Ad Space - leaderboard (728x90)

තත්පර ගාණකින් ලෝක ඉතිහාසය වෙනස් වෙන්න ගිය ඒ රහසිගත මොහොත: ක්ලින්ටන්ව මරන්න ලාඩන් ගහපු 'මැනිලා ගේම'

🔪 සැබෑ අපරාධ2026 මැදින් 64 min read
තත්පර ගාණකින් ලෝක ඉතිහාසය වෙනස් වෙන්න ගිය ඒ රහසිගත මොහොත: ක්ලින්ටන්ව මරන්න ලාඩන් ගහපු 'මැනිලා ගේම'

තත්පර ගාණකින් ලෝක ඉතිහාසය වෙනස් වෙන්න ගිය ඒ රහසිගත මොහොත: ක්ලින්ටන්ව මරන්න ලාඩන් ගහපු 'මැනිලා ගේම'

ලෝකයේ බලවත්ම මනුස්සයාගේ ජීවිතයයි මරණයයි අතර පරතරය තීරණය වෙන්න ඉතුරු වෙලා තිබුණේ තව තත්පර කිහිපයක් විතරයි කිව්වොත් ඔබ පුදුම වේවි.

ඒක චිත්‍රපටයක කතාවක් නෙවෙයි, සම්පූර්ණ ඇත්තක්. හැබැයි මේ සිද්ධියේ ඇඟ හිරිවැටෙන ඇත්තම විස්තර එළියට ආවේ අවුරුදු 30කටත් පස්සේ, ඒ කියන්නේ 2024 අවුරුද්දේදී. එදා එතන හිටපු ඇමරිකානු රහස් ඔත්තු සේවයේ (Secret Service) නිලධාරීන් අන්තිමේදී කට ඇරියා.

කතාව පටන් ගන්නේ 1996 අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ බිරිඳ හිලරි ක්ලින්ටන් රැගත් 'Air Force One' ගුවන් යානය පිලිපීනයේ මැනිලා නුවර ගුවන් තොටුපළට ගොඩ බාන්නයි සූදානම් වුණේ. ඒ ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සහභාගි වෙන්න.

ගුවන් යානය පොළවට පාත් වෙනකොටම වගේ, ඇමරිකානු බුද්ධි අංශවල රහසිගත සන්නිවේදන ජාලයකට අමුතුම රේඩියෝ පණිවිඩයක් අසු වෙනවා. කවුරුහරි පිරිසක් රහසිගත සංඛ්‍යාතයක් පාවිච්චි කරලා අරාබි භාෂාවෙන් කතා කරනවා.

ඒ පණිවිඩයේ තිබුණේ හරිම අමුතු වචන දෙකක්. "මඟුල් ගෙදර" (Wedding) සහ "පාලම" (Bridge) කියන වචන දෙක විතරයි ඒකෙ පැහැදිලිව ඇහුණේ.

සාමාන්‍ය කෙනෙකුට මේක නිකන්ම නිකන් අහිංසක කතාබහක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි බුද්ධි අංශ නිලධාරීන්ට මේක ඇහුණා විතරයි, උන්හිටිතැන් අමතක වුණා. ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් 'මඟුල් ගෙදර' කියන කේත නාමය පාවිච්චි කරන්නේ මහා පරිමාණ ඝාතනයක් ගැන කතා කරන්න කියන එක ඒ නිලධාරීන් හොඳටම දැනගෙන හිටියා. අනෙක් වචනය වුණේ 'පාලම'.

ඒ වෙනකොටත් ජනාධිපතිවරයා ගුවන් තොටුපළේ ඉඳන් හෝටලයට යන්න නියමිතව තිබුණු ප්‍රධාන ගමන් මාර්ගය වැටිලා තිබුණේ මැනිලා නුවර තියෙන ප්‍රධාන පාලමක් උඩින්.

ක්ලින්ටන් යුවළ ගුවන් යානයෙන් බැහැලා තමන්ගේ අතිශය ආරක්ෂිත සන්නද්ධ ලිමොසින් රථයට ගොඩ වුණා. රථ පෙළ ගමන ආරම්භ කරන්නයි සූදානම.

මේ රථ පෙළේ ආරක්ෂාව භාරව හිටපු ප්‍රධාන නිලධාරියා වුණු ලුවිස් මර්ලෙට්ටිගේ (Lewis Merletti) කනට මේ රහස් පණිවිඩය ගැන තොරතුර එනවා. මර්ලෙට්ටිගේ මොළය විදුලියක් වගේ වැඩ කළා. කරුණු දෙකයි දෙකයි හතර වගේ එකතු වුණා.

ඔහුට තේරුණා මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. කමිටු දදා, සාකච්ඡා කර කර ඉන්න වෙලාවක් නැහැ. තීරණයක් ගන්න එක තත්පරයක්වත් පමා කරන්න බැහැ.

"දැන්ම පාර වෙනස් කරනවා! රථ පෙළ වෙනත් පාරකට ගන්න!" මර්ලෙට්ටි තමන්ගේ රේඩියෝවෙන් අණ දුන්නා.

ඒක හිතාගන්නවත් බැරි තරම් අවදානම් සහ බරපතල තීරණයක්. මොකද ඇමරිකන් ජනාධිපතිවරයෙක් යනකොට කවදාවත් කලින් සැලසුම් කරලා ආරක්ෂාව තහවුරු කරපු පාරවල් වලින් පිට වෙන පාරවල් වල යන්නේ නැහැ.

හැබැයි මේ වෙලාවේ වෙන විකල්පයක් තිබුණේ නැහැ.

ජනාධිපතිවරයාගේ රථ පෙළ ඒ තදබදය වැඩි, විකල්ප පාරවල් අස්සෙන්, ආරක්ෂිතව තමන්ගේ ඉලක්කයට ගියා. හැමෝගෙම හුස්ම වැටුණේ ඊටපස්සේ.

හැබැයි කතාවේ ඇඟ හිරිවැටෙනම කොටස එන්නේ ඊටපස්සේ. අර කලින් සැලසුම් කරලා තිබුණු පාලම ළඟට ගිහින් පිලිපීන ආරක්ෂක අංශ සෝදිසි කළා. ඔවුන්ට එතැනදී දැකගන්න ලැබුණු දේ දැක්කම ඊළඟ දවසේ ඒ පින්තූර බලපු ඇමරිකන් නිලධාරීන්ගේ ඇඟේ ලේ වතුර වුණා.

Ad Space - in-article (300x250)

පාලම උඩ තිබුණු ට්‍රාන්ස්ෆෝමරයක් (Electrical Box) උඩ අටවලා තිබුණා අතිශය ප්‍රබල බෝම්බයක්. ඒක නිකන්ම නිකන් බෝම්බයක් නෙවෙයි. යුධ ටැංකි වල ඝනකම් යකඩ තහඩු පවා විනාශ කරගෙන යන්න පුළුවන් (Armor-piercing RPG) අතිශය විනාශකාරී පුපුරණ ද්‍රව්‍ය, TNT බෝම්බයක් එක්ක එකතු කරලා හදපු මාරක උගුලක්.

ඒක පුපුරවන්න සූදානම් කරලා තිබුණේ නොකියා (Nokia) ජංගම දුරකථනයකින් දුරස්ථව (Remote control). ක්ලින්ටන්ගේ වාහනය පාලම උඩට ආපු ගමන්ම ත්‍රස්තවාදියා කෝල් එකක් අරගෙන මේ බෝම්බය පුපුරවන්නයි සැලසුම් කරලා තිබුණේ. ක්ලින්ටන්ගේ සන්නද්ධ කාර් එක කොච්චර ශක්තිමත් වුණත්, ඒක කෑලි වලට කුඩු වෙලා යන බව පස්සේ තහවුරු වුණා. කිසිම ගැලවීමක් නැහැ.

මේ සැලසුම එතනින් ඉවර වුණෙත් නැහැ. පාලමේ අනිත් කෙළවරේ අතහැරලා දාපු රතු පාට Mitsubishi Pajero එකක් තිබුණා. ඒක ඇතුළේ AK-47 ගිනි අවි හතරක් තිබුණා.

ප්ලෑන් එක තමයි, බෝම්බය පුපුරවලා පාලම කඩලා දාලා, ඊටපස්සේ SUV එකෙන් පාර හරස් කරලා රථ පෙළට දිගට හරහට වෙඩි තියන එක. මේක අතිශය බිහිසුණු, සැලසුම් සහගත ප්‍රහාරයක්.

මේ මහා ඝාතන සැලසුම පිටිපස්සේ හිටියේ කවුද දන්නවද?

බුද්ධි අංශ පස්සේ හොයාගත්ත විදියට, අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ සෘජු උපදෙස් මත, අබු සයියාෆ් (Abu Sayyaf) කියන ත්‍රස්ත කණ්ඩායම තමයි මේක සැලසුම් කරලා තිබුණේ.

2001 සැප්තැම්බර් 11 (9/11) ප්‍රහාරය කරලා ලෝකෙම හොල්ලන්න හරියටම අවුරුදු පහකට කලින්ම, ලාඩන් ඇමරිකාවට රිද්දන්න මේ ගහපු ප්ලෑන් එක අදටත් සැලකෙන්නේ අල්කයිඩා එකෙන් ඇමරිකාවට එල්ල කරපු පළවෙනිම දැවැන්ත උත්සාහය විදියට.

පුදුමෙකට වගේ ඇමරිකන් රජය මේ ගැන කිසිම විමර්ශනයක් (FBI Investigation) කළේ නැහැ. මේක නිකන්ම සිදුවීමක් විතරක් විදියට යටපත් කරලා දැම්මා. අඩුම තරමේ ඒ කාලේ හිටපු ක්ලින්ටන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියවත් මේ තරම් බරපතල දෙයක් වුණා කියලා දැනගෙන හිටියේ නැහැ.

එදා ඒ රහස් පණිවිඩය අහම්බෙන් හරි ඇමරිකන් ඔත්තු සේවයට අහු වුණේ නැත්නම්, ලුවිස් මර්ලෙට්ටි තත්පර ගාණක් ඇතුළත ඒ ජීවිතයයි මරණයයි අතර තීරණය ගත්තේ නැත්නම් මොකක් වෙයිද?

අද අපි ඉතිහාසය පොත් වල කියවන්නේ බිල් ක්ලින්ටන් කියන හිටපු ජනාධිපතිවරයා ගැන නෙවෙයි, බින් ලාඩන්ගේ බෝම්බයකින් මියගිය ඇමරිකන් ජනාධිපතිවරයෙක් ගැන.

මේ කතාව කියෙව්වට පස්සේ දැන් මට ඔයාලගෙන් අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා.

හිතලා බලන්න, එදා ඒ පණිවිඩය අහුනොවී, බිල් ක්ලින්ටන් ඒ බෝම්බයෙන් මියගියා නම්, අද ලෝක ඉතිහාසය කොයි වගේ වෙයිද?

ඔබට හිතෙන දේ, ඔබේ කෝණයෙන් අනිවාර්යයෙන්ම පහළින් කමෙන්ට් කරලා යන්න.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

තත්පර ගාණකින් ලෝක ඉතිහාසය වෙනස් වෙන්න ගිය ඒ රහසිගත මොහොත: ක්ලින්ටන්ව මරන්න ලාඩන් ගහපු 'මැනිලා ගේම' - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න