Ad Space - leaderboard (728x90)

ප්‍රංශ රජය අදටත් ඇගේ පොත් එළියට ගන්න බය ඇයි? 🤔 ලෝකයට ජීවිතය දීලා, විකිරණ වලින් මියගිය ඇගේ නොකී කතාව. 👇

📜 ඉතිහාසය
ප්‍රංශ රජය අදටත් ඇගේ පොත් එළියට ගන්න බය ඇයි? 🤔 ලෝකයට ජීවිතය දීලා, විකිරණ වලින් මියගිය ඇගේ නොකී කතාව. 👇

ප්‍රංශ රජය අදටත් ඇගේ පොත් එළියට ගන්න බය ඇයි? 🤔 ලෝකයට ජීවිතය දීලා, විකිරණ වලින් මියගිය ඇගේ නොකී කතාව. 👇

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ජාතික පුස්තකාලයේ අදටත් ඉතාමත්ම භයානක අංශයක් තිබෙනවා. එහි ඇතුළු වෙන්න අවසර තියෙන්නේ ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳගෙන, තමන්ගේ ජීවිතේ වගකීම තමන් බාරගන්නා බවට අත්සන් කිරීමෙන් පසුව විතරයි. එතරම් ආරක්ෂාව මැද තැන්පත් කරලා තියෙන්නේ වෙන කාගෙවත් නෙවෙයි, මීට වසර 90කට පෙර මියගිය ගැහැනියක් පාවිච්චි කළ ඇගේ කෑම උයන පොත, දිනපොත සහ ඇගේ ආදරණීය සැමියා සමඟ ලියූ සටහන් පොත් කිහිපයක් පමණයි. ඇය මියගිහින් ශතවර්ෂයකට ආසන්න කාලයක් ගතවෙලා තිබුණත්, අදටත් ඇය අතගෑ ඒ කොල කෑලිවලින් මාරාන්තික විකිරණ (Radiation) නිකුත් වෙමින් පවතිනවා. ඇය නමින් මේරි කියුරි. නමුත් ලෝකය ඇයව "මාරි" ලෙස හඳුනාගන්න කලින් ඇය ගෙවපු ජීවිතය කටුකයි, ඒ වගේම හරිම සුන්දරයි.

ඇත්තටම ඇය ඉපදුනේ ප්‍රංශයේ නෙවෙයි. පෝලන්තයේ වෝර්සෝ නුවර උපන් ඇගේ ඇත්ත නම "මරියා සලෝමි ස්ක්ලොඩොව්ස්කා". රුසියානු පාලනය යටතේ තිබුණු පෝලන්තයේ, ගැහැනු ළමයින්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කරලා තිබුණු අඳුරු යුගයක තමයි ඇය ඉපදුනේ. අම්මා ක්ෂය රෝගයෙන් මැරෙද්දි මරියාට වයස අවුරුදු 10යි. තාත්තාට උගන්වන්න සල්ලි තිබුණේ නෑ. ඒත් ඉගෙන ගන්න තිබුණු ආසාව නිසාම ඇය පුදුම වැඩක් කළා. ඇය රුසියානු පොලිසියට හොරෙන්, තැන් තැන්වල පවත්වපු රහසිගත විශ්වවිද්‍යාලයකට (Flying University) සම්බන්ධ වුණා. පොලිසියට අහු නොවෙන්න අද එක තැනක, හෙට තව තැනක පවත්වපු මේ පන්තිවලට ගිහින් ඇය විද්‍යාව ඉගෙන ගත්තා. අවසානයේදී සල්ලි හොයාගන්න ගෙවල්වල වැඩකාරකම් කරලා, ළමයින්ට ටියුෂන් දීලා එකතු කරගත්ත සොච්චම් මුදලින් ඇය වයස අවුරුදු 24 දී පැරිසියට පැනගත්තා. පැරිසියේ ඇය ගෙව්වේ රජ ජීවිතයක් නෙවෙයි. ශීතලට පොරවගන්න රෙද්දක්වත් නැති, වතුරවත් නැති පුංචි අටුවක (Attic) තමයි ඇය ජීවත් වුණේ. බොහෝ දවස්වල ඇගේ කෑම වේල වුණේ පාන් කෑල්ලක් සහ තේ ටිකක් විතරයි. බඩගින්නට කලන්තේ දාලා වැටුණු වාර අනන්තයි. ඒත් "බඩගින්නට වඩා ඉගෙන ගන්න තියෙන ආසාව ලොකුයි" කියලා ඇය හිත හදාගත්තා.

ඇගේ ජීවිතේ වෙනස් වෙන්නේ පියරේ කියුරි (Pierre Curie) මුණගැහුනට පස්සෙයි. විද්‍යාගාරයේ ඉඩ මදි වෙලා රස්තියාදු වෙද්දි මුණගැහුණු පියරේ, ඇගේ බුද්ධියට වගේම හදවතටත් ආදරය කළා. පියරේ දෙපාරක් යෝජනා කරලයි මේරිව කැමති කරගත්තේ. ඔවුන්ගේ විවාහය හරිම සරලයි. මධුසමය ගත කරන්න ඔවුන් ගියේ ලොකු හෝටල්වලට නෙවෙයි, තෑගි ලැබුණු සල්ලි වලින් ගත්ත බයිසිකල් දෙකක නැගලා ප්‍රංශයේ ගම්මාන මැදින් සවාරියක් යන්නයි ඔවුන් තෝරගත්තේ. ඒ තමයි ඔවුන්ගේ ආදරේ හැටි. මේ දෙන්නා එකතු වෙලා තමයි රේඩියම් හොයාගත්තේ. හැබැයි ඔවුන් වැඩ කළේ වහලෙන් වතුර කාන්දු වෙන පරණ මඩු කෑල්ලක් ඇතුලේ. මේරි අලුතින් හොයාගත්ත රේඩියම් අඩංගු පුංචි වීදුරු ටියුබ්, නිකන්ම නිකන් ටොෆි දාගන්නවා වගේ තමන්ගේ සාක්කුවේ දාගෙන දවස තිස්සේම වැඩ කළා. රෑට ලයිට් නිව්වම මේ රේඩියම් ටියුබ් වලින් නිකුත් වෙන නිල් පාට එළිය දිහා ඔවුන් පැය ගණන් බලාගෙන හිටියා. "ඒවා හරියට කණාමැදිරියෝ වගේ ලස්සනයි" කියලා ඇය දිනපොතේ ලිව්වා. නමුත් ඇය දැනගෙන හිටියේ නෑ ඒ ලස්සන එළිය ඇතුලේ හැංගිලා තියෙන්නේ තමන්ගේ මරණය කියලා.

මාරි කියුරි කියන්නේ නිකම්ම විද්‍යාඥවරියක් නෙවෙයි. 1903 දී භෞතික විද්‍යාවටත් (පියරේ කියුරි සමඟ) , 1911 දී රසායන විද්‍යාවටත් වශයෙන් නොබෙල් ත්‍යාග දෙකක් දිනාගන්නට ඇය සමත් වුණා. අදටත් ලෝක ඉතිහාසයේ විවිධ විද්‍යා විෂයන් දෙකකින් නොබෙල් ත්‍යාග දිනාගත් එකම මනුස්සයා ඇයයි. ඇය නොබෙල් ත්‍යාගය දිනාගත්තත්, ගැහැනියක් වීම නිසා ඇයට සමාජයෙන් එල්ල වුණු පීඩනය අඩුවුණේ නෑ. නොබෙල් ත්‍යාගලාභියෙක් වෙලත් ප්‍රංශ විද්‍යා ඇකඩමිය ඇයට සාමාජිකත්වය දුන්නේ නෑ "ගැහැනියක්" නිසා. ඊටත් වඩා දරුණුම පහර වැදුනේ 1906 දී අශ්ව කරත්තයක හැප්පිලා ඇගේ සැමියා, පියරේ මියගිය දවසෙයි. ඇය තනි වුණා. පියරේගේ මරණයෙන් පස්සේ ඇය තවත් විද්‍යාඥයෙක් වුණු පෝල් ලැන්ජවින් ( පියරේගේ කලින් සිසුවෙක්) එක්ක ඇතිකරගත්ත සම්බන්ධයක් නිසා පුවත්පත් ඇයට මඩ ගැහුවා. මිනිස්සු ඇගේ ගෙදරට ගල් ගැහුවා. ඇයට හැංගිලා ඉන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ ඇගේ හිත හදන්න ලියුමක් එවපු එකම කෙනා තමයි ඇල්බට් අයින්ස්ටයින්. "මිනිස්සු කියන කතා ගණන් ගන්න එපා, ඔයා ඔයාගේ ගමන යන්න" කියලා අයින්ස්ටයින් ඇයට ශක්තියක් වුණා. අයින්ස්ටයින්, නීල්ස් බෝර් වගේ දැවැන්තයින් එක්ක "සොල්වේ සමුළුවට" (Solvay Conference) සහභාගී වුණු එකම ගැහැනිය වුණේ ඇයයි. ඇය පියරේගේ පුටුවේ ඉඳගෙන සෝබෝන් විශ්වවිද්‍යාලයේ පළමු කාන්තා මහාචාර්යවරිය බවට පත් වුණා.

Ad Space - in-article (300x250)

මේරි කියුරි කියන්නේ පුදුම හිතෙන අම්මා කෙනෙක්. ඇය තමන් හොයාගත්ත රේඩියම් පිරිපහදු කරන ක්‍රමය (Process) තමන්ගේ නමට "පේටන්ට්" (Patent) කළේ නෑ. එහෙම කළා නම් ඇය ලෝකයේ ධනවත්ම කාන්තාව වෙනවා. "විද්‍යාව අයිති මනුෂ්‍යත්වයට මිසක්, පුද්ගලයන්ට නෙවෙයි" කියලා ඇය ඒක නොමිලේම ලෝකෙට දුන්නා. හැබැයි පසුකාලීනව ඇයටම පරීක්ෂණ කරන්න රේඩියම් ගන්න සල්ලි නැති වුණා. අන්තිමේදී ඇමරිකාවේ කාන්තාවන් එකතු වෙලා සම්මාදම් කරපු සල්ලි වලින් තමයි ඇයට රේඩියම් ග්‍රෑම් එකක් අරගෙන දුන්නේ. ඇමරිකානු ජනාධිපතිවරුන් පවා ඇයව මුණගැහෙන්න ආවා. ප්‍රංශ රජය ඇයට සම්මාන දෙන්න හැදුවත් "මට ඕන සම්මාන නෙවෙයි, මට ඕන ලැබ් එකක්" කියලා ඇය ඒවා ප්‍රතික්ෂේප කළා. ඇගේ මේ ආදර්ශය නිසාම ඇගේ දුව "ඉරෙන් කියුරි" හා ඇගේ ස්වාමි පුරුශය පවා පසුකාලීනව නොබෙල් ත්‍යාගය දිනාගත්තා. අනිත් දුව ලීවේ ලෝක ප්‍රසිද්ධ ලේඛිකාවක් වුණා. එක පවුලකට නොබෙල් ත්‍යාග 5 ක්! හිතාගන්න පුළුවන්ද?

අවසානයේදී 1934 දී, මේරි කියුරි මෙලොව හැර ගියේ "Aplastic Anemia" කියන ලේ පිළිකාවෙන්. වසර ගණනාවක් තිස්සේ සාක්කුවේ දාගෙන ගිය, අතින් අල්ලපු විකිරණ ටික ඇගේ ඇට මිදුළු දිය කරලා දාලා තිබුණා. ඇය මියයන මොහොත වෙනකම්ම දැනගෙන හිටියේ නෑ තමන්ව මරන්නේ තමන් පණ වගේ ආදරේ කරපු විද්‍යාවමයි කියලා. ඇය මියගිහින් වසර 90ක් ගතවුණත්, අදටත් ඇගේ මළ සිරුර සාමාන්‍ය විදිහට වළ දාලා නෑ. ඇගේ දේහය තැන්පත් කරලා තියෙන්නේ අඟලක් ඝනකම ඊයම් පෙට්ටියක් (Lead-lined Coffin) ඇතුලේ.

මොකද තව වසර 1500ක් යනකම් ඇගේ ඇටකටු වලින් පවා මාරාන්තික විකිරණ පිටවෙනවා. ඇය එදා තමන්ගේ ජීවිතේ දිය කරලා ඒ එළිය හෙව්වේ නැත්නම්, අද පිළිකා රෝගීන්ට ප්‍රතිකාර නෑ. ඇය සාක්කුවේ දාගෙන ගියේ මරණය නෙවෙයි, ඇය සාක්කුවේ දාගෙන ගියේ අපේ ජීවිත.

#MarieCurie #TrueStory #ScienceHistory #Radioactivity #Inspiration #LoveStory #Sacrifice #SriLanka #SinhalaArticle

ප්‍රංශ රජය අදටත් ඇගේ පොත් එළියට ගන්න බය ඇයි? 🤔 ලෝකයට ජීවිතය දීලා, විකිරණ වලින් මියගිය ඇගේ නොකී කතාව. 👇 - 2
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🛑 අවුරුදු 8ක පුංචි කෙල්ලෙක් තමන්ගේ ගෙදර ළඟ ඉස්කෝලෙට යන්න අහපු ප්‍රශ්නෙකින්, සම්පූර්ණ රටක්ම වෙනස් වුණු හැටි! 👧🏾⚖️
📜 ඉතිහාසය

🛑 අවුරුදු 8ක පුංචි කෙල්ලෙක් තමන්ගේ ගෙදර ළඟ ඉස්කෝලෙට යන්න අහපු ප්‍රශ්නෙකින්, සම්පූර්ණ රටක්ම වෙනස් වුණු හැටි! 👧🏾⚖️

🛑 අවුරුදු 8ක පුංචි කෙල්ලෙක් තමන්ගේ ගෙදර ළඟ ඉස්කෝලෙට යන්න අහපු ප්‍රශ්නෙකින්, සම්පූර්ණ රටක්ම වෙනස් වුණු හැටි! 👧🏾⚖️ සීතල සුළඟ හමන එක්තරා උදෑසනක, අවුරුදු 8ක පුංචි ගැහැණු ළමයෙක් තමන්ගේ පාසල් ගමන ආරම්භ ක...

💥බෝම්බ වැටිලා, භූමිකම්පා ඇවිත් ජීවිතේම දෙපාරක් කුඩුපට්ටම් වෙලත් පරාජය භාර නොගත්තු ලෝකෙම හොල්ලන 'Honda' සමාගමේ සැබෑ කතාව...
📜 ඉතිහාසය

💥බෝම්බ වැටිලා, භූමිකම්පා ඇවිත් ජීවිතේම දෙපාරක් කුඩුපට්ටම් වෙලත් පරාජය භාර නොගත්තු ලෝකෙම හොල්ලන 'Honda' සමාගමේ සැබෑ කතාව...

💥බෝම්බ වැටිලා, භූමිකම්පා ඇවිත් ජීවිතේම දෙපාරක් කුඩුපට්ටම් වෙලත් පරාජය භාර නොගත්තු ලෝකෙම හොල්ලන 'Honda' සමාගමේ සැබෑ කතාව 🏍️ අද අපි කතා කරන්න යන්නේ අපේ ගෙදරක, පාරක තොටක අනිවාර්යයෙන්ම දකින්න ලැබෙන නමක්...

පිරිමි රජ කරද්දී නිහඬවම ලෝකේ හොල්ලන කාන්තාවන් 5 දෙනා මෙන්න! 👑💸 මේ වගේ තවත් වීඩියෝ හැමදාම බලන්න අපිව Like කරලා Follow ක...
📜 ඉතිහාසය▶ Video

පිරිමි රජ කරද්දී නිහඬවම ලෝකේ හොල්ලන කාන්තාවන් 5 දෙනා මෙන්න! 👑💸 මේ වගේ තවත් වීඩියෝ හැමදාම බලන්න අපිව Like කරලා Follow ක...

පිරිමි රජ කරද්දී නිහඬවම ලෝකේ හොල්ලන කාන්තාවන් 5 දෙනා මෙන්න! 👑💸 මේ වගේ තවත් වීඩියෝ හැමදාම බලන්න අපිව Like කරලා Follow කරන්න. 🚀✨

✈️ රාවණා රජුගේ "දඬු මොණරය": ලෝකයම රැවටූ මිත්‍යාවක්ද? නැත්නම් විද්‍යාවටත් නොතේරෙන සත්‍යයක්ද? 🇱🇰✨
📜 ඉතිහාසය

✈️ රාවණා රජුගේ "දඬු මොණරය": ලෝකයම රැවටූ මිත්‍යාවක්ද? නැත්නම් විද්‍යාවටත් නොතේරෙන සත්‍යයක්ද? 🇱🇰✨

✈️ රාවණා රජුගේ "දඬු මොණරය": ලෝකයම රැවටූ මිත්‍යාවක්ද? නැත්නම් විද්‍යාවටත් නොතේරෙන සත්‍යයක්ද? 🇱🇰✨ රයිට් සහෝදරයෝ ගුවන් යානයක් නිර්මාණය කරන්නට වසර දහස් ගණනකට පෙර, අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ අහස සිසාරා පි...

ලෝකයේ විශාලතම නොවිසඳුණු අභිරහසක්: ක්ලියෝපැට්රාගේ අතුරුදන් වූ සොහොන් ගැබ 👑🐍
📜 ඉතිහාසය

ලෝකයේ විශාලතම නොවිසඳුණු අභිරහසක්: ක්ලියෝපැට්රාගේ අතුරුදන් වූ සොහොන් ගැබ 👑🐍

ලෝකයේ විශාලතම නොවිසඳුණු අභිරහසක්: ක්ලියෝපැට්රාගේ අතුරුදන් වූ සොහොන් ගැබ 👑🐍 ඉතිහාසයේ සැඟවුණු අභිරහස් සොයාගෙන යන අපේ ගමනේදී අද අපි කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේම කතාබහට ලක්වුණු, ඒ වගේම අදටත් පුරාවිද්‍ය...

එකම එක වෙඩිල්ලක්වත් නොතියා රේගන් සෝවියට් රුසියාව බංකොලොත් කළ හැටි 🚀🐻**
📜 ඉතිහාසය

එකම එක වෙඩිල්ලක්වත් නොතියා රේගන් සෝවියට් රුසියාව බංකොලොත් කළ හැටි 🚀🐻**

එකම එක වෙඩිල්ලක්වත් නොතියා රේගන් සෝවියට් රුසියාව බංකොලොත් කළ හැටි 🚀🐻** ලෝකයේ බලවත්ම, දරුණුතම හතුරෙක්ව යුද්ධ කරන්නේ නැතුව, එකම එක උණ්ඩයක්වත් පත්තු කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම සමතලා කරලා දාන්න පුළුවන් ...