Ad Space - leaderboard (728x90)

මිනිත්තු 90න් ලෝකෙම හෙල්ලූ "මිෂන් ඉම්පොසිබල්" - ඔපරේෂන් එන්ටැබේ (Operation Entebbe) - Mossad Files 3 ✈️🇮🇱🔥

📜 ඉතිහාසය2025 උඳුවප් 226 min read
මිනිත්තු 90න් ලෝකෙම හෙල්ලූ "මිෂන් ඉම්පොසිබල්" - ඔපරේෂන් එන්ටැබේ (Operation Entebbe) - Mossad  Files 3  ✈️🇮🇱🔥

මිනිත්තු 90න් ලෝකෙම හෙල්ලූ "මිෂන් ඉම්පොසිබල්" - ඔපරේෂන් එන්ටැබේ (Operation Entebbe) - Mossad Files 3 ✈️🇮🇱🔥

නිකමට හිතන්න ඔයාගේ රටේ ඉඳන් කිලෝමීටර් 4000ක් ඈත තියෙන, මිනී කන ඩික්ටේටර් කෙනෙක් පාලනය කරන රටක ගුවන් තොටුපළක ඔයාගේ පවුලේ අයව ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණඇපයට අරගෙන ඉන්නවා. ඒ මදිවට ඒ රටේ හමුදාව ඉන්නෙත් ත්‍රස්තවාදීන්ගේ පැත්තේ. වටේම තියෙන්නේ සතුරු රටවල්. ලෝකෙම කියනවා "දැන් ඉතින් කරන්න දෙයක් නෑ, එයාලා ඉල්ලන දේ දීලා දාමු" කියලා. හැබැයි ඊශ්‍රායලය කියන්නේ කාටවත් යටත් වෙන ජාතියක් නෙවෙයි. ඔවුන් තීරණය කළා ලෝක යුධ ඉතිහාසයේ එදා මෙදා තුර ක්‍රියාත්මක වුණ භයානකම, ඒ වගේම අදටත් ලෝකේ හොඳම කොමාන්ඩෝ මෙහෙයුම විදියට සලකන "ඔපරේෂන් තන්ඩර්බෝල්ට්" ක්‍රියාත්මක කරන්න. මේක හොලිවුඩ් ෆිල්ම් එකක් නෙවෙයි, මේක ඇත්තටම වුණ සිද්ධියක්.

මේ කතාව පටන් ගන්නේ 1976 ජූනි 27 වෙනිදා ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරින් ප්‍රංශය බලා පිටත් වුණ එයාර් ෆ්‍රාන්ස් 139 දරණ ගුවන් යානය ග්‍රීසියේ අහසට උඩින් පියාසර කරද්දි පලස්තීන සහ ජර්මානු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් හයිජැක් කිරීමත් එක්කයි. මගීන් 248 දෙනෙක් හිටපු මේ යානය ත්‍රස්තවාදීන් විසින් කෙලින්ම අරගෙන යන්නේ අප්‍රිකාවේ උගන්ඩාවට. එහෙ හිටියේ ලෝකෙම දන්න, තමන්ගේ හතුරන්ගේ මිනී මස් කනවා කියලා ප්‍රසිද්ධ වෙලා හිටපු "ඉඩි අමීන්" කියන ඒකාධිපති පාලකයා. ඉඩි අමීන් මේ ත්‍රස්තවාදීන්ව මල් තියලා පිළිගත්තා විතරක් නෙවෙයි, එයාගේ හමුදාවේ ආරක්ෂාවත් මේ ත්‍රස්තවාදීන්ට ලබා දුන්නා. එන්ටැබේ ගුවන් තොටුපළට බැස්සට පස්සේ මේ ත්‍රස්තවාදීන් කළේ හරිම නරුම වැඩක්. ඔවුන් මගීන්ගේ පාස්පෝට් එකින් එක බලලා, යුදෙව් ජාතිකයන්ව සහ ඊශ්‍රායල ජාතිකයන්ව වෙනම කාමරයකට දාලා, අනිත් ජාතිකයන් 148 දෙනාම නිදහස් කරලා යැව්වා. මේක දැක්කම යුදෙව්වන්ට මතක් වුණේ හිට්ලර්ගේ ගෑස් කාමර වලට යවන්න මිනිස්සු තෝරපු විදිය. අන්තිමට ඉතුරු වුණේ ඊශ්‍රායල ජාතිකයින් 100 දෙනා සහ යානයේ කාර්ය මණ්ඩලය විතරයි. ත්‍රස්තවාදීන්ගේ නියෝගය වුණේ ලෝකේ පුරා හිරකරගෙන ඉන්න ත්‍රස්තවාදීන් 53 දෙනෙක් නිදහස් කරන්න, නැත්නම් ජූලි 1 වෙනිදා ඉඳන් මේ 100 දෙනාව අපි එකා එකා මරනවා කියන එකයි.

මේ වෙලාවේ මුළු ලෝකෙම හිතුවේ ඊශ්‍රායලය අනිවාර්යයෙන්ම යටත් වෙයි කියලා. මොකද උගන්ඩාව තියෙන්නේ ඊශ්‍රායලයේ ඉඳන් කිලෝමීටර් 4000ක් ඈතින් නිසා එච්චර දුරක් ගිහින් මෙහෙයුමක් කරන එක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක් කියලයි හැමෝම හිතුවේ. මැද්දේ තියෙන්නේ සතුරු රටවල් නිසා රේඩාර් වලට අහු නොවී මෙච්චර දුරක් යන එක "හිතාගන්නවත් බැරි" දෙයක් වුණා. නමුත් ඊශ්‍රායල අගමැති යිට්ෂැක් රබින් සහ ආරක්ෂක ප්‍රධානීන් රහසිගතව රැස්වෙලා මොසාඩ් ඔත්තු සේවයට සහ හමුදාවට කතා කරලා කිව්වේ "අපිට ප්ලෑන් එකක් ඕන, මේක පිස්සුවක් වගේ පෙනුනට කමක් නෑ, කොහොම හරි අපේ මිනිස්සු ටික පණ පිටින් ගේන්න ඕන" කියලයි. එතන ඉඳන් මොසාඩ් එක වැඩට බැස්සේ අකුණු ගහනවා වගේ. නිදහස් වුණ ප්‍රංශ ජාතිකයන්ගෙන් එයාලා හැම තොරතුරක්ම ගත්තා. ගුවන් තොටුපළේ දොරවල් තියෙන තැන්, ත්‍රස්තවාදීන් ඉන්න තැන්, ඉඩි අමීන්ගේ සොල්දාදුවන් ඉන්න තැන් සිතියම් ගත කළා. දෛවයේ සරදමකට වගේ මේ එන්ටැබේ ගුවන් තොටුපළ හදන්න අවුරුදු ගාණකට කලින් කොන්ත්‍රාත් එක අරන් තිබුණේ ඊශ්‍රායල සමාගමක් විසින්. මොසාඩ් එක ඒ ඉංජිනේරුවන්ව හොයාගෙන ගිහින් මුළු බිල්ඩින් එකේම බ්ලූ ප්‍රින්ට් පවා අරගෙන, හරියටම ඒ වගේ ආකෘතියක් කාන්තාරයේ හදලා දවස් ගාණක් ඇතුළත පුහුණුවීම් කළා.

ජූලි 3 වෙනිදා රෑ ඊශ්‍රායලයේ සිට යෝධ හර්කියුලිස් C-130 ප්‍රවාහන ගුවන් යානා 4ක් කාටත් හොරෙන් අහසට නැගුනා. මේවයේ ඇතුලේ හිටියේ ඊශ්‍රායලයේ භයානකම සහ දක්ෂතම කොමාන්ඩෝ ඒකකය වන "Sayeret Matkal" බලකායේ සෙබළුන් 100 දෙනෙක්. මේ ජීවිතයත් මරණයත් අතර ගමනේ නායකයා වුණේ වර්තමාන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආදරණීය අයියා වුණ, ලුතිනන් කර්නල් යොනතන් (යොනි) නෙතන්යාහු. මේ ගමන ලේසි වුණේ නෑ. සතුරු රේඩාර් වලට අහු නොවෙන්න ඔවුන්ට සිද්ධ වුණා රතු මුහුදට අඩි 100ක් තරම් ඉතාම පහලින්, කළුවරේම පියාසර කරන්න. යානයේ හිටපු භටයෝ ගොඩක් අයට එච්චර පහලින් යද්දි වමනේ ගියා, ඒත් කාටවත් බයක් තිබුණේ නෑ. රෑ 11 වෙද්දි යානා හෙමින් සීරුවේ උගන්ඩාවට ළං වුණා. ගුවන් පථයේ ලයිට් නිවලා තිබුණත්, පළමු යානය ඝන අන්ධකාරයේම රහසිගතව ගුවන් පථයට ගොඩ බස්සන්න නියමුවා සමත් වුණා.

යානය ගොඩබස්සපු ගමන් පිටුපස දොර ඇරුණා. හැබැයි එළියට ආවේ යුද්ධ ටැංකිවත් ජීප් රථවත් නෙවෙයි. එළියට ආවේ කළු පාට ලොකු මර්සිඩීස් බෙන්ස් කාර් එකක් සහ ලෑන්ඩ් රෝවර් ජීප් දෙකක්. ඇයි දන්නවද ඔවුන් එහෙම කළේ? මොසාඩ් ඔත්තුකරුවන් හරියටම දැනගෙන හිටියා උගන්ඩාවේ ජනාධිපති ඉඩි අමීන් ගමන් බිමන් යන්නේ කළු මර්සිඩීස් එකකින් කියලා. මේ කොමාන්ඩෝ භටයෝ හිතාමතාම එහෙම කාර් එකක් අරන් ගියේ, "මේ එන්නේ ජනාධිපතිතුමා" කියලා ගේට්ටුවේ ඉන්න මුරකරුවන්ව රවට්ටලා ගේට්ටුව ඇරගන්න. වාහන පෙළ ටර්මිනල් එක ළඟට ගියා. ඈත ඉඳන්ම කළු මර්සිඩීස් එක දැක්කම උගන්ඩාවේ මුරකරුවන් බය වෙලා සැලියුට් ගහලා පාර ඉඩ දුන්නා. ඒක තමයි ඔවුන්ට වෙච්ච ලොකුම සහ අන්තිම වැරැද්ද. වාහනය ළඟට එද්දිම සයිලන්සර් හයි කරපු තුවක්කු වලින් කොමාන්ඩෝ භටයෝ ඒ මුරකරුවන්ට වෙඩි තිබ්බා. එතනින් එහාට පටන් ගත්තේ ලෝකෙම හොල්ලපු විනාඩි කිහිපයයි.

කාර් එකෙන් එළියට පැන්න යොනි නෙතන්යාහු ඇතුළු කණ්ඩායම කෙලින්ම හෝල් එකට කඩා පැන්නා. "බිමට පාත් වෙන්න! අපි ඊශ්‍රායල්වරු!" කියලා මෙගාෆෝන් වලින් හිබ්‍රෑ භාෂාවෙන් කෑ ගහද්දි ප්‍රාණඇපකරුවෝ ඔක්කොම බිම දිගා වුණා. තමන්ගේ රටේ හමුදාව තමන්ව බේරගන්න ආවා කියන සතුටට සමහරුන්ට අදහාගන්න බැරි වුණා. හෝල් එකේ හිටගෙන හිටපු ත්‍රස්තවාදීන් 7 දෙනාටම හිතාගන්නවත් වෙලාවක් නොදී තත්පර ගාණක් ඇතුළත ඔළුවලටම වෙඩි තියලා ඉවර කරන්න මේ කොමාන්ඩෝ භටයෝ සමත් වුණා. නමුත් එතනින් ඉවර වුණේ නෑ. එළියේ හිටපු උගන්ඩාවේ හමුදාව වටකරගෙන වෙඩි තියන්න ගත්තා. ඊශ්‍රායල භටයෝ ඒ ප්‍රහාරයත් සාර්ථකව මැඩපැවැත්තුවා විතරක් නෙවෙයි, මේ අතරේ අනිත් C-130 යානා වලින් බැස්ස කණ්ඩායම් ගිහින් එයාපෝට් එකේ නවත්තලා තිබුණ උගන්ඩාවට අයිති MiG වර්ගයේ ප්‍රහාරක යානා 11ක්ම පුපුරුවලා දැම්මා. මොකද ඔවුන් දැනගෙන හිටියා ආපහු යද්දි ඉඩි අමීන් මේ ප්ලේන් එවල එයාලට ගහන්න ඉඩ තියෙනවා කියලා.

මුළු මෙහෙයුමටම ගියේ විනාඩි 90යි. ප්‍රාණඇපකරුවන් 102ක් නිරුපද්‍රිතව බේරාගෙන ප්ලේන් වලට පටවා ගත්තා. හැබැයි මේ ජයග්‍රහණය අවසානයේ මුළු ඊශ්‍රායලයම අඬවපු සිද්ධියක් වුණා. ප්‍රාණඇපකරුවන්ව පටවලා ටර්මිනල් එකෙන් එළියට එද්දි උගන්ඩාවේ ස්නයිපර් කරුවෙක් තැබූ හදිසි වෙඩි පහරකින් මෙහෙයුමේ නායකයා, යොනි නෙතන්යාහු පපුවට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වුණා. ඔහු තමයි මේ මෙහෙයුමේ මියගිය එකම ඊශ්‍රායල සෙබළා. ඔහු තමන්ගේ ජීවිතය පූජා කළේ තමන්ගේ රටේ මිනිස්සු 100 දෙනෙක්ගේ ජීවිත බේරගන්න. රෑ 12 වෙනකොට හැමෝම ආපහු ප්ලේන් වලට නැගලා කිසිම කරදරයක් නැතුව ඊශ්‍රායලය බලා පියාසර කළා. ජූලි 4 වෙනිදා උදේ වෙද්දි ප්‍රාණඇපකරුවන්ව රැගත් යානා ටෙල් අවිව් වලට ගොඩ බස්සද්දි මුළු ලෝකෙම කට ඇරගෙන බලාගෙන හිටියා. "කොහොමද යකෝ කිලෝමීටර් 4000ක් ගිහින්, රටක් මැදට බැහැලා, ජනාධිපති වගේ ඇඳගෙන ගිහින්, ඔක්කොම මරලා මේක කළේ?" කියලා ඇමරිකාව පවා පුදුම වුණා. ඉඩි අමීන් උදේ නැගිටලා බලද්දි එයාගේ එයාපෝට් එක කුඩු, එයාගේ ගුවන් හමුදාවෙන් භාගයක් ඉවරයි, හිරකාරයෝ අරන් ගිහින්. මිනිහා කොච්චර ෂොක් වුණාද කියනවා නම් පස්සේ කාලෙක මිනිහම කිව්වා "ඊශ්‍රායල් කාරයෝ නම් මාරයි" කියලා.

Ad Space - in-article (300x250)

එදා මොසාඩ් සහ ඊශ්‍රායල හමුදාව ලෝකෙටම දුන්න මැසේජ් එක තමයි "ලෝකේ කොහේ හිටියත්, අපේ එකෙක්ට අත තිබ්බොත් අපි ඇවිල්ලා උස්සන් එනවා, අපිට දුර ප්‍රශ්නයක් නෙවෙයි" කියන එක. අදටත් ලෝකේ හොඳම Special Operation එක විදියට ලෝකේ පුරාම හමුදා පාසල් වල උගන්වන්නේ මේ "ඔපරේෂන් එන්ටැබේ" එක ගැනයි.

මේ සිද්ධිය පාදක කරගෙන '7 Days in Entebbe' වගේ ෆිල්ම් ගොඩක් ඇවිත් තියෙනවා. කවුරුහරි ඒවා බලලා තියෙනවද? ඔයාලා හිතන විදියට ලෝකේ බිහිවුණ 'හොඳම කොමාන්ඩෝ මිෂන්' එක මේකද? නැත්නම් වෙන එකක්ද?

ඔබ මේ වගේ කතා ඉදිරියටත් කියවීමට කැමති නම් Next කියල කොම්මෙන්ට් කරන්න .

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#Mossad #Entebbe #Israel #History #SpecialForces #Action #Legend

මිනිත්තු 90න් ලෝකෙම හෙල්ලූ "මිෂන් ඉම්පොසිබල්" - ඔපරේෂන් එන්ටැබේ (Operation Entebbe) - Mossad  Files 3  ✈️🇮🇱🔥 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟
📜 ඉතිහාසය
4 min

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟 අද වෙද්දී ලෝකයේ තියෙන ජනප්‍රියම සහ වටිනාම ක්‍රීඩා සපත්තු සන්නාමයක් ගැන ඇහුවොත්, බො...

කියවන්න
✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! �...
📜 ඉතිහාසය
4 min

✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! �...

✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! 🧠 ලෝකය සෑම විටම මිනිසුන්ව මනින්නේ ඔවුන්ගේ බාහිර පෙනුමෙන් පමණයි. කෙනෙක් ඉතාමත් ලස...

කියවන්න
🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️
📜 ඉතිහාසය
4 min

🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️

🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️ අද වෙද්දී ලෝකයේ තියෙන මිල අධිකම සහ ජනප්‍රියම විලාසිතා සන්නාම (Fashion Brands) ගැන කතා කරද්දී, 'Hugo Boss' කියන නම අනිව...

කියවන්න
🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨
📜 ඉතිහාසය
5 min

🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨

🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨 1984 දෙසැම්බර් 3 වෙනිදා. ඉන්දියාවේ භෝපාල් නුවරට ඒක තවත් එක සාමාන්‍ය සීතල දවසක් විතරයි. දවසේ මහන්සිය නිවාගන්න නග...

කියවන්න
🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "...
📜 ඉතිහාසය
4 min

🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "...

🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "එලී කෝහෙන්" ගේ සත්‍ය කතාව! චිත්‍රපටවල ඉන්න ජේම්ස් බොන්ඩ් (James Bond) වගේ ඔත්තුක...

කියවන්න
🌾 ලෝකයේ වැඩිම ජීවිත ගණනක් බේරගත්ත මනුස්සයා... ඒත් අදටත් කවුරුත් ඔහුගේ නමවත් දන්නේ නෑ! 🥺
📜 ඉතිහාසය
3 min

🌾 ලෝකයේ වැඩිම ජීවිත ගණනක් බේරගත්ත මනුස්සයා... ඒත් අදටත් කවුරුත් ඔහුගේ නමවත් දන්නේ නෑ! 🥺

🌾 ලෝකයේ වැඩිම ජීවිත ගණනක් බේරගත්ත මනුස්සයා... ඒත් අදටත් කවුරුත් ඔහුගේ නමවත් දන්නේ නෑ! 🥺 ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම ජීවිත බේරගත්ත මනුස්සයා කවුද කියලා ඇහුවොත් ඔයා මොකද කියන්නේ? සමහරවිට ඔයා ප්‍රසිද්ධ වෛද්‍...

කියවන්න