Ad Space - leaderboard (728x90)

මුළු ලෝකයක් අන්දපු "සුපිරි අම්මාගේ" ත්‍රාසජනක පැහැරගැනීමේ නාඩගම - ෂෙරී පැපිනී (The Real Life Gone Girl)

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 236 min read
මුළු ලෝකයක් අන්දපු "සුපිරි අම්මාගේ" ත්‍රාසජනක පැහැරගැනීමේ නාඩගම - ෂෙරී පැපිනී (The Real Life Gone Girl)

මුළු ලෝකයක් අන්දපු "සුපිරි අම්මාගේ" ත්‍රාසජනක පැහැරගැනීමේ නාඩගම - ෂෙරී පැපිනී (The Real Life Gone Girl)

කාලය 2016 නොවැම්බර් මාසය. ස්ථානය ඇමරිකාවේ කැලිෆෝනියාව.

ෂෙරී පැපිනී කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "Super Mom" කෙනෙක්. රූප සුන්දරයි, හරිම සැහැල්ලුයි, දරුවන් දෙන්නට පණ වගේ ආදරෙයි. එයාගේ සැමියා කීත් (Keith) එක්ක ගත කරපු ජීවිතේ හරියට සුරංගනා කතාවක් වගේ. කවුරුත් දැක්කම ඉරිසියා හිතෙන තරම් ලස්සන පවුල් ජීවිතයක් එයාලට තිබුණා.

ඒත් 2016 නොවැම්බර් 02 වෙනිදා හවස ඒ සුරංගනා කතාව එක මොහොතකින් බිහිසුණු ත්‍රාසජනක චිත්‍රපටයක් බවට පත් වුණා. එදා සුපුරුදු විදියට කීත් තමන්ගේ රැකියාව නිම වෙලා ගෙදර ආවා. වෙනදාට දොරකඩට ඇවිත් හිනාවෙලා පිළිගන්න ආදරණීය බිරිඳ එදා පේන්න හිටියේ නෑ. මුළු ගෙදරම අමුතු මූසල පාළුවකින් වැහිලා ගිහින්. කීත් මුලින්ම හිතුවේ ෂෙරී ළමයින්ව ගන්න ඩේ කෙයා එකට (Day care) යන්න ඇති කියලා. ඒත් ඩේ කෙයා එකට කතා කරද්දි එයා දැනගත්ත දේ නිසා එයාගේ කකුල් දෙක පණ නැති වුණා.

"ෂෙරී අද දරුවන්ව ගන්න ආවේ නෑ."

කීත්ගේ හිතට ලොකු බයක් දැනුණා. එයා ඉක්මනටම "Find My iPhone" ඇප් එක හරහා ෂෙරීගේ ෆෝන් එක තියෙන තැන බැලුවා. ෆෝන් එක පෙන්නුවේ ගෙදර ඉඳන් ටිකක් දුරින් තියෙන පාළු පාරක් අයිනේ. කීත් පිස්සුවෙන් වගේ ඒ තැනට වාහනය පදවාගෙන ගියා. එතන තිබුණේ ෂෙරීගේ ෆෝන් එකයි, එයාගේ හෙඩ්ෆෝන් එකයි විතරයි. ඊටත් වඩා භයානකම දේ, ඒ ෆෝන් එකේ පැටලිලා තිබුණ ෂෙරීගේ රත්තරන් පාට දිග කොණ්ඩ ගස් ටිකක් දැක්කම කීත්ට තේරුණා මොකක් හරි නරක දෙයක් වෙලා තියෙනවා කියලා. බිරිඳ ජොගින් (Jogging) යන අතරතුර කවුරු හරි එයාව බලෙන්ම ඇදලා අරන් ගිහින්!

මුළු රටම කැලඹුණු සති 3

කීත් පොලිසියට ගිහින් කෑ ගහලා කිව්වා "මගේ බිරිඳව කවුරුහරි පැහැර ගත්තා" කියලා. මේ නිවුස් එක ඇමරිකාව පුරාම ලැව් ගින්නක් වගේ පැතිරුණා. "මේ වගේ අහිංසක අම්මා කෙනෙක්ට මෙහෙම අපරාධයක් කළේ කවුද?" කියලා මුළු රටම කම්පා වුණා. දහස් ගණන් මිනිස්සු එකතු වෙලා කැලෑ පීර පීර ෂෙරීව හෙව්වා. පෝස්ටර් ගැහුවා. කීත් රූපවාහිනී නාලිකා ඉස්සරහට ඇවිත් අඬ අඬා තමන්ගේ බිරිඳව නිදහස් කරන්න කියලා ආයාචනා කළා.

සති 3ක් ගත වුණා. පොලිසියට කිසිම හෝඩුවාවක් නෑ. හැමෝම හිතුවේ ෂෙරී දැන් ජීවතුන් අතර නැතුව ඇති කියලා.

"ආශ්චර්යය"

දවස් 22කට පස්සේ, නොවැම්බර් 24 වෙනිදා (හරියටම ඇමරිකාවේ Thanksgiving දවසට), පාරක් අයිනේ යන ඩ්‍රයිවර් කෙනෙක් දකිනවා අමුතු දසුනක්. පාර අයිනේ කෙට්ටු වෙලා ගියපු ගැහැණු කෙනෙක් අත වනනවා. ළඟට ගිහින් බලද්දි ඒ වෙන කවුරුත් නෙවෙයි, දවස් 22ක් තිස්සේ මුළු රටම හොයපු ෂෙරී පැපිනී!

හැබැයි එයා හිටපු විදිය දැක්කම ඕනම කෙනෙක්ගේ ඇඟ හිරි වැටෙනවා.

එයාගේ ඇඟ පුරාම තැලුම් පාරවල්. ඉණ වටේට යකඩ දම්වැලක් ඔතලා. අත් දෙකේ මැණික් කටුවල ප්ලාස්ටික් ටයි පටි (Zip ties) වලින් ගැට ගහපු පාරවල්. එයාගේ දිග ලස්සන කොණ්ඩේ කොට වෙන්නම කපලා දාලා. එයාගේ බර රාත්තල් 87ක් (කිලෝ 39ක්) වෙනකම් අඩුවෙලා තිබුණා හරියට කන්නවත් දීලා නෑ වගේ. ඊටත් වඩා දරුණුම දේ, එයාගේ දකුණු උරහිසේ යකඩයක් රත් කරලා පුච්චපු සලකුණක් (Branding) තිබුණා.

රෝහලේදී ෂෙරී තමන්ට වුණු ඒ බිහිසුණු අත්දැකීම විස්තර කළා. "මම ජොගින් යද්දී තුවක්කුවක් පෙන්නලා මාව පැහැර ගත්තා. ඒක කළේ මූණ වහගත්ත ස්පාඤ්ඤ භාෂාව කතා කරන ගැහැණු උදවිය දෙන්නෙක්. එයාලා මාව අඳුරු කාමරයක හිර කරගෙන වධ දුන්නා. මට හරියට කන්න දුන්නේ නෑ. මගේ කොණ්ඩේ කැපුවා. මට පැනලා යන්න බැරි වෙන්න දම්වැල් දැම්මා."

ෂෙරීගේ කටින් කියවුණු විස්තරවලට අනුව පොලිසිය අර "Mystery Women" දෙන්නාගේ රූප සටහන් (Sketches) පවා ඇන්දා. මුළු ලෝකෙම කතා වුණේ ෂෙරීගේ ධෛර්යය ගැන. මේ අපරාධකාරියෝ දෙන්නව අල්ලන්න FBI එක පවා බැස්සා.

සැක සහිත තැන්

හැබැයි මේ කතාව අස්සේ පොලිස් නිලධාරීන්ට පොඩි පොඩි සැක සහිත තැන් මතු වෙන්න ගත්තා.

* පැහැර ගත්ත අය සල්ලි ඉල්ලුවේ (Ransom) නෑ. එහෙනම් ඇයි එයාව පැහැර ගත්තේ? * ෂෙරීගේ ඇඟේ තිබුණු දම්වැල් ගලවන්න ලේසියි. ඒත් එයා පැනලා යන්න ට්‍රයි කරලා නෑ. * වඩාත්ම පුදුම හිතෙන දේ, ෂෙරීගේ යට ඇඳුම්වල තිබිලා පිරිමි කෙනෙක්ගේ DNA සාම්පලයක් හම්බුණා. (පැහැර ගත්තේ කාන්තාවන් දෙන්නෙක් නම් කොහොමද පිරිමි DNA ආවේ?)

අවුරුදු 4ක් යනකම්ම පොලිසියට මේ ගැටළුව විසඳගන්න බැරි වුණා. ෆයිල් එක වැහෙන තත්ත්වයට ආවා. හැබැයි 2020 දී තාක්ෂණය දියුණු වීමත් එක්ක පොලිසිය අර හම්බුණු DNA සාම්පලය නැවත පරීක්ෂා කළා.

එතනින් තමයි කතාවේ Plot Twist එක එළියට එන්නේ. සත්‍යය හෙළිවීම

Ad Space - in-article (300x250)

DNA රිපෝට් එකෙන් ආපු නම දැක්කම පොලිසිය පුදුම වුණා. ඒ නම ෂෙරීගේ සැමියාගේ නෙවෙයි. ඒ වෙන කවුරුත් නෙවෙයි, ෂෙරීගේ පරණ පෙම්වතා (Ex-boyfriend), ජේම්ස් රෙයෙස්!

2020 දී පොලිසිය ජේම්ස්ව හොයාගෙන ගිහින් ප්‍රශ්න කළා. "උඹද ෂෙරීව පැහැර ගත්තේ?" කියලා අහද්දි ජේම්ස් දීපු උත්තරෙන් මුළු පරීක්ෂණයම උඩු යටිකුරු වුණා.

"මම පැහැර ගත්තේ නෑ... එයාමයි මට කතා කරලා කිව්වේ එයාව ඇවිත් අරන් යන්න කියලා."

සිද්ධ වෙලා තියෙන්නේ මේකයි:

තමන්ගේ "ප්‍රීතිමත් පවුල් ජීවිතේ" ගැන කලකිරිලා හිටපු ෂෙරී, කාටත් හොරෙන් පරණ පෙම්වතා එක්ක සම්බන්ධයක් පටන් අරන් තිබුණා. එදා ජොගින් යන ගමන් එයාමයි ජේම්ස්ට කියලා තියෙන්නේ "මාව මෙතනින් ඇවිත් ගෙනියන්න" කියලා.

එදා ඉඳන් සති 3ක් තිස්සේ ෂෙරී හිටියේ ජේම්ස්ගේ ගෙදර කාමරේක සැපට ඉඳගෙන!

* එයාමයි කෑම නොකා හිටියේ කෙට්ටු වෙලා පේන්න ඕන නිසා. * එයාමයි ජේම්ස්ට කියලා තමන්ගේ කොණ්ඩේ කපා ගත්තේ. * එයාමයි ජේම්ස් ලවා තමන්ගේ ඇඟට හොකී පිත්තකින් ගස්සගෙන තැලුම් පාරවල් හදාගත්තේ. * අන්තිමට එයාමයි ජේම්ස්ට කියලා රත් වුණු යකඩයකින් තමන්ගේ උරහිස පුච්චගත්තේ, වධ දුන්නා වගේ පේන්න.

මේ ඔක්කොම කරලා, ෂෙරීට ආයෙත් ගෙදර යන්න හිතුණම, එයා ජේම්ස්ට කියලා තියෙනවා එයාව පාරක් අයිනට ගිහින් දාන්න කියලා. අර "ස්පාඤ්ඤ කාන්තාවන් දෙන්නෙක්" පැහැරගත්තා කියන කතාව සම්පූර්ණයෙන්ම එයා මවා ගත්ත බොරුවක්.

නීතියෙන් ලැබුණු දඬුවම

මේ තරම් කල් මුළු ලෝකෙටම රඟපාපු ෂෙරීට අන්තිමට නීතියෙන් ගැලවෙන්න ලැබුණේ නෑ. 2022 මාර්තු මාසයේදී FBI එක විසින් මෙයාව අත්අඩංගුවට ගත්තා. එතනදී එල්ල වුණු චෝදනා තමයි:

1. ෆෙඩරල් නිලධාරීන්ට බොරු කීම (Lying to federal officers). 2. තැපැල් වංචා (Mail fraud) - මොකද මෙයා තමන් පැහැර ගත්තා කියලා බොරු කරලා රජයෙන් ඩොලර් දහස් ගණන් වන්දි මුදල් පවා ලබාගෙන තිබුණා.

උසාවිය ඉස්සරහා මෙයාට සිද්ධ වුණා තමන්ගේ වරද පිළිගන්න.

විනිසුරුවරයා තීන්දුව දුන්නා ෂෙරීට මාස 18 ක සිර දඬුවමක් විඳින්න. ඒ විතරක් නෙවෙයි, පොලිසිය මෙයාව හොයන්න කරපු මෙහෙයුම්වලට ගිය වියදම සහ මෙයා වංචනිකව ලබාගත්ත වන්දි මුදල් නැවත ගෙවන්නත් නියෝග කළා. ඒ ගාණ ඩොලර් 300,000 කට (රුපියල් කෝටි 9කට) ආසන්නයි!

වත්මන් තත්ත්වය

හැබැයි, ෂෙරීට මුළු සිර දඬුවම් කාලයම ගෙවන්න වුණේ නෑ. යහපත් කල් ක්‍රියාව නිසා 2023 අගෝස්තු මාසයේදී ඇයව බන්ධනාගාරයෙන් නිදහස් කළා.

කොහොම වුණත්, ඇය සමාජය ඉස්සරහා හදාගෙන හිටපු "Super Mom" කියන ප්‍රතිරූපය නම් ආයේ කවදාවත් ගොඩගන්න බැරි විදියටම විනාශ වෙලා ඉවරයි. තමන්ගේ සැමියා පවා මේ සිද්ධියෙන් පස්සේ ඇයගෙන් දික්කසාද වුණා.

අන්තිමට බලද්දි, ෂෙරී පැපිනී තමන්ම ලියාගත්ත මේ "සිනමා පටය" නිසා එයාට ඉතුරු වුණේ නින්දාවත්, තනිකමත් විතරයි.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

මුළු ලෝකයක් අන්දපු "සුපිරි අම්මාගේ" ත්‍රාසජනක පැහැරගැනීමේ නාඩගම - ෂෙරී පැපිනී (The Real Life Gone Girl) - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න