Ad Space - leaderboard (728x90)

ඇමරිකාවේ සුපිරි තාක්ෂණය පරදා ලෝකෙම හෙල්ලූ නායකයා කොටු කරගත් 'මාළු කෑල්ලේ' රහස!

🔪 සැබෑ අපරාධ2026 නවම් 134 min read
ඇමරිකාවේ සුපිරි තාක්ෂණය පරදා ලෝකෙම හෙල්ලූ නායකයා කොටු කරගත් 'මාළු කෑල්ලේ' රහස!

ඇමරිකාවේ සුපිරි තාක්ෂණය පරදා ලෝකෙම හෙල්ලූ නායකයා කොටු කරගත් 'මාළු කෑල්ලේ' රහස!

හිතාගන්න පුළුවන්ද ලෝකයේ බලගතුම හමුදාව, අති නවීන චන්ද්‍රිකා තාක්ෂණය, ඩ්‍රෝන යානා මේ හැමදේම පරද්දලා, ලෝකයේ දරුණුම ආඥාදායකයෙක්ව අල්ලගන්න උදව් වුණේ මොකක්ද කියලා? විශ්වාස කරන්න, ඒකට උදව් වුණේ පුංචි මාළු කෑල්ලක්! ඔව්, සදාම් හුසේන්ගේ ඉරණම විසඳුණේ 'ග්‍රිල් කරපු මාළු' පිඟානක් නිසා කිව්වොත් ඔබ පුදුම වේවි. මේක හොලිවුඩ් චිත්‍රපටියකටත් වඩා කුතුහලය පිරුණු ඇත්තම කතාවක්.

2003 අවුරුද්ද වෙනකොට ඉරාකය ඇමරිකානු ග්‍රහණයට නතු වෙලා ඉවරයි. බැලූ බැලූ හැම තැනම ඇමරිකානු සොල්දාදුවෝ. ඒත් එකම එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබුණා. ඒ තමයි "ඒස් ඔෆ් ස්පේඩ්ස්" (Ace of Spades). ඇමරිකාව සදාම් හුසේන්ව නම් කරලා තිබුණේ එහෙමයි. මුළු ඉරාකයම පෙරලලා බැලුවත් සදාම් අතුරුදහන්. හරියට පොළව පලාගෙන ගියා වගේ.

ඇමරිකානු බුද්ධි අංශ මුලින්ම පාවිච්චි කළේ සදාම්ගේ ආණ්ඩුවේ ඉහළම නිලධාරීන් 52 දෙනෙක්ගේ නම් තියෙන කාඩ් කුට්ටමක්. ඔවුන් හිතුවේ මේ ලොකු ලොක්කෝ ඇල්ලුවම සදාම් ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මාස ගණන් ගෙවිලා ගියා. ජෙනරාල්ලා, ඇමතිලා අත්අඩංගුවට ගත්තා. ඒත් වැඩක් වුණේ නෑ. ඒ හැමෝම කිව්වේ එකම කතාවයි. "අපි දන්නේ නෑ... සදාම් අපිව විශ්වාස කරන්නේ නෑ."

මෙන්න මේ වෙලාවේ තමයි එරික් මැඩොක්ස් (Eric Maddox) කියන සාමාන්‍ය ප්‍රශ්න කිරීමේ නිලධාරියා කරලියට එන්නේ. නිදි වර්ජිතව, රතු වුණු ඇස් වලින් බිත්තිය දිහා බලාගෙන හිටපු මැඩොක්ස් තේරුම් ගත්තා මෙච්චර කල් ඔවුන් ගියේ වැරදි පාරක කියලා. "සදාම් කියන්නේ කාටවත් බය නැති ඒකාධිපතියෙක් වුණාට, හැංගිලා ඉන්නකොට එයා විශ්වාස කරන්නේ ලොකු නිලධාරීන්ව නෙවෙයි, එයාගේ ලේ නෑදෑයන්ව සහ එයාට කෑම උයන, ඇඳුම් හෝදන පොඩි මිනිස්සුන්ව විතරයි."

මැඩොක්ස් එයාගේ ඉලක්කය වෙනස් කළා. එයා සදාම්ගේ රියදුරන්ව, කෝකියන්ව පස්සේ පන්නන්න ගත්තා. මේ අලුත් දැලට අහුවුණු පොඩි මිනිස්සුන්ගෙන් ලැබුණු තොරතුරු වලින් මැඩොක්ස් ලොකු රූප සටහනක් ඇන්දා. ඒ හැම නූලක්ම එකතු වුණේ එකම එක අද්භූත චරිතයක් ළඟට. ඇමරිකානු ලිස්ට් එකේවත් හිටපු නැති, ඒත් සදාම්ගේ පණ වගේ ළඟින් හිටපු ප්‍රධාන ආරක්ෂකයා, දැවැන්ත ශරීරයක් තිබුණු ඒ මනුස්සයා තමයි "මොහොමඩ් ඊබ්‍රාහිම්" එහෙමත් නැත්නම් "The Fat Man".

දැන් මුළු මෙහෙයුමම ක්‍රියාත්මක වුණේ මේ ෆැට් මෑන්ව හොයන්න. ඒත් මිනිහත් ලේසි පහසු කෙනෙක් නෙවෙයි. හරියට අවතාරයක් වගේ. අන්තිමට මැඩොක්ස් තීරණය කළා ඊබ්‍රාහිම්ගේ පවුලේ අයව ප්‍රශ්න කරන්න. මේ ප්‍රශ්න කිරීම් හරිම දරුණුයි. ඒ පීඩනය මැද්දේ ඊබ්‍රාහිම්ගේ පුතාගේ කටින් එක වැකියක් පිටවුණා. "තාත්තා මාළු අල්ලන්න හරි ආසයි... එයා සමාරා වල තියෙන මාළු ගොවිපළකට නිතරම යනවා."

මේක නිකන්ම නිකන් වාක්‍යයක් වගේ පෙනුනට මැඩොක්ස්ගේ ඔලුවේ ලොකු විදුලියක් කොටන්න ගත්තා. මොකද මාස ගාණකට කලින් සදාම්ගේ හිටපු කෝකියා කියලා තිබුණා "සදාම්ට ග්‍රිල් කරපු මාළු නැතුව කෑමක් නෑ, එයාට ඒක පිස්සුවක්" කියලා. මේ කාරණා දෙක එකට ගැළපුණා. සදාම්ගේ ප්‍රධාන ආරක්ෂකයා මාළු ගොවිපළකට යනවා නම්, ඒ යන්නේ විනෝදෙට මාළු අල්ලන්න නෙවෙයි, බොසාට කෑම අරන් යන්න!

වහාම ක්‍රියාත්මක වුණු විශේෂ බලකාය ඒ හෝඩුවාව පස්සේ ගියා. අන්තිමට බැග්ඩෑඩයේ කාර්යබහුල වීදියක තිබුණු සාමාන්‍ය ගෙදරකදී "ෆැට් මෑන්" කොටු වුණා. මුලදී කට ඇරියේ නැති වුණත්, දරුණු මානසික සහ ශාරීරික පීඩනය හමුවේ ඒ යෝධයා ඇද වැටුණා. එයා සදාම් ඉන්න තැන පෙන්නන්න කැමති වුණා.

2003 දෙසැම්බර් 13 රෑ... ටික්රිට් නගරයට ඈතින් තියෙන පාළු ගොවිපළක්. වටේම තියෙන්නේ කරුවල සහ නිශ්ශබ්දතාවය. ඇමරිකානු විශේෂ බලකායේ සෙබළු 600ක් මේ පුංචි ගොවිපළ වටලනවා. ඒත් මතුපිටින් බලද්දී කිසිම දෙයක් නෑ. නිකන්ම නිකන් මඩ අතුගාපු පැල්පතක් විතරයි. හැමෝම හිතුවේ ආයෙත් වැරදි තැනකට ආවා කියලා.

Ad Space - in-article (300x250)

ඒත් ෆැට් මෑන් හෙමින් හෙමින් ගිහින් මිදුලේ තිබුණු තල් ගහක් ළඟ නතර වුණා. එතන තිබුණේ කුණු ගොඩක්. එයා තමන්ගේ බූට් එකෙන් ඒ කුණු ගොඩට පයින් ගැහුවා. එතන තිබුණු පරණ බුමුතුරුණක් අයින් කළාම පොළව යටට හාරපු අඩි දෙකක් විතර පළල පුංචි සිමෙන්ති බංකරයක් මතු වුණා. ඒක වැහුවේ ස්ටයිරෆෝම් කෑල්ලකින්. හරියට මිනී පෙට්ටියක් වගේ පටු, අඳුරු වලක්. ඒක තමයි ලෝක ප්‍රසිද්ධ "Spider Hole" එක.

සෙබළු තුවක්කු එල්ල කරගෙන කෑගැහුවා. "එළියට වරෙන්!"

තත්පර කිහිපයකට පස්සේ... ඒ අඳුරු වල ඇතුලෙන් අපිරිසිදු අත් දෙකක් උඩට ආවා. දිගට වැවුණු රැවුලක් තියෙන, ඇස් වල බිය පිරුණු, අවුල් වුණු කොණ්ඩයක් තියෙන වයසක මනුස්සයෙක් එළියට ඇදලා ගත්තා. එයාගේ ඉනේ ග්ලොක් වර්ගයේ පිස්තෝලයක් තිබුණත් එයා ඒක පාවිච්චි කළේ නෑ. එයා වෙව්ලන හඬින් ඉංග්‍රීසියෙන් මෙහෙම කිව්වා.

"මම සදාම් හුසේන්... ඉරාකයේ ජනාධිපති... මට සාකච්ඡා කරන්න ඕනේ."

ඒත් එතන හිටපු ඇමරිකානු කමාන්ඩර් දුන්නේ කෙටි උත්තරයක්. "ජනාධිපති බුෂ් ඔහේට සුභ පැතුවා."

එදා ඒ කුණු ගොඩේ තිබුණු වලෙන් එළියට එනකොට, රත්තරන් මාලිගාවල හිටපු මැදපෙරදිග සිංහයා නිකන්ම නිකන් අසරණ මනුස්සයෙක් බවට පත්වෙලා හිටියා. මුළු ලෝකයක්ම හෙල්ලූ ඒ ආධිපත්‍යය අවසන් වුණේ තමන්ව ආරක්ෂා කරපු තමන්ගේම මිනිස්සුන්ගේ පාවාදීමකින් සහ පුංචි මාළු කෑල්ලක් නිසා.

මේ සිද්ධිය දිහා ආපහු හැරිලා බලද්දී ඔයාට මොකද හිතෙන්නේ?පහළින් කමෙන්ට් කරන්න.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

ඇමරිකාවේ සුපිරි තාක්ෂණය පරදා ලෝකෙම හෙල්ලූ නායකයා කොටු කරගත් 'මාළු කෑල්ලේ' රහස! - 2
ඇමරිකාවේ සුපිරි තාක්ෂණය පරදා ලෝකෙම හෙල්ලූ නායකයා කොටු කරගත් 'මාළු කෑල්ලේ' රහස! - 3
ඇමරිකාවේ සුපිරි තාක්ෂණය පරදා ලෝකෙම හෙල්ලූ නායකයා කොටු කරගත් 'මාළු කෑල්ලේ' රහස! - 4
ඇමරිකාවේ සුපිරි තාක්ෂණය පරදා ලෝකෙම හෙල්ලූ නායකයා කොටු කරගත් 'මාළු කෑල්ලේ' රහස! - 5
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න