Ad Space - leaderboard (728x90)

පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය...

📜 ඉතිහාසය2026 නවම් 163 min read
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය...

පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය...

1945 වර්ෂයේ අප්‍රේල් මාසය... මුළු ලෝකයම හෙල්ලුම් කාපු දෙවැනි ලෝක යුද්ධය එන්න එන්නම දරුණු වෙන කාලේ. ජර්මනිය හැම පැත්තෙන්ම වටවෙලා පරදින්න ඔන්න මෙන්න තිබුණේ.

මේ වෙලාවේ ඇමරිකානු හමුදාවේ තුන්වන බලඇණිය ජර්මනියේ "තුරින්ගියා" කියන ප්‍රදේශයට ඇතුළු වෙනවා. මේ සොල්දාදුවන්ට ප්‍රදේශවාසීන්ගෙන් අමුතු ඔත්තුවක් ලැබෙනවා. ඒ තමයි නාසීන් රෑ තිස්සේ ලොකු ට්‍රක් රථ පෝලිම් පිටින් කැලෑව මැද තියෙන පතලක් ඇතුළට මොනවදෝ අදිනවා කියන එක.

මේක නිකම්ම නිකම් පතලක් නෙවෙයි. මේක තමයි "මේකර්ස්" (Merkers) ලුණු පතල. ඇමරිකානු සොල්දාදුවන් කණ්ඩායමක් බොහොම පරිස්සමට මේ පතලේ දොරටුව ළඟට යනවා. ඒත් එයාලා හීනෙකින්වත් හිතුවේ නෑ, ඒ දොරෙන් එහා පැත්තේ තිබුණේ මනුෂ්‍ය ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැකපු ලොකුම අබිරහසක් කියලා.

මේ පතලට බහින්න තියෙන ලිෆ්ට් එකෙන් සොල්දාදුවන් පහළට යන්න පටන් ගත්තා. විනාඩියක් දෙකක් නෙවෙයි, අඩි 2000කටත් වඩා පොළොව යටට මේ ලිෆ්ට් එක ගමන් කළා. ඒ කියන්නේ අඩි 2000ක් ඝනකම පොළොවක් තමන්ගේ ඔළුව උඩ තියෙනවා කියන එකම කොච්චර භයානක හැඟීමක්ද?

පතලේ පතුලට ගියාම දැක්කේ කිලෝමීටර් ගාණක් දිගට විහිදුණු උමං මාර්ග පද්ධතියක්. හැමතැනම ලුණු පාෂාණ. විදුලි පන්දම් එළියෙන් සොල්දාදුවන් ඉස්සරහට යනකොට එයාලා දකිනවා ලොකු යකඩ දොරක්. ඒක හරියට බැංකුවක ස්ට්‍රෝන්ග් රූම් (Strong Room) එකක් වගේමයි.

මේ දොරේ යතුරු හොයාගන්න බැරි වුණු තැන, හමුදාව තීරණය කරනවා ඩයිනමයිට් දාලා දොර පුපුරවන්න. මහා සද්දයක් එක්ක දොර කැඩිලා යනවා. දූවිලි වලාකුළ මැදින් ඇතුළට එබිලා බලපු සොල්දාදුවන්ට තමන්ගේ ඇස් අදහාගන්න බැරි වුණා.

ටෝච් එළිය වැටෙන වැටෙන හැම තැනම තිබුණේ රත්තරන්...

නිකම්ම රත්තරන් නෙවෙයි, රත්තරන් ගඩොල් දහස් ගණනක්, මලු ගණන් පිරවූ ඇමරිකානු ඩොලර් සහ යුරෝපීය මුදල් නෝට්ටු කඳු ගණනක් එතන ගොඩගහලා තිබුණා. හරියට "අලි බබා සහ හොරු හතළිහ" කතාවේ ගුහාව ඇතුළට ගියා වගේ වැඩක්.

මේක නාසි ජර්මනියේ අවසාන බලාපොරොත්තුව. යුද්ධයෙන් පරදින බව දැන දැනම, හිට්ලර් තමන්ගේ රටේ තිබුණු මුළු මහ බැංකුවේම රත්තරන් සංචිතය මේ ලුණු පතල ඇතුළට ගෙනත් හංගලා තිබුණා. මොකද උඩ ඉඳන් බොම්බ දැම්මට, අඩි 2000ක් පොළොව යට තියෙන මේ නිධානයට හානියක් වෙන්නේ නැති නිසා.

Ad Space - in-article (300x250)

හැබැයි මේ කතාවේ භයානකම කොටස එන්නේ ඊට පස්සේ.

මේ රත්තරන් ගොඩවල් අස්සේ තවත් පෙට්ටි වගයක් තිබුණා. සොල්දාදුවන් ඒවා ඇරලා බලද්දී දැක්ක දේ නිසා එයාලගේ ඇඟේ ලේ වතුර වුණා. ඒ පෙට්ටිවල තිබුණේ රත්තරන් දත්, මංගල මුදු, කන්නාඩි ෆ්‍රේම් සහ ආභරණ.

මේවා සාමාන්‍ය රත්තරන් නෙවෙයි. මේවා නාසීන් විසින් ඝාතනය කරපු මිලියන ගණනක් අහිංසක යුදෙව්වන් ගෑස් කුටිවලට යවන්න කලින් එයාලගේ ඇඟෙන් බලෙන් ගලවගත්ත දේවල්. මැරුණට පස්සේ කටවල් වල තිබුණු රත්තරන් දත් පවා ගලවගෙන ඒවා උණු කරලා මේ පතලේ හංගලා තිබුණා.

මේ නිධානය කොච්චර විශාලද කියනවා නම්, ඒ කාලේ වටිනාකමින් ඩොලර් මිලියන 500කට වඩා වැඩියි කියලා ගණන් බලා තිබුණා (අද මුදලින් බැලුවොත් කෝටි ප්‍රකෝටි ගණනක්). ඒ විතරක් නෙවෙයි, ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ වටිනාම චිත්‍ර, කෞතුක වස්තු සිය ගණනක් මේ ලුණු පතලේ වේලෙමින් තිබුණා.

මේ සිද්ධිය වෙලා අවුරුදු 80ක් ගෙවිලා ගිහින් තිබුණත්, අදටත් ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍යවල මේ ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. මොකද ඉතිහාසඥයින් විශ්වාස කරනවා එදා ඇමරිකානු හමුදාවට හම්බවුණේ හිට්ලර් හංගපු නිධානයෙන් කොටසක් විතරයි කියලා.

තවත් රහසිගත උමං මාර්ග මේ පතල ඇතුළේ හෝ වෙනත් තැන්වල තියෙන්න පුළුවන් බවට අලුත් සාක්ෂි හම්බවෙමින් පවතිනවා. සමහරවිට නාසීන්ගේ ලේ තැවරුණු රත්තරන් තාමත් අපි නොදන්නා අඳුරු පතලක් ඇතුළේ, කාටවත්ම නොපෙනී සැඟවිලා තියෙන්න පුළුවන්.

තව නාසීන්ගේ රත්තරන් සැඟවිලා ඇතිද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය... - 2
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය... - 3
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය... - 4
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය... - 5
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය... - 6
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය... - 7
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟
📜 ඉතිහාසය
4 min

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟 අද වෙද්දී ලෝකයේ තියෙන ජනප්‍රියම සහ වටිනාම ක්‍රීඩා සපත්තු සන්නාමයක් ගැන ඇහුවොත්, බො...

කියවන්න
✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! �...
📜 ඉතිහාසය
4 min

✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! �...

✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! 🧠 ලෝකය සෑම විටම මිනිසුන්ව මනින්නේ ඔවුන්ගේ බාහිර පෙනුමෙන් පමණයි. කෙනෙක් ඉතාමත් ලස...

කියවන්න
🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️
📜 ඉතිහාසය
4 min

🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️

🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️ අද වෙද්දී ලෝකයේ තියෙන මිල අධිකම සහ ජනප්‍රියම විලාසිතා සන්නාම (Fashion Brands) ගැන කතා කරද්දී, 'Hugo Boss' කියන නම අනිව...

කියවන්න
🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨
📜 ඉතිහාසය
5 min

🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨

🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨 1984 දෙසැම්බර් 3 වෙනිදා. ඉන්දියාවේ භෝපාල් නුවරට ඒක තවත් එක සාමාන්‍ය සීතල දවසක් විතරයි. දවසේ මහන්සිය නිවාගන්න නග...

කියවන්න
🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "...
📜 ඉතිහාසය
4 min

🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "...

🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "එලී කෝහෙන්" ගේ සත්‍ය කතාව! චිත්‍රපටවල ඉන්න ජේම්ස් බොන්ඩ් (James Bond) වගේ ඔත්තුක...

කියවන්න
🌾 ලෝකයේ වැඩිම ජීවිත ගණනක් බේරගත්ත මනුස්සයා... ඒත් අදටත් කවුරුත් ඔහුගේ නමවත් දන්නේ නෑ! 🥺
📜 ඉතිහාසය
3 min

🌾 ලෝකයේ වැඩිම ජීවිත ගණනක් බේරගත්ත මනුස්සයා... ඒත් අදටත් කවුරුත් ඔහුගේ නමවත් දන්නේ නෑ! 🥺

🌾 ලෝකයේ වැඩිම ජීවිත ගණනක් බේරගත්ත මනුස්සයා... ඒත් අදටත් කවුරුත් ඔහුගේ නමවත් දන්නේ නෑ! 🥺 ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම ජීවිත බේරගත්ත මනුස්සයා කවුද කියලා ඇහුවොත් ඔයා මොකද කියන්නේ? සමහරවිට ඔයා ප්‍රසිද්ධ වෛද්‍...

කියවන්න