Ad Space - leaderboard (728x90)

🗡️ රස්සාව බේරගන්න කඩු අරන් සත්තු මරන්න වුණු දකුණු කොරියාවේ සේවකයෝ: සල්ලි ඔළුවට ගැහුවම හැදෙන දරුණු මානසික ලෙඩේ! 😱

🔪 සැබෑ අපරාධ2026 නවම් 253 min read
🗡️ රස්සාව බේරගන්න කඩු අරන් සත්තු මරන්න වුණු දකුණු කොරියාවේ  සේවකයෝ: සල්ලි ඔළුවට ගැහුවම හැදෙන දරුණු මානසික ලෙඩේ! 😱

🗡️ රස්සාව බේරගන්න කඩු අරන් සත්තු මරන්න වුණු දකුණු කොරියාවේ සේවකයෝ: සල්ලි ඔළුවට ගැහුවම හැදෙන දරුණු මානසික ලෙඩේ! 😱

හිතලා බලන්න... ඔයා උදේ ලෑස්ති වෙලා යන්නේ ඔයා වැඩ කරන ප්‍රසිද්ධ IT ඔෆිස් එකට. එදාට ඔෆිස් එකේ ට්‍රේනින් එකක් තියෙනවා කියලා ඔයාලව කැලෑවකට එක්කන් යනවා.

එකපාරටම ඔයාගේ කෝටිපති බොස් ඔයාගේ අතට දිග කඩුවක් හරි, දුන්නක් හරි දීලා කියනවා "අර ඉන්න කුකුළාව මරපන්" කියලා. ඔයා මොකද කරන්නේ?

අහද්දිත් පිස්සු වගේ නේද? මේක මොකක් හරි මනස්ගාත ෆිල්ම් එකක කතාවක් නෙවෙයි. මීට අවුරුදු කිහිපයකට කලින් දකුණු කොරියාවේ ඇත්තටම සිද්ධ වුණු, මුළු ලෝකයක්ම කම්පනයට පත් කරපු පිළිකුල් සහගත සිදුවීමක්.

දකුණු කොරියාවේ 'WeDisk' කියන්නේ අතිශය ජනප්‍රිය ටෙක් කොම්පැනියක්. මේකේ ප්‍රධානියා, එහෙමත් නැත්නම් CEO විදිහට හිටපු 'යැං ජින්-හෝ' (Yang Jin-ho) කියන්නේ පිටින් බලද්දී කෝටිපති, හරිම වැදගත් පෙනුමක් තියෙන ව්‍යාපාරිකයෙක්.

හැබැයි මේ වැදගත් කෝටිපතියා ඔෆිස් එකේ හතර මායිම ඇතුළේ තමන්ගේ සේවකයින්ට කරපු දේවල් රහසිගත කැමරාවලින් එළියට ආවාම ලෝකෙම තුෂ්ණිම්භූත වුණා. සල්ලි සහ බලය ඔළුවට ගැහුවාම මිනිස්සුන්ට කොච්චර දරුණු මානසික ලෙඩ හැදෙනවද කියන්න මේක තමයි හොඳම උදාහරණය.

තමන් යටතේ වැඩ කරන සේවකයින්ව කිසිම හේතුවක් නැතුව අනිත් අය ඉස්සරහා පෝලිමේ හිටවලා, මුළු ඔෆිස් එකටම ඇහෙන සද්දෙන් කම්මුලට ගහන එක මේ බොස්ට හරිම සාමාන්‍ය විනෝදාංශයක්. අනිත් සේවකයෝ බිම බලාගෙන බයෙන් ගැහෙද්දී ඔහු ඒකෙන් අමුතුම මානසික සතුටක් ලැබුවා.

සමහර දවස් වලට ඔහු බල කරනවා ඔෆිස් එකේ ඉන්න වැදගත් මැනේජර්ලාට පවා තමන්ගේ කොණ්ඩේ දීප්තිමත් රතු, නිල්, කොළ වගේ පාට වලින් ඩයි කරගෙන එන්න කියලා. බොස්ගේ කීමට කොණ්ඩේ පාට නොකළොත් එදාටම රස්සාවෙන් අස් කරනවා.

ඔහු තමන්ගේ යටතේ වැඩ කරන මිනිස්සුන්ව පාවිච්චි කළේ හරියට ඔහුට ඕන විදිහට නටවන්න පුළුවන් සෙල්ලම් බඩු වගේ.

හැබැයි මේ ඔක්කොම සීමාවල් පැනපු, මුළු ඇඟම හිරිවැටිලා යන අමුතුම සිදුවීමක් 2018 අවුරුද්දේ එළියට ආවා. මේ මානසික ලෙඩා තමන්ගේ ඔෆිස් එකේ සේවකයින්ව එකපාරටම කැලෑබද ප්‍රදේශයකට එක්කගෙන යනවා.

ගිහින් ඒ අහිංසක මිනිස්සුන්ගේ අත්වලට දුනු, ඊතල සහ ජපන් සමුරායිවරු පාවිච්චි කරනවා වගේ දිග කඩු දීලා පණ තියෙන කුකුළන්ව මරන්න කියලා බල කරනවා.

Ad Space - in-article (300x250)

ඒ.සී කාමර ඇතුළේ කීබෝඩ් එක ඔබ ඔබා හිටපු, ජීවිතේට සතෙක්ට තියා කූඹියෙක්ටවත් කරදරයක් කරපු නැති අහිංසක මෘදුකාංග ඉංජිනේරුවරුන්ට මේක දරාගන්න බැරි වුණා.

ඒ මිනිස්සු අඬ අඬා, බයේ අත් දෙක ගැහි ගැහී මේ සත්තුන්ට දුන්නෙන් විදින්න හදන හැටි ඒ රහසිගත වීඩියෝ එකේ පැහැදිලිව පේන්න තිබුණා. අත ගැහෙන නිසා ඊතලේ හරියට වදින්නේ නැති වෙද්දී, මේ මෘග බොස් කෑගහලා කුණුහරුපෙන් බැනලා බල කරන්නේ අර දිග කඩුවෙන් ගහලා හරි ඒ සතාව මරන්න කියලයි.

බැහැ කිව්වොත් පවුලම මහ පාරේ. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න, අවුරුදු ගාණක් දුක් විඳලා ගත්තු රස්සාව බේරගන්න ඕන නිසා ඒ අහිංසක මිනිස්සු තමන්ගේ හෘදසාක්ෂිය හිරකරගෙන මේ මෘගයා කියපු හැමදේම නිහඬවම කළා.

අන්තිමට තමන්ගේම ඔෆිස් එකේ කෙනෙක් හොරෙන් රෙකෝඩ් කරපු මේ වීඩියෝ එකක් පත්තරකාරයින්ට අහුවෙලා ප්‍රවෘත්ති වලට ගියාට පස්සේ තමයි මේ මහා අපරාධය ලෝකෙම දැනගත්තේ.

මුළු රටම මේකට විරුද්ධව කෑගහද්දී, අන්තිමට පොලිසියෙන් පැනලා මේ කෝටිපතියාව කුදලගෙන ගිහින් හිරේ දැම්මා.

සල්ලි සහ බලය කියන්නේ නරක, කුහක මිනිහෙක්ගේ අතට ගියාම ඒක ආයුධයකටත් වඩා භයානක දෙයක්. තමන්ට යටතේ ඉන්න මිනිස්සුන්ගේ අසරණකමෙන් ප්‍රයෝජන අරන් මේ වගේ අමානුෂික වධ දෙන මානසික රෝගී බොස්ලා අදටත් අපේ ලංකාවෙත් ඕනෙතරම් ඉන්නවා නේද?

ඔයාටත් මේ වගේ බලය ඔළුවට ගහපු මානසික ලෙඩ තියෙන බොස්ලා එක්ක වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවද? ඔයාගේ අත්දැකීම පහළින් කමෙන්ට් කරගෙන යන්න. 👇

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

🗡️ රස්සාව බේරගන්න කඩු අරන් සත්තු මරන්න වුණු දකුණු කොරියාවේ  සේවකයෝ: සල්ලි ඔළුවට ගැහුවම හැදෙන දරුණු මානසික ලෙඩේ! 😱 - 2
🗡️ රස්සාව බේරගන්න කඩු අරන් සත්තු මරන්න වුණු දකුණු කොරියාවේ  සේවකයෝ: සල්ලි ඔළුවට ගැහුවම හැදෙන දරුණු මානසික ලෙඩේ! 😱 - 3
🗡️ රස්සාව බේරගන්න කඩු අරන් සත්තු මරන්න වුණු දකුණු කොරියාවේ  සේවකයෝ: සල්ලි ඔළුවට ගැහුවම හැදෙන දරුණු මානසික ලෙඩේ! 😱 - 4
🗡️ රස්සාව බේරගන්න කඩු අරන් සත්තු මරන්න වුණු දකුණු කොරියාවේ  සේවකයෝ: සල්ලි ඔළුවට ගැහුවම හැදෙන දරුණු මානසික ලෙඩේ! 😱 - 5
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න