Ad Space - leaderboard (728x90)

ටාජ් මහල තුන් පාරක් විකුණූ ලෝකෙ ලොකුම 'ඩීල්' කාරයා!

🔪 සැබෑ අපරාධ2026 නවම් 144 min read
ටාජ් මහල තුන් පාරක් විකුණූ ලෝකෙ ලොකුම 'ඩීල්' කාරයා!

ටාජ් මහල තුන් පාරක් විකුණූ ලෝකෙ ලොකුම 'ඩීල්' කාරයා!

නිකමට හිතන්න... ඔයා ඉන්දියාවේ සංචාරයකට යනවා. අග්‍රා නගරයට ගිහින්, ලෝක පුදුමයක් වුණු ටාජ් මහල ඉස්සරහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ හරිම වැදගත් පෙනුම තියෙන, රාජ්‍ය නිලධාරියෙක් වගේ ඇඳගත්ත මහත්තයෙක් ඔයා ළඟට එනවා. එයා රහසින් වගේ ඔයාට කියනවා, "සර්, ඉන්දියානු ආණ්ඩුව මේ වෙලාවේ ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒ නිසා අපි තීරණය කළා ටාජ් මහල වෙන්දේසියේ විකුණන්න. ඔයා කැමති නම් මේක ගන්න පුළුවන්..." කියලා.

ඔයාට හිනා යයි නේද? "පිස්සුද මනුස්සයෝ, ටාජ් මහල විකුණන්න පුළුවන් දෙයක්ද?" කියලා ඔයා අහයි. හැබැයි, මීට අවුරුදු ගාණකට කලින් ඉන්දියාවේ හිටපු එක සුපිරි මීටරයක් මේ වැඩේ කළා. එක පාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි... තුන් පාරක්ම එයා ඉන්දියාවේ ටාජ් මහල පිටරට සුද්දන්ට විකුණලා මාරු වුණා!

මේ තමයි "නට්වර්ලාල්". ඉන්දියාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම හොල්ලපු, සියවසේ බිහිවුණු අති දක්ෂතම වංචාකාරයා.

නට්වර්ලාල් කියන්නේ නිකන්ම නිකන් පික්පොකට් ගහන හොරෙක් නෙවෙයි. නීතිය ගැන උපාධියක් තියෙන, ඉංග්‍රීසි භාෂාව කඩ්ඩ වගේ කතා කරන්න පුළුවන්, ඕනම කෙනෙක්ව විනාඩි දෙකෙන් අතේ නටවන්න පුළුවන් මහා මොළකරුවෙක්. එයාගේ ඇත්ත නම මිතිලේෂ් කුමාර් ශ්‍රීවාස්තව් වුණාට, මුළු ලෝකයම එයාව දන්නේ 'නට්වර්ලාල්' කියන අන්වර්ථ නාමයෙන්.

එයාගේ ගේම් එක පටන් ගන්නේ හරිම සියුම් විදියට. එයා ඉලක්ක කළේ ඉන්දියාවට එන ධනවත් විදේශිකයන්ව. රජයේ උසස් නිලධාරියෙක් වගේ ව්‍යාජ හැඳුනුම්පත් හදාගෙන, ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන එයා මේ සංචාරකයින්ව හම්බවෙන්න යනවා. ගිහින් කියන්නේ ටාජ් මහල නඩත්තු කරන්න ආණ්ඩුවට සල්ලි නැති නිසා රහසිගතව විකුණනවා කියලා.

හිතාගන්න පුළුවන්ද එයාගේ රඟපෑමේ තරම? එයා කොච්චර දක්ෂද කියනවා නම්, ඒ සුද්දෝ තමන්ගේ රටට ගිහින් ටාජ් මහල තමන්ගේ නමට ලියාගන්න එනකම්ම දන්නේ නෑ තමන් අහුවෙලා කියලා. අත්සන් කරපු ලියකියවිලිවල ඉන්දියාවේ ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ අත්සන පවා ඒ විදියටම තිබුණා. ඒ තරම් සියුම් ව්‍යාජ ලේඛන හදන්න එයා උපන් හපනෙක්.

ටාජ් මහල විතරක් නෙවෙයි, එයා රතු බලකොටුව දෙපාරක් විකුණුවා. එතනිනුත් නතර වුණේ නෑ. ඉන්දියාවේ ජනාධිපති මන්දිරය (රාෂ්ට්‍රපති භවන්) එකත් විකුණුවා. හැබැයි එයාගේ ලොකුම සහ ආන්දෝලනාත්මකම ගනුදෙනුව ඒක නෙවෙයි.

දවසක් එයා ඉන්දියානු පාර්ලිමේන්තුව පිටරට ව්‍යාපාරිකයෙක්ට විකුණුවා. නිකන්ම ගොඩනැගිල්ල විතරක් නෙවෙයි, එයා ඔප්පුවේ ලියලා තිබුණේ "පාර්ලිමේන්තුව සහ එහි සිටින මන්ත්‍රීවරුන් 545 දෙනාම ඇතුළුව" විකුණනවා කියලා! පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ටිකත් තමන්ගේ දේපළක් කියලා හිතාගෙන සල්ලි දීපු ඒ ව්‍යාපාරිකයා ගැන හිතද්දිත් පුදුම හිතෙනවා නේද?

මේ මනුස්සයා පොලිසියට කොටු වුණේ නැද්ද? අන්න එතන තමයි කතාවේ රසවත්ම කොටස තියෙන්නේ. නට්වර්ලාල්ව පොලිසියෙන් අල්ලගත්ත වාර ගණන අනන්තයි. එයාට විරුද්ධව නඩු 100කට වැඩිය තිබුණා. අවුරුදු 113ක හිර දඬුවම් නියම වෙලා තිබුණා.

හැබැයි, එයා හිරගෙදර හිටියට වඩා වැඩි කාලයක් හිටියේ එළියේ. මොකද එයා හිරෙන් පැනගන්න එක කලාවක් කරගෙන හිටියේ. 1957 දී කාන්පූර් හිරගෙදරින් එයා පැනගත්තේ පොලිස් යුනිෆෝම් එකක් ඇඳගෙන, අතේ සල්ලි පිරුණු බෑග් එකකුත් අරගෙන, ගේට්ටුවේ හිටපු ගාඩ්ලටත් සලියුට් එකක් ගහගෙන! කාටවත් හිතුණේ නෑ ඒ යන්නේ ඉන්දියාවේ භයානකම වංචාකාරයා කියලා.

Ad Space - in-article (300x250)

එයාගේ අන්තිම පැන යාම සිද්ධ වුණේ 1996 දී. එතකොට නට්වර්ලාල්ට වයස අවුරුදු 84ක් විතර ඇති. ඇවිදගන්න බැරි, රෝද පුටුවක යන අහිංසක මහලු ලෙඩෙක් විදියට තමයි එයා හිටියේ. පොලිසිය එයාව නවදිල්ලි දුම්රිය ස්ථානය හරහා රෝහලකට ගෙනියමින් හිටියා.

දුම්රිය ස්ථානයේ සෙනඟ අස්සේ පොලිස් නිලධාරීන්ගේ ඇස් වහන්න එයාට ගියේ තත්පරයි. රෝද පුටුව විතරක් ඉතුරු වුණා. අවුරුදු 84ක මහලු මනුස්සයා ආගිය අතක් නැති වුණා. එදා අතුරුදහන් වුණු නට්වර්ලාල්ව ආයේ කවදාවත් නීතියේ රැහැනට අහු කරගන්න කාටවත් බැරි වුණා.

සමහරු කියන විදියට එයා 2009 දී මියගියා. හැබැයි එයාගේ සහෝදරයා කියන්නේ එයා 1996 දීම මැරුණා කියලා. මැරුණෙ කොහොමද, කවදද කියන එකත් තාම අභිරහසක්. කොටින්ම කිව්වොත් එයා තමන්ගේ මරණය පවා වංචා කළා වෙන්න පුළුවන්.

ඉන්දියාවේ මිනිස්සු කියන විදියට, නට්වර්ලාල් කියන්නේ දුප්පතුන්ට උදව් කරපු 'රොබින් හුඩ්' කෙනෙක්. එයා වංචා කළේ කවදාවත් සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි, දූෂිත ව්‍යාපාරිකයන්ට සහ කලු සල්ලි තියෙන අයට විතරයි. එයාගේ ගමට ගියාම එයා ලොකු සාද දාලා දුප්පතුන්ට සල්ලි බෙදුවා කියලා තමයි සදහන් වෙන්නේ.

අදටත් ඉන්දියාවේ කවුරුහරි ලොකු බොරුවක් කළොත්, මිනිස්සු අහන්නේ "උඹ නට්වර්ලාල්ගේ කවුරුහරිද?" කියලා. ඒ තරමටම මේ නම මිනිස්සුන්ගේ ඔළුවට කා වැදිලා තියෙන්නේ.

ටාජ් මහල තුන් පාරක් විකුණපු, පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු පිටින්ම වෙන්දේසි කරපු, අවුරුදු 84 දීත් පොලිසියෙන් පැනගත්ත මේ වගේ මනුස්සයෙක් ගැන අහද්දි ඔබට මොකද හිතෙන්නේ?

මේ වගේම ටයි කෝට් දාගත්ත, වැදගත් විදියට කතා කරන 'නට්වර්ලාල්ලා' අපේ රටෙත් ඕන තරම් ඉන්නවා නේද? එහෙම අය ගැන ඔයාගේ අත්දැකීම් තියෙනවා නම් පහළින් කියාගෙන යන්න.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

ටාජ් මහල තුන් පාරක් විකුණූ ලෝකෙ ලොකුම 'ඩීල්' කාරයා! - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න