"මම මනුස්සයෙක්... මම සතෙක් නෙවෙයි..." ඒත් සුදු මහත්තුරු එයාව දැම්මේ වඳුරු කූඩුවට! 🦍😢 (
අපි සත්තු වත්තට යන්නේ සත්තු බලන්න. ඒත් හිතන්න, ඔබ සත්තු වත්තට ගියාම එතන කූඩුවක වඳුරෙක් එක්ක දම්වැලකින් බැඳපු "මනුස්සයෙක්" ඉන්නවා දැක්කොත්? ඒ මනුස්සයා දිහා බලලා මිනිස්සු හිනාවෙනවා, කෑම විසි කරනවා දැක්කොත් ඔබට මොනවා හිතෙයිද? මේක ෆිල්ම් එකක් නෙවෙයි. මේක 1906 අවුරුද්දේ, ලෝකයේ දියුණුම රට යැයි කියාගන්නා ඇමරිකාවේ "Bronx Zoo" සත්ව උද්‍යානයේ සිදුවූ සත්‍යම සිදුවීමක්.
ඔහුගේ නම ඔටා බෙන්ගා (Ota Benga). ඔහු අප්‍රිකාවේ කොංගෝ වනාන්තරයේ ජීවත් වුණ අහිංසක "පිග්මි" (Pygmy) ගෝත්‍රිකයෙක්. උස අඩි 4 යි අඟල් 11 යි. දවසක් සුදු ජාතික ව්‍යාපාරිකයෙක් (Samuel Verner) අප්‍රිකාවට එනවා. එයා දකිනවා මේ අමුතු පෙනුම තියෙන මනුස්සයාව. එයා ඔටා බෙන්ගාව ලුණු සහ රෙදි කෑලි වගයකට "මිලදී ගන්නවා". හරියට බඩුවක් සල්ලි වලට ගන්නවා වගේ.
එයාව නැවක දාගෙන ඇමරිකාවට ගේනවා. ඇමරිකාවේ විද්‍යාඥයෝ හිතුවේ මේ ඉන්නේ "මනුස්සයා සහ වඳුරා අතර මැද පුරුක" (Missing Link) කියලා. එයාලා කළේ මහා අපරාධයක්. ඔටා බෙන්ගාව නිව්යෝර්ක් නුවර සත්තු වත්තේ "වඳුරු කූඩුවට" (Monkey House) දැම්මා. එයාගේ තනියට දැම්මේ ඔරංඔටන් කෙනෙක්ව සහ ගිරවෙක්ව.
කූඩුව ඉස්සරහ ගැහුවා බෝඩ් එකක්: "අප්‍රිකානු පිග්මි ජාතිකයෙක්. වයස අවුරුදු 23යි. උස අඩි 4යි. හවසට පෝෂණය කරනු ලැබේ."
දවසකට මිනිස්සු 40,000ක් විතර එයාව බලන්න ආවා. සුදු ජාතිකයෝ එයාට හිනා වුණා. ළමයි එයාට ගල් ගැහුවා. සමහරු එයාගේ ඇඟට ඇඟිල්ලෙන් ඇන්නා "මේ ඇත්තම එකෙක්ද" කියලා බලන්න. ඔටා බෙන්ගා ඒ වෙලාවට කළේ කූඩුවේ මුල්ලකට වෙලා අඬපු එක විතරයි. එයාට ඉංග්‍රීසි බෑ. එයාට කාටවත් කියන්න බැරි වුණා "මම සතෙක් නෙවෙයි, මට ගෙදර යන්න ඕන" කියලා.
ටික කාලෙකින් එහේ හිටපු කළු ජාතික පූජකවරු මේකට විරුද්ධ වුණා. "දෙවියන් වහන්සේ මැවූ මනුස්සයෙක්ට මෙහෙම කරන්න එපා" කියලා ඔවුන් සටන් කළා. ඒ නිසා ඔටා බෙන්ගාව නිදහස් කළා.
එයා සාමාන්‍ය මිනිස්සු අතරට ආවා. එයා ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඇඳුම් අඳින්න පුරුදු වුණා. දුම්කොළ කම්හලක රස්සාවක් කළා. හැබැයි එයාගේ හිතේ තිබුණේ එකම එක හීනයයි. "කවදාහරි මගේ රටට (කොංගෝවට) යනවා" කියන හීනය.
ඒත් 1914 දි පළමු ලෝක යුද්ධය පටන් ගත්තා. නැව් ගමනාගමනය නතර වුණා. ඔටා බෙන්ගාට තේරුණා "මට ආයේ කවදාවත් මගේ ගෙදර යන්න ලැබෙන්නේ නෑ" කියලා. ඒ වේදනාව දරාගන්න බැරිම තැන... 1916 මාර්තු මාසේ දවසක, එයා හොයාගත්තු පිස්තෝලයකින් තමන්ගේම පපුවට වෙඩි තියාගෙන සියදිවි නසා ගත්තා.
එයා මැරෙන්න කලින් ගිනි මැලයක් ගහලා, එයාගේ දත්වල තිබුණ විශේෂ ආවරණ ගලවලා, සාම්ප්‍රදායික නැටුමක් නටලා තමයි වෙඩි තියාගත්තේ කියලා කියනවා.
ශිෂ්ට සම්පන්නයි කියන මිනිස්සු, අහිංසක මිනිහෙක්ව සතෙක් කරලා, අන්තිමට මිනියක් කළා. සමහර වෙලාවට කූඩුවේ ඉන්න සතාට වඩා, කූඩුවෙන් එළියේ ඉන්න මිනිස්සු තිරිසන්... 🥀💔
#OtaBenga #HumanZoo #History #Racism #SadTruth #UntoldStories #NokeeKatha #නොකීකතා #DarksideOfHumanity
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි







