Ad Space - leaderboard (728x90)

🔥 ඉතිහාසයේ ලොකුම රැවටීම: "අහිංසක" ළමයි එවපු මාරාන්තික තෑග්ග! 🎁😱

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 242 min read
🔥 ඉතිහාසයේ ලොකුම රැවටීම: "අහිංසක" ළමයි එවපු මාරාන්තික තෑග්ග! 🎁😱

🔥 ඉතිහාසයේ ලොකුම රැවටීම: "අහිංසක" ළමයි එවපු මාරාන්තික තෑග්ග! 🎁😱

කතාව පටන් ගන්නේ 1945 අවුරුද්දෙන්.

දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා ලෝකෙම අලුත් ගමනක් යන්න ලෑස්ති වෙන කාලේ. රුසියාවේ ඉන්න ඇමරිකානු තානාපති "ඇවරල් හැරිමන්"ට (Averell Harriman) අපූරු ආරාධනාවක් ලැබෙනවා. ඒ රුසියාවේ "Artek" කියන ළමා කඳවුරේ උත්සවයකට එන්න කියලා. ඇමරිකානු තානාපතිතුමා ගොඩක් සතුටින් මේකට සහභාගී වුණා. එතන හිටපු හරිම අහිංසක පෙනුම තියෙන රුසියානු පාසල් ළමයි කණ්ඩායමක් එතුමාට ඉතාම වටිනා තෑග්ගක් පිරිනමනවා.

ඒ තමයි දුර්ලභ ලී වර්ගයකින් නිර්මාණය කරපු, ඉතාම අලංකාර "ඇමරිකානු රාජ්‍ය ලාංඡනය" (The Great Seal of the United States). 🦅

මේක දැකලා ඇමරිකානු තානාපතිතුමාට පුදුම සතුටක් දැනුණා. "රුසියාවයි ඇමරිකාවයි අතර තියෙන මිතුදම සංකේතවත් කරන්න" තමයි මේක දුන්නේ කියලයි ඒ ළමයි කිව්වේ. තානාපතිතුමා කොච්චර මේකට ආස වුණාද කියනවා නම්, එයා මේක ගෙනිහින් එල්ලුවේ තමන්ගේ පෞද්ගලික කාර්යාලයේ, තමන්ගේ මේසෙට හරියටම පිටිපස්සේ බිත්තියේ!

හරියටම එතන ඉඳන් තමයි ඇමරිකාවට කෙලවෙන්න ගත්තේ! 📉 දවස් ගෙවුණා, මාස ගෙවුණා, අවුරුදු ගෙවුණා...

ඇමරිකාව රුසියාවට එරෙහිව හදන රහස් සැලසුම්, යුධ රහස්, රාජ්‍ය තාන්ත්‍රික රහස් හැම එකක්ම එළියට යන්න ගත්තා. ඇමරිකානු බුද්ධි අංශවලට හිතාගන්න බැරි වුණා මේ කාමරේ ඇතුලේ කතා කරන දේවල් කොහොමද රුසියාවට ඇහෙන්නේ කියලා.

කාමරේ හැම තැනම බැලුවා. බිත්ති ස්කෑන් කළා. ෆර්නිචර් ගැලෙව්වා. ඒත් කිසිම මයික් එකක් නෑ, වයර් එකක් නෑ, බැටරි කෑල්ලක්වත් නෑ. මේ විදිහට එක අවුරුද්දක් නෙවෙයි, අවුරුදු 07ක් මේ සෙල්ලම ගියා! 🤯

අන්තිමේදී බ්‍රිතාන්‍ය රේඩියෝ ඔපරේටර් කෙනෙක්ට අහම්බෙන් අහුවෙන රේඩියෝ සිග්නල් එකක් නිසා තමයි වැඩේ මාට්ටු වුණේ. පස්සේ හොයලා බලද්දී තමයි දෙවියො සිහි වුණේ.

Ad Space - in-article (300x250)

අර අහිංසක ළමයි දීපු "ලී ලාංඡනය" ඇතුලේ පුංචි කුහරයක් හදලා, ඒක ඇතුලේ ඊටත් වඩා පුංචි උපකරණයක් හංගලා තිබුණා. මේකේ බැටරි නෑ. කරන්ට් නෑ.

පිටතින් එවන රේඩියෝ තරංගයකින් (Microwave beam) තමයි මේක පණ ගැන්වුණේ. තානාපතිතුමා කතා කරනකොට ඇතිවෙන කම්පනය මේ උපකරණය හරහා ආපහු රේඩියෝ තරංගයක් විදිහට එළියට නිකුත් කළා.

මේක හැදුවේ ලියොන් තෙරමින් (Leon Theremin) කියන රුසියානු විද්‍යාඥයා. එදා මෙදා තුර බිහිවුණු දියුණුම සහ සොයාගන්නම බැරි ඔත්තු බැලීමේ උපකරණය විදිහට "The Thing" කියලා මේක ඉතිහාසගත වුණා.

අද කාලේ ස්මාර්ට් ෆෝන් එක ළඟ තියාගෙන රහස් කතා කරන එකත් ෂුවර් නෑ නේද? ඔයාලා මොකද හිතන්නේ, අද තාක්ෂණය එක්ක රහස් හංගන්න පුළුවන්ද? 🤔

මේ වගේ අමුතු දේවල් දිගටම දැනගන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. යාළුවන්ටත් දැනගන්න Share කරන්න. 👇

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#ColdWarHistory #SpyGadgets #TheThing #LeonTheremin #HistoryLk #SinhalaBlog #StoryTelling #Mystery #KGB

🔥 ඉතිහාසයේ ලොකුම රැවටීම: "අහිංසක" ළමයි එවපු මාරාන්තික තෑග්ග! 🎁😱 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න