිනාවට පැනලා, එහේ බුවනෝස් අයර්ස් නුවර, කාගෙවත් ඇහැ ගැටෙන්නේ නැති පැත්තක සාමාන්‍ය කම්කරුවෙක් විදියට ජීවත් වුණා. අවුරුදු 15ක් යනකම් එයා හිටියේ ආරක්ෂිතව. එයා හිතුවේ එයා දිනුවා කියලා.

හැබැයි යක්ෂයාට හැමදාම හැංගිලා ඉන්න බැරි වුණා.

මේ රහස එළියට එන්නේ හරිම පුදුම විදියට. ආර්ජන්ටිනාවේ හිටපු තරුණියක් "නික්" කියලා කොල්ලෙක් එක්ක යාළු වෙනවා. මේ නික් නිතරම තමන්ගේ තාත්තා යුද්ධ කාලේ කරපු වීරකම් ගැන කට මැත දොඩවනවා. මේ කෙල්ලගේ තාත්තා, ලෝතාර් හර්මන්, ඇස් පෙනීම දුර්වල කෙනෙක් වුණත්, එයාට මේ කතාවලින් ලොකු සැකයක් එනවා. "මේ කොල්ලාගේ තාත්තා නිකම්ම ජර්මානුවෙක් වෙන්න බෑ... මේ අර ලෝකෙම හොයන අයික්මාන්ම තමයි!"

ඔත්තුව ඊශ්‍රායලයට යනවා. මුලදී මොසාඩ් එක මේක විශ්වාස කරන්නේ නෑ. "එච්චර ලොකු මනුස්සයෙක් මේ වගේ මුඩුක්කු පැත්තක ලයිට් වතුර නැතුව ඉඳීවිද?" කියලා ඔවුන්ට හිතුණා. හැබැයි සැකය දුරු කරගන්න මොසාඩ් එකේ දක්ෂතම කණ්ඩායමක් ආර්ජන්ටිනාවට එනවා. ඔවුන් සති ගාණක් මේ "රිකාඩෝ" පස්සෙන් යනවා. අන්තිමට ඒ තීරණාත්මක දවස එනවා. අයික්මාන්ගේ විවාහ සංවත්සර දවසේ රිකාඩෝ ගෙදරට මල් පොකුරක් අරන් එනවා. ඒ වගේම කැමරා කාචයට අහුවෙන එයාගේ කන් පෙතිවල හැඩය අයික්මාන්ගේ පරණ ෆොටෝ එක්ක 100%ක් ගැලපෙනවා.

ඉලක්කය තහවුරුයි. දැන් මොකද කරන්නේ?

ආර්ජන්ටිනාව කියන්නේ නාසීන්ට රැකවරණය දුන්න රටක්. පොලිසියට කිව්වොත් අයික්මාන් ආපහු පනිනවා ෂුවර්. ඒ නිසා මොසාඩ් එක තීරණය කරනවා පිස්සු වැඩක් කරන්න. "අපි එයාව පැහැර ගන්නවා. ඊටපස්සේ හොරෙන් ඊශ්‍රායලයට අරන් යනවා."

දිනය 1960 මැයි 11. වෙලාව රෑ 7.30යි.

ස්ථානය - ගරිබොල්ඩි වීදිය.

මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. පාරේ ලයිට් එළියත් හරිම මදි. පාර අයිනේ නරක් වෙච්ච කාර් එකක් නවත්තගෙන පිරිසක් බොනට් එක ඇරගෙන ඒක හදනවා වගේ රඟපානවා. මේ ඉන්නේ මොසාඩ් ඒජන්ට්ලා. ඔවුන් බලන් ඉන්නේ අයික්මාන් වැඩ ඇරිලා එන බස් එක එනකම්.

බස් එක එනවා. ඒත් අයික්මාන් බහින්නේ නෑ. ඒජන්ට්ලාගේ හිත ගැහෙනවා. "අපේ ප්ලෑන් එක ලීක් වුණාද? මිනිහා පැනලා ගියාද?" ඊළඟ බස් එක රෑ 8.05 ට එනවා. ඒකෙනුත් කවුරුත් බහින්නේ නෑ. "මෙහෙයුම අතඇරලා යමු" කියලා විධානය දෙන්න ඔන්න මෙන්න තියෙද්දි, ඈතින් තවත් බස් එකක හෙඩ් ලයිට් එළිය වැටෙනවා. බස් එක නවත්තනවා. අඳුරු සෙවනැල්ලක් බස් එකෙන් බැහැලා, අතේ කෑම පෙට්ටියකුත් අරගෙන හිමින් හිමින් තමන්ගේ මරණය දිහාවට ඇවිදගෙන එනවා.

අයික්මාන් ළඟට එනකම් පීටර් මල්කින් කියන ඒජන්ට් හුස්ම අල්ලගෙන බලන් ඉන්නවා. අයික්මාන් තමන්ව පහු කරද්දීම පීටර් ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරනවා.

"Un momentito señor" (පොඩ්ඩක් ඉන්න මහත්මයා...) අයික්මාන් හැරෙද්දීම පීටර් පනිනවා. යක්ෂයා බිම. අයික්මාන් කෑ ගහන්න හැදුවත් තවත් ඒජන්ට්ලා දෙන්නෙක් පැනලා කට වහලා, එයාව උස්සගෙන ඇවිත් කාර් එකේ පිටුපස සීට් එකට විසිකරනවා. මේ ඔක්කොම සිද්ධ වුණේ තත්පර 20ක් වගේ කාලෙකදී. කාර් එකේ එන්ජිම ගොරවගෙන අන්ධකාරය මැදින් ඉගිලෙනවා.

Ad Space - in-article (300x250)

කාර් එක ඇතුලේදී ඒජන්ට්ලා ජර්මන් භාෂාවෙන් ප්‍රශ්න කරනවා. "කවුද උඹ?" "මම රිකාඩෝ..." "බොරු කියන්න එපා.. උඹේ SS නම්බර් එක කියපන්!" ටික වෙලාවක නිහඬතාවයකට පස්සේ වෙව්ලන කටහඬකින් එයා උත්තර දෙනවා. "Ich bin Adolf Eichmann" (මම ඇඩොල්ෆ් අයික්මාන්.) දැන් අමාරුම හරිය ඉවරයි කියලා මොසාඩ් එක හිතුවා. හැබැයි ඇත්තම ගේම පටන් ගත්තේ එතනින්.

අයික්මාන් අතුරුදහන් වුණාම එයාගේ පුතාලා මුළු නගරයම පීරනවා. ආර්ජන්ටිනා පොලිසිය හැමතැනම මුරපොලවල් දානවා. මොසාඩ් කණ්ඩායම දවස් 9ක් තිස්සේ අයික්මාන්ව ආරක්ෂිත නිවසක හංගගෙන ඉන්නවා. ඔවුන්ට ඕනේ වුණේ අයික්මාන්ව පණ පිටින් ඊශ්‍රායලයට ගෙනියන්න.

ඒකට ඔවුන් පාවිච්චි කළේ එල්-අල් (El Al) ගුවන් සේවයේ විශේෂ යානයක්. ආර්ජන්ටිනාවේ 150 වෙනි සංවත්සරයට ආපු රාජ්‍ය තාන්ත්‍රික ගුවන් යානයක් විදියටයි මේක ආවේ. දැන් ප්‍රශ්නේ, කොහොමද මේ යක්ෂයාව ගුවන් තොටුපලේ චෙක් පොයින්ට්ස්වලින් පන්නන්නේ? මොසාඩ් එක හදන්නේ පිස්සු ප්ලෑන් එකක්. ඔවුන් අයික්මාන්ව ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් (Flight Crew) විදියට වෙස් ගන්වනවා. එල්-අල් යුනිෆෝම් එකක් අන්දලා, පයිලට් තොප්පියක් දාලා, එයාට සිහි නැති වෙන්න, හැබැයි ඇස් ඇරගෙන කෙලින් ඉන්න පුළුවන් වෙන විශේෂ බෙහෙතක් විදිනවා.

ගුවන්තොටුපලේදී ආර්ජන්ටිනා නිලධාරීන් අහනවා "කවුද මේ වැනි වැනී යන්නේ?" කියලා.

මොසාඩ් ඒජන්ට්ලා හිනාවෙලා කියනවා "ආ.. මේ අපේ කාර්ය මණ්ඩලයේ කෙනෙක්, මිනිහට පොඩ්ඩක් ඩ්‍රින්ක් එක වැඩිවෙලා වගේ.. අපි එයාව ප්ලේන් එකේ නිදිකරවන්නම්."

අයික්මාන්ගේ අතේ තිබුණේ ව්‍යාජ පාස්පෝට් එකක්. නිලධාරීන් ඒක බලලා, හිනාවෙලා ගේට්ටුව ඇරලා දෙනවා. ලෝකයේ දරුණුතම අපරාධකරුවා ඔවුන්ගේ ඇස් ඉස්සරහින්ම පැනලා යනවා. ගුවන් යානය අහසට නැගලා පැය කිහිපයක් යනකම් කවුරුත් කතා කළේ නෑ. හැමෝම හිටියේ භයෙන්. ආපහු හරවන්න කිව්වොත්? ෆයිටර් ජෙට් වලින් ගැහුවොත්?

අන්තිමට පයිලට්ගේ කටහඬ ස්පීකර් එකෙන් ඇහෙනවා.

"අපි දැන් ඉන්නේ ආරක්ෂිත කලාපයේ..."

ඒ මොහොතේ මුළු ප්ලේන් එකේම හිටපු ඒජන්ට්ලා පොඩි ළමයි වගේ ඇඬුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මොකද ඔවුන් අරන් යන්නේ නිකම්ම මනුස්සයෙක්ව නෙවෙයි, තමන්ගේ සීයා, ආච්චි, අම්මා, තාත්තා මරපු මිනීමරුවව. ඔහුව මරලා දාන්න ඔවුන්ට දහස් වාරයක් හිතුණත්, ඔවුන් ඔහුව පණ පිටින් ගෙනාවේ ලෝකෙටම පාඩමක් උගන්නන්න ඕන නිසා.

ඊශ්‍රායලයට ගෙනාවට පස්සේ අයික්මාන්ව වීදුරු කුටියක දාලා නඩු අහනවා. මුළු ලෝකයම ඒ දිහා බලන් හිටියා. 1962 දී ඔහුව එල්ලා මරණවා.

"Operation Finale" කියන්නේ ඔත්තු සේවා ඉතිහාසයේ ලියවුණු අමරණීයම පරිච්ඡේදයක්. අපරාධයක් කරලා කොච්චර කල් ගියත්, ලෝකේ කොහේ හැංගුණත්, කවදාහරි දවසක ඒකට වන්දි ගෙවන්න වෙනවා කියන්න මීට වඩා හොඳ උදාහරණයක් ලෝකේ නෑ. සටහන: මේ සිදුවීම අලලා "Operation Finale" නමින් චිත්‍රපටියක් පවා නිකුත් වුණා.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

(උපුටා ගැනීම හෝ ඡායාරූප භාවිතා කරන්නේ නම් "නොකී කතා -untold stories " නම සඳහන් කිරීමට කාරුණික වන්න)

ලෝකයේ ආරක්ෂිතම දේශසීමා පවා රවටා, යක්ෂයෙක් පෙට්ටියක දමා රටකින් රටකට පැහැරගෙන ආ මොසාඩ් මෙහෙයුම - Operation Finale - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න