🔴 රුසියාවම හෙල්ලූ "මිනිස් බෝනික්කන්ගේ" අභිරහස... 😱
මිනිස්සුන්ට විවිධ විනෝදාංශ තියෙනවා නේද?
සමහරු සල්ලි, මුද්දර එකතු කරනවා. තවත් අය පරණ වාහන එකතු කරනවා.
ඒ දේවල් වල කිසිම වැරැද්දක් නැහැ.
හැබැයි... ඔයා කවදාහරි අහලා තියෙනවද 'මළමිනී' එකතු කරපු මනුස්සයෙක් ගැන?
අද මම කියන්න යන්නේ අහන ඕනෙම කෙනෙක්ගේ ඇඟ හිරිවැටෙන රුසියාවෙන් වාර්තා වුණු සත්‍ය සිදුවීමක් ගැනයි.
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇනටෝලි මොස්ක්වින් (Anatoly Moskvin).
මෙයා නිකම්ම නිකන් පිස්සෙක්වත්, කුඩු කාරයෙක්වත් නෙමෙයි.
මොස්ක්වින් කියන්නේ භාෂා 13ක් කතා කරන්න පුළුවන් උගතෙක්.
රුසියානු ඉතිහාසය ගැන පොත් පවා ලියපු, ගොඩක් අය ගරු කරන මහාචාර්යවරයෙක්.
ඔහුගේ ප්‍රධාන විෂය වුණේ "සුසාන භූමි" (Cemeteries) ගැන ඉතිහාසය හොයන එක.
ඒ නිසා ඔහු නිතරම කනත්තු ගානේ ඇවිදින එක මිනිස්සුන්ට ලොකු අමුත්තක් වුණේ නැහැ.
2011 අවුරුද්දේ දවසක රුසියානු පොලිසිය මොස්ක්වින්ගේ නිවාසයට (Apartment) යනවා. ඒ වෙනත් සාමාන්‍ය පරීක්ෂණයකට.
දොර ඇරගෙන ඇතුළට ගියපු පොලිස් නිලධාරීන්ට එකපාරටම දැනෙන්නේ දරාගන්න බැරි තරම් අමුතුම කුණු ගඳක්.
සාලේ පුරාම සහ කාමර වල පුටු උඩ, ලස්සනට මේකප් කරපු ලොකු බෝනික්කන් 29ක් වාඩි කරවලා හිටියා.
මේ බෝනික්කන්ගේ මූණු රෙදි වලින් වහලා, ඇස් වලට බොත්තම් මහලා තිබුණේ.
නිවස පුරාම තිබුණු අමුතු දුඟදය නිසා එක පොලිස් නිලධාරියෙක් මේ බෝනික්කෙක්ව අල්ලලා බලනවා.
ඒ නිලධාරියාට තේරෙනවා ඒ අල්ලන්නේ ප්ලාස්ටික් හරි රෙදි හරි නෙමෙයි කියලා.
ඒ වේලිලා ගිය 'මිනිස් සමක්'!
ඒත් එක්කම මුළු රුසියාවම හොල්ලපු ඒ ඇඟ කිලිපොලා යන ඇත්ත එළියට එනවා.
ඒ එකම එක බෝනික්කෙක්වත් ඇත්ත බෝනික්කෝ නෙමෙයි!
ඒ ඔක්කොම මෑතකදී මියගිය කුඩා ගැහැණු ළමයින්ගේ මළසිරුරු! 🩸
මේ මහාචාර්යවරයා රෑට රහසින්ම සුසාන භූමිවලට පැනලා තියෙනවා.
අලුත වළදාලා තියෙන පොඩි ළමයින්ගේ මළමිනී ගොඩ අරන් හොරෙන්ම ගෙදර ගෙනල්ලා.
ඊටපස්සේ ඒ සිරුරු නරක් වෙන්නේ නැති වෙන්න ලුණු සහ බේකින් සෝඩා දාලා මමීකරණය කරලා.
ඒ මළසිරුරු වලට ලස්සනට මේකප් කරලා, අලුත් ඇඳුම් අන්දලා ගෙදර පුරාම තියාගෙන ඉඳලා තියෙන්නේ.
වඩාත්ම බය හිතෙන කාරණය තමයි මේක.
සමහර මළසිරුරු වල පපුව ඇතුළට Music boxes පවා මෙයා හයි කරලා තිබුණා.
ඒ ළමයින්ගේ උපන්දින දවස් වලට මෙයා කේක් කපලා සාද පවා පවත්වලා තියෙනවා.
🤯 හැබැයි මේ කතාවේ පිස්සු හැදෙනම කාරණේ ඒක නෙමෙයි!
මේ ඔක්කොම දේවල් වෙන අතරේ, මොස්ක්වින්ගේ වයසක අම්මයි තාත්තයි නිතරම මේ ගෙදරට ඇවිත් තියෙනවා.
එයාලා මේ මළසිරුරු මැද්දේ ඉඳගෙන තේ පවා බීලා තියෙනවා!
හැබැයි ඒ අයටවත් මේ ගැන කිසිම සැකයක් හිතිලා නැහැ.
"අපි හිතුවේ ඒවා ඇත්තම ලොකු බෝනික්කෝ කියලා" දෙමාපියන් කඳුළු සලමින් පොලිසියට කිව්වා.
මෙයා ඇයි මේ වගේ දෙයක් කළේ?
උසාවියේදී මොස්ක්වින් කිව්වේ ළමයි කනත්තේ සීතලේ ඉන්නවා බලන් ඉන්න බැරි නිසයි ගෙදර එක්කන් ආවේ කියලයි.
අනාගතයේදී විද්‍යාව දියුණු වුණාම මේ ළමයින්ට ආයෙත් පණ දෙන්න පුළුවන් වෙයි කියලා ඔහු විශ්වාස කරලා තියෙනවා.
ඔහුට දරුණු මානසික රෝගයක් ඇති බව තහවුරු වුණ නිසා ඔහුව ජීවිතාන්තය දක්වා මානසික රෝහලක රඳවා තබන්න නියෝග කළා.
අදටත් අන්තර්ජාලයේ Anatoly Moskvin කියලා search කරොත් එදා පොලිසිය ගත්ත මේ බෝනික්කන්ගේ ඔරිජිනල් වීඩියෝ ෆුටේජ් බලාගන්න පුළුවන්.
මොහොතක් හිතන්න... මේ වගේ ගෙදරක එක විනාඩියක් තනියම ඉන්න වුණොත් ඔයාට මොනවා වෙයිද? 😱 ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න.
#TrueCrime #Mystery #SinhalaStory #AnatolyMoskvin #CreepyStories











