ලෝකයක් හිනැස්සූ චාලි චැප්ලින්ට, මරණයෙන් පසුව රඟපාන්න සිදුවූ ත්‍රාසජනකම චරිතය!" 🎬 - ඉතිහාසයේ සිදුවූ අමුතුම පැහැරගැනීමේ (Kidnapping) ඇත්ත කතාව. 🎩⚰️
මුළු ලෝකයක්ම හිනාවෙන් පිරවූ මිනිසා, ශ්‍රීමත් චාලි චැප්ලින්. කතා නොකරන යුගයේ සිනමාවේ රජු විදිහට වැජඹුණු ඔහු, තමන්ගේ රැවුලෙන්, වේවැල් සැරයටියෙන් සහ ඒ අමුතු ඇවිදීමෙන් අපේ ළමා කාලය ලස්සන කළා. 1977 වසරේ නත්තල් දවසේදී (December 25), මුළු ලෝකයක්ම නත්තල් සමරද්දි මේ මහා කලාකරුවා ස්විට්සර්ලන්තයේදී සදහටම දෑස් පියා ගත්තා. ලෝකයේම ආදරය මැද ඔහුව ස්විට්සර්ලන්තයේ කෝසියර් (Corsier-sur-Vevey) සුසාන භූමියේ තැන්පත් කළේ බොහොම ගෞරවයෙන්. මුළු ලෝකයම හිතුවේ දැන් ඔහුට සදාකාලික නිිවන් සුව ලැබෙයි කියලා. නමුත් දෛවයේ සරදමකට වගේ, ජීවත් වෙද්දි ලෝකයට විහිළු කරපු මේ මනුස්සයාට, මිය ගියාට පස්සෙත් "විහිළුවක්" වෙන්න සිද්ධ වුණා. හැබැයි ඒක හිනා යන විහිළුවක් නෙවෙයි; මුළු ලෝකයක්ම කම්පා කරපු ඛේදවාචකයක්.
සිද්ධිය වුණේ චැප්ලින් මියගිහින් හරියටම මාස දෙකකට පස්සේ. 1978 මාර්තු 01 වැනිදා උදෑසන සුසාන භූමිය බලාගන්න මුරකරුට දකින්න ලැබුණේ අදහාගන්න බැරි දසුනක්. චාලි චැප්ලින්ව තැන්පත් කරපු සොහොන් බිම අවුස්සලා දාලා තිබුණා. වළ හාරලා තිබුණේ හරියට යක්ෂයෙක් පොළොව පලාගෙන උඩට ආවා වගේ. මුරකරු බයෙන් වෙව්ලමින් වළ ළඟට ගිහින් බලද්දි ඔහුගේ ඇස් අදහාගන්න බැරි වුණා. මිනී පෙට්ටිය අතුරුදහන්! කිලෝ 150කට වඩා බර ඕක් ලීයෙන් හදපු ඒ මිනී පෙට්ටිය කවුරු හරි හොරු කණ්ඩායමක් විසින් රාත්‍රියේ හොර රහසේම උස්සගෙන ගිහින්.
මේ පුවත ලැව් ගින්නක් වගේ ලෝකේ පුරාම පැතිරුණා. "කවුද යකෝ මැරුණ මනුස්සයෙක්ගේ මිනියක් උස්සන්නේ?" කියලා හැමෝම ප්‍රශ්න කළා. සමහරු කිව්වේ මේක පිස්සු රසිකයෙක් කරපු වැඩක් වෙන්න ඇති කියලා. තවත් සමහරු කිව්වේ චැප්ලින් යුදෙව්වෙක් නිසා නාසීන් මේක කරන්න ඇති කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. සති කිහිපයකට පස්සේ චැප්ලින්ගේ වැන්දඹු බිරිඳ, "ඌනා චැප්ලින්" (Oona Chaplin) මැඩම්ට අද්භූත දුරකථන ඇමතුමක් එනවා. එහා පැත්තෙන් කතා කරපු පුද්ගලයා බොහොම සැර පරුෂ විදිහට මෙහෙම කිව්වා.
"අපිට ඩොලර් ලක්ෂ 6ක් (ඒ කාලේ හැටියට කෝටි ගාණක්) ඕන. සල්ලි දුන්නේ නැත්නම් අපි මිනියත් එක්කම මිනී පෙට්ටිය පුච්චලා දානවා. එහෙම නැත්නම් ඔයාගේ පොඩි ළමයින්ටත් වෙන්නේ මේ ටිකමයි!"
මේක සාමාන්‍ය ගැහැනියක් නම් බය වෙලා මැරෙන්න තරම් කතාවක්. තමන්ගේ සැමියාගේ මිනිය හොරු අරන් ගිහින් සල්ලි ඉල්ලනවා. නමුත් ඌනා චැප්ලින් කියන්නේ චාලි චැප්ලින්ගේ බිරිඳ. ඇය ළඟත් චැප්ලින්ගේ වගේම අපූරු හාස්‍ය රසයක් සහ නිර්භීතකමක් තිබුණා. ඇය ඒ හොරුන්ට දීපු උත්තරය අදටත් ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා තියෙනවා. ඇය කිව්වා: "මම ඔයාලට සතයක්වත් දෙන්නේ නෑ. මොකද මගේ මහත්තයා ජීවතුන් අතර හිටියා නම්, තමන්ගේ මිනියට මෙච්චර ගාණක් ගෙවන එක ගැන අහලා එයාටම හිනා යයි. එයා කියයි මේක මහා විහිළුවක් කියලා!"
ඇය පොලිසියට සහාය දුන්නා. ස්විට්සර්ලන්ත පොලිසිය මේක භාර ගත්තේ ජාතික මෙහෙයුමක් විදිහට. ඔවුන් චැප්ලින්ගේ පවුලේ දුරකථන ඔක්කොම "ටැප්" (Wiretap) කළා. මුළු ප්‍රදේශයේම පොදු දුරකථන කුටි (Phone Booths) 200ක් විතර පොලිස් නිලධාරීන් යොදවලා මුර කළා. දවසක් අර හොරු කණ්ඩායම ආපහු කතා කරන්න හදද්දිම පොලිසියට ලොකේෂන් එක ට්‍රැක් වුණා. පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. එතන හිටියේ පෝලන්ත ජාතිකයෙකුයි, බල්ගේරියානු ජාතිකයෙකුයි. Roman Wardas (පෝලන්ත ජාතික, මූලික සැලසුම්කරු) සහ Gantscho Ganev (බල්ගේරියානු ජාතික). ඔවුන් නිකම්ම නිකන් කාර් මැකෑනික්ලා දෙන්නෙක්. ඔවුන් හිතන් හිටියේ ලෝක ප්‍රසිද්ධ මනුස්සයෙක්ගේ මිනිය ඉස්සුවම ලේසියෙන් කෝටිපතියෝ වෙන්න පුළුවන් කියලා.
පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළාම තමයි හැමෝම බලාගෙන හිටපු ඒ ප්‍රශ්නයට උත්තරේ ලැබුණේ. "කෝ චාලි?" ඔවුන් චැප්ලින්ගේ මිනී පෙට්ටිය ඈත පිටිසර බඩ ඉරිඟු යායක් මැද වළලලා තිබුණා. ලෝකයක් රජෙක් වගේ සලකපු මනුස්සයා, අන්තිමේදී සති ගාණක් තිස්සේ සීතල බඩ ඉරිඟු යායක් මැද, පස් යට තනිවෙලා හිටියා.
අවසානයේදී පොලිසිය ගෞරව සහිතව දේහය ගොඩ අරගෙන නැවතත් සුසාන භූමියේ තැන්පත් කළා. හැබැයි මේ පාර පවුලේ අය පොඩි වෙනසක් කළා. ආයේ කවදාවත් කිසිම හොරෙක්ට මේ වගේ පහත් වැඩක් කරන්න බැරි වෙන්න, මිනී පෙට්ටිය වටේට අඩි ගාණක් ඝනකම කොන්ක්‍රීට් තට්ටුවක් දාලා තමයි වළ දැම්මේ.
චාලි චැප්ලින් ජීවත් වෙද්දි අපිට කියලා දුන්නා "හිනාව නැති දවස අසම්පූර්ණ දවසක්" කියලා. හැබැයි ඔහු මියගියාට පස්සේ ලෝකයට කියලා දුන්නා "මිනිස් තණ්හාවට කරන්න බැරි දෙයක් නෑ" කියලා. ලෝකයක් හිනැස්සූ මිනිසාට, මරණයෙන් පසුව ලැබුණු මේ ඛේදජනක ඉරණම ගැන ඔබට හිතෙන්නේ මොකක්ද?
පහළින් කමෙන්ට් කරන්න. 👇
#CharlieChaplin #TrueCrime #HistoryMystery #GraveRobbery #NokiKatha #ViralStory #DarkHistory #Legend







